Rabu, 23 Disember 2015

අප්පා උඹේ හොර දෙටුවා




අප්පා උඹේ හොර දෙටුවා 
පිස්තෝලෙන් වැඩ කෙරුවා 
කප්පම් ටික ගහ ගත්තා 
කොලොන්නාවම  කෑවා 

අම්මා හරිම කුණකටුවා
ගෙදර ඉඳන් බත් ඉව්වා 
ජනාධිපති උපදේශිකා කියා 
මරා ඉතින් පත් කෙරුවා 
ඒ හින්දා දුවේ නුඹට
මුළු ලෝකෙම දණ නමාවි......

කන්ද උඩින් මම යන්නේ
ඩිෆෙන්ඩරෙන් ගෙනියන්නේ 
පැහැරගෙනයි මේ යන්නේ 
මේසෙ උඩයි නඩු ඇහුවේ 

යහ පාලන මිනිසුන්නේ
බලාපියව් මේ කරුමේ 
මඟ බලමින් අර ඉන්නේ 
මාමා උඹේ බලපන්නේ.....

35 ulasan:

  1. අප්පාගේ පාරේ එපායැ දූත් යන්න..

    BalasPadam
  2. උස්සන පුරුද්ද කාවද කොහෙද කවදාද පටන් ගත්තේ රාවණ යත් උස්සන් පැහැරගෙනයි ආවලු නේ
    එහෙවේ එකේ ඇයි දැන් මේ කලබ ලේ
    දෙවන කැරැල්ලේදී අපේ විරු හමුදාවන් පැහැරගෙනයි ඉන්පස්සේ තග් හමුදාවන් පැහැරගෙනයි ඊට පස්සේ [රණවිරු ] සුදු වෑන් හමුදාව පැහැරගෙනයි දැන් ආයිත් මැර හමුදාවකින් පැහැරගෙනයි .......ඉතින් ඔහොම යන්...පැහැරගෙනම ඔහොම යන්....

    BalasPadam
    Balasan
    1. තුවාන් උස්මාන් ජාතියක්

      Padam
  3. මේ වගේ එකෙක් නොහිටියොත් කිසි ගතියක් නෑ අප්පා. ගිය ආන්ඩුවේ මර්වින්, මේ ආන්ඩුවේ හිරුනිකා.

    BalasPadam
  4. පට්ට සුපිරි කවිය. පොඩි කාලෙ ඉදන්ම පාතාල මැර ආභාශය නිසයි මෙහෙම වෙලා තියෙන්නෙ. ලකිය කරපුව එහෙමම හිරුනිකර්ට කරන්න බෑ. ලකියත් තුට්ටු දෙකේ මැරය මිස ජාතික දේශපාලනඥයෙක් නෙමෙයි. 1994 රැල්ලට මිස ඊට පස්සෙ කවදාවත් පාර්ලිමේන්තු ගියෙ නෑ. හිරුනිකර් මහා පොරක් මෙරුවෙ මීඩියා වලින්.

    BalasPadam
    Balasan
    1. ලකියත් තුට්ටු දෙකේ මැරය මිස ජාතික දේශපාලනඥයෙක් නෙමෙයි./////////හෙට අනිද්දා මෑන් ගේ පිලිරුවකුත් හැදෙයි

      Padam
    2. ලකියගෙ පිළිරුවක් ති‍ය‍ෙනව කොළොන්නාවෙ...

      Padam
    3. එහෙනං සොත්ති උපාලිගෙ පිලිරුවකුත් හදමු

      Padam
  5. භාරටහ් කියන්නේ පාතාලය කෙලින්ම දේශපාලනයට ගෙනාපු එකෙක්. ප්‍රේමේ ගාවත් සොත්ති උපාලිලා හිටියට උන් උන්නේ පැත්තක. භාරත කියන්නේ පාතාල ගෝඩ් ෆාදර් කෙනෙක්.. ඒ ඉට්ටැයිල් එකටම එයාට යන්න උනා.. මෙයත් එහෙමම යයි වගේ.

    මේ රට අනෙක් රටවලට වඩා ගොඩාක් වෙනස්. ඒ වෙනසට අපි ගරු කරන්න ඕන.

    BalasPadam
    Balasan
    1. මේ පාතාලය මැරුනට පස්සෙ ඌව වීරයෙක් කරපු මාධ්‍ය තමයි ඔක්කොටම හපන්. දුව දක්ෂ නිළියක් බව පෙන්නුවා. දැන් මේස උඩ නඩු අහන නඩුකාරියක් වෙලා.

      Padam
    2. මේවා මාධ්‍ය විසින් කරන ලද විනාශ

      Padam
  6. අපි හිතුවාට අාණ්ඩුව වෙනස් වුණා කියලා වෙනස් වෙලාම නැහැනේ බැලින්නං........ පාට වෙනස් වෙලා විතරයි...........

    BalasPadam
  7. වාවන්නෑ දෙයියනේ.... හැමෝම සුදු බබීට අනං මනං කියනවා.... ඔය කටවල් වහගනියව්.. නැත්තං එක එකා පෙති පෙති කපනවා දැනගනියව්.. පෙති පෙති කපනවා.. හ්හ්...ම්ම්..... ඇයි යකෝ..
    ජයවේවා..!!

    BalasPadam
    Balasan
    1. හිලේ බලේ හෙහ් හෙහ්

      Padam
    2. සුදු හමට මාර ඉල්ලුමක්නේ තියෙන්නේ.

      Padam
    3. අබුද්දස්ස කාලේ

      Padam
  8. මාත් සපෝර්ට් එක ගස් ලබ්බට, පවූඌ සුදු බබී..

    BalasPadam
  9. දෙයක් වේ නම් යම් සුදුස්සාටම අයිති විය යුතු

    Country has got what it deserves?

    BalasPadam
  10. රට කැරකෙන්නෙත් හුණු වටය දිගේමයි,,

    BalasPadam
  11. ඩොක්ටර්,

    මෙතුමියගේ පියත් පාතාලයට සම්බන්ධ පුද්ගලයෙක් "අවිගත්තෝ අවියෙන් ම නසී කිව්වා වගේ " ඔහුට පාරේ මියයන්න සිදුවුනා, මෙතුමියත් පියාගේ අඩිපාරේ තමයි යන්නේ, අපේ මිනිස්සු සීනිබෝල වලට හරි කැමතියි. මට වෙලාවකට හිතෙනවා මේ වරද ඇත්තේ නිදහස් අධ්‍යපනයේද කියල

    BalasPadam
    Balasan
    1. අපේ මිනිස්සු මෝඩයි තමන්ව පාලනයට පත් කරවා ගන්නේ නුසුදුස්සෝ

      Padam
  12. මේ පෙන්වන්නේ අධිකරණ අමාත්‍ය ධුරය සඳහා ඇති සුදුසුකම්.

    BalasPadam
  13. ලංකාවෙ දේශපාලනයට වීරවරියක්. මීළඟ පාර මනාප දෙයි හිටු ගාල .....මොකද ජනතාව කැමති මේ වගේ නායකයින්ට....

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook