Khamis, 31 Disember 2015

ඔටෝ ජිල්බාවා





නාලන්ද විද්‍යාලයේ  ගණිතය ඉගැන්වූ ගුරුවරුන් අතර ලොකු විතාන සර් ප්‍රධාන වේ. හත වසරේදී ඔහු අපගේ ගණිත ගුරුවරයා විය​. වරක් විතාන සර් ත්‍රිකෝණමිතිය පාඩමක් උගන්වමින් සිටියදී  මම ඉදිරි පේලියේ සිටි නයනප්‍රිය රත්නායකගේ පිටට  වරින් වර කවකට්ට තබා තද කලෙමි. නයනප්‍රිය ත්‍රිකෝණමිතිය පාඩමට කන් දෙන ගමන් වරින් වර පිටට ඇනෙන උල නිසා අපහසුවෙන් නලියමින් සිටියේය​. ලොකු විතාන සර්ගේ දෑස් ඉදිරි පෙළට යොමුවී තිබෙන නිසා ඔහුට පසුපස හැරී පිටට කව කට්ටෙන් අනින්නේ මොකාදැයි  බැලීමට අවකාශයක් නොවීය​.  

පිටට ඇනෙන වාරයක් පාසා ඔහු ගැස්සුනේය. මෙය මටත් මංගල දිසානායකටත් කදිම සෙල්ලමක් විය​. අපද පාඩමට ඇහුම්කන් දෙන බව පෙන්වමින් නයනප්‍රියව නැටවූයෙමි. එහෙත් හිටි හැටියේ කවකටුව තදින් පිටේ ඇනීම නිසා නයනප්‍රිය "උග්" ගෑවේය . ඒ සමගින් බඩුත් සමග හොරු හසු විය​. ලොකු විතාන සර්ගේ උකුසු ඇසට මා අත තිබූ කවකටුව හසු විය​. මෙහෙ වර ඔටෝ ජිල්බාවා ලොකු විතාන සර් මට සිතාසියක් නිකුත් කලේය​. මම කවකටුව මේසය මත තබා සෙමෙන් සෙමෙන් ලොකු විතාන සර් වෙත ගියෙමි. උගන්නන එක තේරුනාද ඔහු ඇසුවේය​. මම හිස සලා ඔව් කීවෙමි. මොනවද උඹට තේරුනේ ඔහු දුස්‍ රාවක් මා වෙත එවීය​. මම නිරුත්තර උනෙමි. මොනවද  තේරුනේ ඔහු යලිත් ඇසීය​. සර් උගන්නපු එක මම හීන් හඞින් කීවෙමි. මොකක්ද මම ඉගැන්නුවේ ඔහු  ඇසුවේය​. ෆ්ලැට් නියායෙන් බේරෙන්නට හැදුවත් එයට අවසරයක් නොවීය​. මට ටොක්කක් ලැබුණි. ගුටි ලැබුනද කොල්ලන් ගෙන් ඔටෝ ජිල්බාවා යන නම මට රෙජිස්තර නොවීම ගැන මා සතුටු වූයෙමි. 

28 ulasan:

  1. කැමතිනම් අපි ඒ නම පාවිච්චි කරන්නම් දොස්තර ජිල්බාවා

    BalasPadam
    Balasan
    1. අනේ එපා මෙන්න වැන්දා

      Padam
  2. සුභ නව වසරක් වේවා.................

    BalasPadam
  3. ඔටෝ ජිල්බාවාට සුබ නව වසරක් වේවා!

    BalasPadam
    Balasan
    1. ඔන්න නම මට රෙජිස්තර කලා ; කමක් නැහැ එසේම වේවා

      Padam
  4. සුබ නව වසරක් වේවා!!

    BalasPadam
  5. සුබ නව වසරක් වේවා ජිල්බු :D

    BalasPadam
    Balasan
    1. ඔබටත් එසේම වේවා පත්තරේ

      Padam
  6. මේ බ්ලොගට ඇවිල්ල කියවනකම් හිතන්න බෑ මොන වගේ දෙයක් ලියලද කියලා... පට්ටම විවිධත්වයක් තියෙන්නෙ.. ඒක හරි රහයි.. ඔටෝජිල්බාවා කිව්වා නෙහ්... හෙහ් හෙහ්
    ජයවේවා..!!

    BalasPadam
  7. ඩොක්ටර් ඔටෝ වොන් ජිල්බාවා... කිව්වම හරියට ජර්මන් වගේ. :-)

    අලුත් අවුරුද්ද සෑම අතින්ම සුභ වේවා ඩොක්ටර්...!!!

    BalasPadam
    Balasan
    1. එසේම වේවා ඩ්‍රැකී

      Padam
  8. සුභ නව වසරක් වේවා.

    සමරසේකර

    BalasPadam
    Balasan
    1. එසේම වේවා සමරසේකර මහත්මයා

      Padam
  9. සුබ නව වසරකක් වේවා.

    BalasPadam
  10. සුබ නව වසරක් වේවා.
    ඔහොම සෙල්ලං කරපු කීදෙනෙක් අද්‍යාපනය කඩාකප්පල් කරගන්ඩ ඇත්ද? බොහෝ ගම්බද පාසල් වල ඔවැනි සෙල්ලං කරන්නේ ඉගෙනීමට දුර්වල ළමුන්.

    BalasPadam
    Balasan
    1. අපේ පාසලේ හැම එකාම ඔයවගේ වැඩ කෙරුවා

      Padam
  11. ඩොක්ටර් රුවන්,

    සුභ අලුත් අවුරුද්දක් වේවා!

    BalasPadam
    Balasan
    1. ඔබටත් එසේම වේවා ලාංකික​

      Padam
  12. ස් නොවිම් ගොදම්!
    කොල්ලො ඒ නම රෙජිස්ටර් නොකළේ, ඒ වෙන කොට තිබ්බ නම ඊටත් හොඳ නිසා නේද?

    BalasPadam
    Balasan
    1. ස්පසීබා වම් තෝශේ : කොල්ලො ඒ නම රෙජිස්ටර් නොකළේ, ඒ වෙන කොට තිබ්බ නම ඊටත් හොඳ නිසා නේද? ////// ඒකත් වෙන්න පුලුවන්

      Padam
  13. මොකක්ද එැබෑටම ජිලිබාවා කියන එකේ තේරුම
    සුභ නව වසරක්

    BalasPadam
    Balasan
    1. ඩබ්.කේ , ඔටෝ ජිල්බාවා එකේ තේරුම දැනගෙන ඉන්න ඇත්තේ ලොකු විතාන සර් තමයි

      Padam
  14. I vouch for this.

    ...ඔටෝජිල්බාවාට නම් වැ‍ටුනේ අපිට ගනං උගන්නපු ලොකු විතාන සර්, අපි හැම එකාටම, කටට එන මොකක් හරි නමකින් ආමන්ත්‍රණය කරපු නිසයි. (මේකත් ඒ කාලෙට ගැලපුනාට, දැන් නම් කිසිසේත් නොකල යුතු වැඩක් )

    "ඒයි, ඔටෝජිල්බාවා!" කියන එක නිතර අහන්න ලැබෙන නමක් නිසා මම අලුත් පූසට දැම්මා ඒ නම්. නමුත් සම්පූර්ණ නම උච්චාරණය කරන්න අමාරු නිසා කාලයක් යනකොට 'ජිල්බාවා' හැලිලා මූ නිකම්ම 'ඔටෝ' වුනා. "අන්න ඔයාලැයි ඔටෝ අර කඩේ ලඟ හිටියා," කියලා අහල පහල කෙනෙක් කිව්වාම, අපි ඉන්න තැනම ඉඳන් "ඔටෝ-ටෝ-ටෝ-ටෝ-ටෝ-ටෝ-ටෝ-ටෝ-ටෝ" කියලා කෑ ගහනවා. මූ නැට්ට උස්සගෙනදුවගෙන දුවගෙන එන්නේ විදිල්ල වගේ. මුගේ නම මම බිත්තියේ රතු පැස්ටල් එකකින් ලොකු අකුරෙන් AUTOJILLBAVAH කියලා ලියලත් තිබ්බා.

    ඉතින් ගෙදර ඉන්නේ ඔටෝජිල්බාවායි මමයි විතරයි. මම තාත්තගේ මේසේ පෑඩ් එක උඩ තියාගෙන වෝක්ස්වාගන් බීටල් එකක් අඳිනවා. පූසා මේසේ යට දෙබොක්කාවේ. මම උගේ ඇ‍ඟේ කකුල් තියාගෙන ඉන්නේ. මට හිත එකඟකරගන්න අමාරු ගතියක් තියෙනවා...

    http://bluejeansntshirts.blogspot.com/2013/10/96-magic-label-old-arrack-everlasting.html

    BalasPadam
  15. අන්තිමට පූසටත් නම වැටුනා ඔටෝජිල්බාවා කියලා

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook