Isnin, 7 Disember 2015

ලයිට් බාස්ගේ ඩිස්කෝ


මාතලේ රෝහලේදී සීමාවාසික වෛද්‍යවරු සාදයක් සූදානම් කලහ. මේ සඳහා ඩිස්කෝ ලයිට් අවශ්‍ය බව සමහර වෛද්‍යවරියන් කී නිසා ලයිට් බාස් කෙනෙකුට කියා පාට බල්බ් වැලක්ද එල්ලුවෙමු. ලයිට් බාස් රෝහලේ ලයිට් වැඩද කලේය​. ඔහු කඩුගන්නාව පැත්තේ අයෙකි. මැදි වයසේ සිටි බොනපාට් කෙනෙකි. ඔහු නිතරම සිටියේ බීමත්වය.

ඔහු සාදය ආරම්භ වන තෙක් ලයිට් වැල් අදිමින් අපට උදව් කල නිසා වෛද්‍ය සුජීව දහනායක විස්කි ටිකක් අසෝක වීදුරුවකට වත් කොට  ඔහුට දුන්නේය​. කලින්ම බඩේ තිබූ හැලි අරක්කු උඩට විස්කි ඉතා හොඳ බව සිතූ ඔහු එය එක පහරින් ගිල දමා කෙල පාරක් ගසා සර් තව ශොට් එකක් යැයි කීය​. මේ නිසා සුජීව ඔහුට තවත් විස්කි වීදුරු භාගයක් දුන්නේය​. ඉන් පැය භාගයකට පමණ පසු ඔහු යලිත් යාප්පු වී වෙනත් සීමාවාසී වෛද්‍යවරයෙකුගෙන් තවත් කාලක් ලබා ගන්නා ලදි. 

මේ වන විට මඳක් අඳුර වැටී සාදය පටන් ගෙන තිබුනි. රිද්මය සහිත ඩිස්කෝ සංගීතයට වෛද්‍යවරියන් කිහිප දෙනෙකු ඩාන්ස් කරමින් සිටියහ​. මේ අස්සේ පදමට වැදී සිටි ලයිට් බාස් ඔවුන් අතරට වැදී තම සරම මඳක් දණහිස ලඟට ගෙන අමුතු අන්දමේ ඩිස්කෝ නැටුමක් දමමින් සිටියේය​. සාදයට පැමිණ සිටි විශේසඥ වෛද්‍යවරු අන්දමන්ද වී සිටියහ​. 

මේ විකාර බලමින් ලයිට් බාස් ගෙන් මිදෙන්නේ කෙසේද යැයි අප දහ අතේ කල්පනා කරමින්   සිටින විට පේරාදෙනිය වෛද්‍ය පීඨයේ දුලිප් මෙන්ඩිස් ලෙස හඳුන්වන ධම්මික රත්නායක ආවේය.​අප ධම්මිකට අපේ ගැටළුව කීවෙමු. හරි අපි මේකට වැඩක් කරමු ඔහු කීවේය​. 

ධම්මික ලයිට් බාස්ට බෝතල පෙන්වා අතින් සන් කලේය. නටමින් සිටි ලයිට් බාස් වහාම ධම්මික වෙත දිව ආවේ තවත් විස්කි පාරක් අපේක්‍ෂාවෙනි. 

" බාසුන්නැහැ"  ධම්මික ඔහුව ඇමතුවේය​. "අපිට බෝතල් ටිකක් මදි පොඩ්ඩක් මේ මහත්තයෙක් එක්ක වාහනේ ගිහිල්ලා බෝතල් ටිකක් ගේනවද ?" 

ඔහු එක පයින් එයට එකඟ විය​. අපගේ වෛද්‍යවරු දෙදෙනෙක් ලයිට් බාස්ව වාහනයක දමාගෙන මාතලේ අලුවිහාරේ පැත්තට ගියහ​. ඉන් පසු එක් නිවසක් පෙන්වා එම නිවසට යන ලෙසත් එම නිවසට ගිය විට විස්කි බෝතල් තුනක් ලැබෙනු ඇති බවත් ඒවා වාහනය වෙත ගෙන එන ලෙසත් කීවේය​. 

ලයිට් බාස් වෙරි මරගාතෙන් අදාල නිවස දෙසට ගියේය​. ඒ අතරවාරයේ දොස්තරලා දෙන්නා වාහනය පණ ගන්වාගෙන හිමින් සීරුවේ යළි රෝහල වෙත පැමිණ සාදයට එක් වූහ​. ඉන්පසු ලයිට් බාස්ගේ කරච්චලයෙන් තොරව සාදය මධ්‍යම රාත්‍රිය වෙන තෙක් පවත්වන ලදි. 

පසුදා මටත් සුජීවටත් ලයිට් බාස් ඕවසියර් කාමරය අසල මුණ ගැසුනි. 

"අර මහත්තුරු දෙන්නා මට කොලොප්පමක් නේ කරලා තියෙන්නෙ "ඔහු කීවේය​. 

"ඇයි බාසුන්නැහැ මොකද උනේ ? අපි අැසුවෙමු. 

"මට විස්කි බෝතල් ගේන්න කියලා මාව යවලා තියෙන්නෙ ඇලික් අලුවිහාරේ මහත්තයගෙ බංගලාවටනේ" ලයිට් බාස් කීවේය.

අප දෙදෙනා සිනහ තද කර ගනිමින් වාට්ටුවට ගියෙමු. 



වෛද්‍ය රුවන් එම් ජයතුංග

39 ulasan:

  1. අයියෝ එහම නෙමෙයි ලගට කතා කරලා තව විදුරැ දෙක තුනක් බොන්න දුන්නානම්..කොල්ලා නැගිටින්නෙ හෙට උදේට..

    BalasPadam
    Balasan
    1. එතකොට ලයිට් බාස් නිදාගන්නේ කාගේ ඇඳේද ?

      Padam
  2. ඔව්වා පව් වැඩ!!

    BalasPadam
    Balasan
    1. ඇත්ත තමයි රූපේ ඒකාලේ විකල්ප තිබ්බේ නැහැ

      Padam
  3. හම්මෝ බෙහෙත් ගන්න යන්නත් බය හිතුනා...!

    BalasPadam
  4. දුකයි, ඔහොම සබ්බුවක් මටත් හම්බවෙලා තියනවා.

    BalasPadam
  5. බිව්වට ලොක්කට සිහිය තිබිලා තියෙනවා.. :)

    BalasPadam
  6. වෙලාවට ඕක මාතලේ තිබුනේ .. පාර්ටිය කැලණියේ තිබ්බනම් ලයිට් බාස් ගෙදරින් බස්සල විනාඩි දහය වෙද්දී පාර්ටිය සුං ..

    BalasPadam
    Balasan
    1. මාතලේ නිසානේ ඇලික් අළුවිහාරේගේ ගෙදරට ලයිට් බාස්ව බැස්සුවේ.. කැලණියේ උනානම් ලයිට් බාස්ව වාහනෙන් බස්සන්නේ මර්වින් සිල්වාගේ ගෙදරනේ.. එකයි..

      Padam
  7. Balasan
    1. පව් නං තමයි ඒත් පහුවදාට වෛද්‍යවරියන් ගේ බරයෙන් බේරෙන්නත් එපැයි

      Padam
  8. ලයිට් බාස් ලා දොස්තරවරු සමග ඩිස්කෝ එකේ නටන්නේ සෝවියට් දේශයේ හා එංගලන්තයේ පමණි. ඒ, ඒ රටවල ලයිට් බාස් ල සරම නොව කලිසම ඇඳ සිටින නිසා විය හැක.

    BalasPadam
    Balasan
    1. ඒකනම් එහෙමයි මෙහෙ ඒක ඉශූ එකක් වෙලා පැය 24 න්

      Padam
  9. දොස්තරලා අපිට කියනවා බොන්න එපා කියලා..

    ---------------------------------------------------

    දො - බොනවද..?

    ලෙඩා - අවුලක් නෑ බොනවනම් බොමු..

    ---------------------------------------------------

    බෝතලයක් ගෙනාවද?

    බෝතලයක්ම ඉනේ ගහගන්න බෑ නේ.. කාලක් නම් ගෙනාවා..

    BalasPadam
    Balasan
    1. දොස්තරලා කියන්නේ සීමා රහිතව බොන්න එපා කියලා..

      Padam
    2. ඕකනේ මාතා කොච්චර කිව්වත් අහන්නේ නෑනේ සීමා රහිතව බොන්න එපාය කියලා..!

      Padam
    3. ඒකනේ චෙෆකියෝ කියන්නේ සීමා රහිතව දෙන්න කියලා.. එක වෙස්සන්තර කෙනෙක් මදිවට දැන්...., කරතකොලොම්බු වෙස්සන්තර කෙනෙකුත් ඉන්නවනේ...

      Padam
    4. සීමාවාසික වුනාම හරි

      Padam
    5. පස්සේ "නේවාසික"වෙලා තමයි බෙහෙත් ගන්ට වෙන්නේ.

      Padam
  10. ඒළ කොල්ලෝ දෙන්නෙක් නොවැ......

    BalasPadam
  11. Your writing is excellent, but I feel it’s getting bored or common, We like to see from you more professional stores, I hope you will not get offend with me, It’s only what I feel.

    BalasPadam
  12. මෙන්ඩ කිව්වා වගේ ඔන්දස්පොට් වෙන්නම ගැස්සෙව්ව නං ඉවරයි නේ. එහෙම කොහොමද ඔන්ද ස්පොට් කරන්න නං තව බාගයක් වත් යයිනේ.. දොස්තරලා සෙට් එක පෙරේතයි නෙහ්??.. මොනා උනත් පව් වැඩේ...

    BalasPadam
    Balasan
    1. ඔන්දස්පොට් වෙන්නම ගැස්සෙව්ව නං අනෙක් එවුන් අපිව මරං කයි ගිලන්පස බාස්ට බෙදුවා කියලා

      Padam
  13. මමත් හිතන්නේ පහසුම වැඩේ තව ටිකක් දීලා කර්පට් වුනාම ඉස්පිරිතාලෙට ගිහින් බාලා ආවනම් ඉවරයි.

    BalasPadam
    Balasan
    1. එතකොට BHT එකේ භාරකාරයාට අත්සන් කරන්නෙ කවුද ?

      Padam
  14. ඩේලි බෙබලට තව 2කක් දුන්නට වැටෙන්නේ නෑ හැබැයි ඔය අතරට බියර් වීදුරුවක් හරි වයින් එකක් හරි දුන්න නම් මෑන් පහුවදටත් නිදියනවා සුවර්..

    BalasPadam
  15. කලවං කරලා හාන්සි කරන එක තමයි ලේසිම වැඩේ.. ඇණයක් වේගන එනව නම් ත්‍රයිලෝක විජිත පත්‍ර තමයි පිහිට.. දෙක අදිනකොට හාන්සි.අත්දුටුවයි.ප්‍රත්‍යක්ශයි..හෙහ් හෙහ්..
    ජයවේවා..!!

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook