Khamis, 3 Disember 2015

අමතන්න (සීට් එක අස්සෙන් ) අමතන්න.......

 


එක්දහස් නවසිය අනූව දශකයේ අග භාගයේ මම පමුණුගම පර්‍යන්ත රෝහලේ වැඩ බලන ඩී.එම්.ඕ ලෙස සුළු කාලයක් සේවය කලෙමි. පමුණුගම පර්‍යන්ත රෝහල පිහිටා තිබෙන්නේ මීගමුවත් ජා ඇළත් අතරය​. එසේම පමුණුගම පොල් වතු වලින් පිරි සශ්‍රීක භූමියකි. වැඩ බලන ඩී.එම්.ඕ ලෙස මට එතරම් වැඩක් නොතිබුනත් ඖෂධ හා රෝගීන්ට අවශ්‍ය ආහාර අනුමත කිරීම සඳහා ලෙජර් පත් අත්සන් කිරීමේ කටයතු නොඅඩුව තිබුනේය​. මේ හැර සූතිකාගාරයට ගොස් සංකුලතාවන්   තිබූ දරු උපත් සිදු කිරීම සඳහා නවක වෛද්‍යවරුන්ට මා සහය දුනිමි. 

මෙම රෝහලේ එක් ගිලන් රථ රියැදුරෙක් විය​. ඔහු සංචාරක වෙලෙන්දෙකු සේ හිතවත් ය​. නමුත් ගල් ආඳෙකු බව රෝහලට ගිය මුල් දිනයේදීම මට වැටහුනේය​. 

වරක් ඔහු රෝගියෙකු ජාතික රෝහලට ගෙන ගොස් යළිත් පමුණුගම පර්‍යන්ත රෝහලට පැමිනෙමින් සිටියේය​. පෑලියගොඩදී එක් කොස්තාපල්වරයෙක් අත දමා ගිලන් රථය නවතා ඔහුව කඳාන පොලිසිය ලඟින් දැමිය හැකි දැයි අසා සිටියේය​. එක පයින්ම රාලහාමිගේ ඉල්ලීමට එකඟ වූ ගිලන් රථ රියැදුරා තම සහයකයා පිටුපසට දමා කොස්තාපල්වරයා රියැදුරු අසුන අසලින් ඉන්දවා ගත්තේය​. එසේම ඉතා හොඳින් රාලහාමි සමග සාමීචීයේ යෙදෙමින් රෝගීන් රහිත ගිලන් රිය ධාවනය කලේය​

කඳාන පොලිසිය  අසලින්ම ඔහු කොස්තාපල්වරයා  බැස්සවීය​. කොස්තාපල්වරයාද රියැදුරාට ඉස්තූති කලේය​. ඉන් පසු ඔහු ගිලන් රථය ඉදිරියට ධාවනය කලේය​. මඳක් දුර යන විට රාලහාමි වාඩිවී සිටි අසුනේ වෝකි ටෝකි යන්ත්‍රයක් තිබෙනවා රියැදුරු දැක්කේය​. මෙය රාලහාමිගේ සාක්කුවෙන් වැටුණු එකකි. මෙයට ලොබ බැඳි ගිලන් රථ රියැදුරු හෙමීට එය තම රියැදුරු අසුන යට සැඟවීය​. 

කඳාන පොලිසියට ගිය රාලහාමි වෝකි ටෝකි යන්ත්‍රය ගැනීමට සාක්කුවට අත දැම්මද වෝකි ටෝකි යන්ත්‍රය එහි නොවීය​. ඔහුට දෙලෝ රත්විය​. වහාම ජා ඇළ පොලිසියට පණිවිඩයක් දුන් හෙතෙම පමුණුගම රෝහල බලා යන ගිලන් රථයේ තම වෝකි ටෝකි යන්ත්‍රය වැටුනු බවත් වහාම ජා ඇළදී ගිලන් රථය නවතා වෝකි ටෝකි යන්ත්‍රය ලබා ගන්නා ලෙසට ඉල්ලීය​. 

ජා ඇළ පොලිසිය අසලදී රථවාහන පොලිසියේ නිලධාරීන් ගිලන් රථය නවත්වන ලදි. කඳාන පොලිසිය ලඟින් බැස්ස රාලහාමිගේ වෝකි ටෝකි යන්ත්‍රය දුටුවේදැයි රියදුරාගෙන් ඇසීය​. අනේ සර් එහෙම එකක් නම් දැක්කේ නැතැයි රියැදුරා හිස නවා කීවේය​. 

ගියේ මඳ වෙලාවකි ........අමතන්න ... කරුණකර අමතන්න ...... යනුවෙන් වෝකි ටෝකි හඞක් රියදුරු අසුන යටින් ආවේය​. රථවාහන පොලිසියේ නිලධාරියෙක් රියදුරු අසුන යටට අත දා වෝකි ටෝකිය  ගත්තේය​. රෝහලක් නිසාත් ගිලන් රථයක් නිසාත් පොලිස් නිලධාරීන් කේස් එක ඇද්දේ නැත​. නමුත් එදා සිට යමෙක් අමතන්න (සීට් එක අස්සෙන් ) අමතන්න කියා උක්ත රියැදුරාට කීවේ නම් ඔහුට උන්හිටි තැන් අමතක වන බව අනෙකුත් ගිලන් රථ රියැදුරන් පවසති. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග

18 ulasan:

  1. ඕක ගත්තයි කියලා මොකක්ද තියෙන වැඩේ?

    BalasPadam
    Balasan
    1. ඕක දෙන්නෙකු හෝ කීප දෙනෙකු කතා කරන වෝකි ටෝකි සෙට් එකකින් එකක් නොවෙයි, පොලිස් සංඛ්‍යාතවලට ඇහුම් කන් දිය හැකි එකක් නම්, සෙට් එක මියුට් කරලා හොඳ හොඳ කතා අහන් ඉන්න තිබුණා!

      Padam
    2. යන්ත්‍රයකට තියන ආශාව

      Padam
  2. පට්ටෙටම අමතන්න ඇති.. ඔහේලා වගේ ඩොක්ටර්ස්ලා නිසා ඔක්කෝටා බනින්නත් බෑ අප්පා...

    BalasPadam
  3. පොඩි ළමයි බයකරලා බත් කවන්න / නිදිකරන්න ලස්සන කතන්දරයක්.........ගිලන් රථ වල වෝකි ටෝකි සෙට් එකක් නැතිනම් එය අංග සම්පුර්ණ ගිලන් රථයක් ද නැතිනම් නිකම් වැන් එකක්ද ?

    BalasPadam
    Balasan
    1. අපේ කාලේ ගිලන් රථ වල වෝකි ටෝකි සෙට් තිබුනේ නැත​

      Padam
  4. නියම කථාව. රස වින්ඳා

    BalasPadam
  5. ඉස්සර වෝකි ටෝකි වලින් මොඋත්‍ර ලිංගික පද්දතියට හානි වෙනවා කියල මතයක් තිබුණ.

    BalasPadam
    Balasan
    1. ඒක ගැන නම් මම දන්නේ නැහැ

      Padam
  6. නියම කතාව ඩොක්ට, පමුණුගම වැඩ කරපු නිසා ඩොක්ට සිවරාජව දන්නවද දන්නෙ නෑ...

    BalasPadam
    Balasan
    1. ඩොක්ට සිවරාජව මම හොඳට දන්නවා අපේ හිටපු ඩීඑම් ඕ (මීගමුව මූ.රෝ) ජොලි පොරක් තමයි ලයන්ස් ක්ලබ් එකට මාව ගත්තේ ඩොක්ට සිවරාජ.

      Padam
  7. ගල් ආදෝ ප්‍රයෝජනවත් කොටසක්, බ්ලේඩ් කාරයෝ ගල් ආදන්ගෙන් තමයි වැඩ ගන්නේ, ගල් ආදාගෙන් වැඩ ගන්න අය හඳුනගෙන ඒ අයගෙන් පරෙස්සම් වෙන්න පුළුවන්.

    BalasPadam
    Balasan
    1. ගල් ආදාගෙන් වැඩ ගන්න අය හඳුනගෙන ඒ අයගෙන් පරෙස්සම් වෙන්න පුළුවන්.//// හොඳ නිරීක​්‍ෂනය

      Padam
  8. මොකද්ද කින්ද මන්ද වැඩක් නෑ.. උස්සනවා.තන්හාව සෝකයට මුලයි කියන්නෙ නිකන්යැ.. හෙහ් හෙ...
    ජයවේවා..!!

    BalasPadam
    Balasan
    1. මොකද්ද කින්ද මන්ද වැඩක් නෑ.. උස්සනවා./////ආයෙත් අහලා

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook