Jumaat, 25 Disember 2015

කොනක්කැපූ බණ්ඩාර



අද මෙන් එදා මුස්ලිම් සිංහල භේදයක්, නොතිබූ අතර මුස්ලිම් වෛද්‍යවරු සහ අප ඉතා සහෝදරත්වයෙන් කටයුතු කලෙමු. හලාවත රෝහලේ වෛද්‍යවරයෙකු වූ රිස්වි සැමදෙනාගේම මිතුරෙකි. නමුත් ඉඳ හිට අප රිස්විව බයිට් කලෙමු. නමුත් ඔහු ඒ ගැන උරණ වූයේ නැත​. 

වරක් නිර්වින්දන වෛද්‍යවරියක් වූ නන්දනී පුස්තකාලයෙන්  පොතක් ගෙනවිත් තිබුණි. එහි නම කොනප්පු බණ්ඩාරය​. මෙම පොත වෛද්‍ය ජගත් අරගෙන ගියේය​. මම ජගත් ගෙන් එය ඉල්ලාගත්තෙමි. මගෙන් එය වෛද්‍ය ඈපා ගත්තේය.මෙසේ පොත අතින් අත ගියේය.  පොත පුස්ථකාලයට දීමට ප්‍රමාද වන නිසා එය වහා ගෙනත් දෙන ලෙස නන්දනී ජගත්ට කීවේය​. ජගත් එය මගෙන් ඉල්ලීය මම එය  ඈපාගෙන් ඉල්ලුවෙමි ඈපා එය තවත් කෙනෙකුගෙන් ඉල්ලීය​, ඔහු එය තවත් කෙනෙකුගෙන් ඉල්ලීය​. මෙසේ පොත මහා රවුමක් ගොස් අවසානයේදී   රිස්විගේ අතින් පොත මතු විය​.

මේ ගැන වරක් අප ශල්‍යාගාරයේදී කතා කලෙමු.  කොනප්පු බණ්ඩාර පොත ගිය දුර ගැන කථා කරමින් සිටියදී ඈපා රිස්විව  කොනක්කැපූ බණ්ඩාර  ලෙස නම් කලේය​. රිස්විව ඊට කෝප ගත්තේ නැත​. එදා සිට රිස්වි කොනක්කැපූ බණ්ඩාර විය​. 

රිස්වි විවාහ විය ඔහු අප සියළුදෙනාට ආරාධනා කලේය​. විශේෂඥ ශල්‍ය වෛද්‍ය බී ජී එන් රත්නසේන මහතා සමග අප රිස්විගේ මගුලට ගියෙමු. එය  අප බොහෝ දෙනාගේ මුස්ලිම් විවහා මගුලකට ගිය ප්‍රථම අවස්ථාව විය​. ඉතා හොඳ යාලුවෙකු වූ රිස්වි පසු කාලයක ජයවර්ධනපුර රෝහලට මාරුවී ගියේය​. 

25 ulasan:

  1. අපේ අම්මාට එහෙම ඒ කාලයේ පුහුණුවක් දුන්නු දොස්තරලා කට්ටියක් අතරේ හිටපු දොස්තර ජෝඩුවක් මතක් වුණා...
    මම ඉපදෙන්ටත් ඉස්සර තිබිච්ච ඒ වැඩමුළුවේ අම්මාගේ සටහන් පොතක් මට හම්බ වුණා...
    මට හරියටම නම් මතක නෑ...
    මතක විදිහට නම්
    නවාස් ජිෆ්රි දොස්තරයි
    දමයන්ති ජයසූරිය නෝනායි...

    මම ඉපදෙන්ට ඉන්න දවස් වලත් අම්මාව බැලුවේ එයා ද කොහේදෝ...

    BalasPadam
    Balasan
    1. රිස්විගේ දරුවන්ට දාලා තියෙන්නේ සිංහල නම්ද? අරාබි නම්ද? උන් දෙවියන් විශ්වාස කලත් නොකලත් නමට හරි අදහන ආගම මොකක්ද?
      මුස්ලිම් වරු එක්ක කරන ගනුදෙනුවෙදි යාළු කම වෙනුවෙන් සිංහල ජාතියට පාඩුවක් වෙන්න ඉඩනොදිය යුතුයි.
      සමහර මුස්ලිම්වරු ඒකීය පුද්ගලයො හැටියට හොඳ වෙන්න පුලුවන් නමුත් ඔවුන් මුස්ලිම් වීමම වරදක්.
      මුස්ලිම් වරු සමඟ අනවශ්‍ය ගැටුම් හොඳ නෑ නමුත් ඔයවගේ කාරණා වලදී ජාතිවාදී වියයුතුයි. මුස්ලිම් මිනිහ ක්‍රිස්තියානි වැනි ආගමකට හරවා ගැනීමට උත්සාහ කිරීමත් හොඳ විසඳුමක්.

      Padam
    2. නමුත් ඔවුන් මුස්ලිම් වීමම වරදක්. //////මෙය සහාසික ප්‍රකාශයක් ; මම සිංහල වීම වරදක් ද ? එසේම රිස්වි මුස්ලිම් වීම වරදක් ද ?

      Padam
    3. හප්පේ ජගත් පතිරණ .ඒක භයානක කතාවක්. මුස්ලිම් වීමම වරදක්. නෑ එහෙම නෙවෙයි .අපි එකිනෙකා හදුන ගන්න මහන්සි වෙමු. ඒක හරිම චමත්කාරජනක දෙයක්.

      Padam
    4. අපි එකිනෙකා හදුන ගන්න මහන්සි වෙමු. ඒක හරිම චමත්කාරජනක දෙයක්.++++++

      Padam
    5. "අපි සියලුම දෙනා අඩු වැඩි වශයෙන් මානසික රෝගීන් වෙමු" යන ප්‍රකාශය ඔප්පු වෙනවා...

      Padam
    6. භයානක ප්‍රකාශයක්.ඇයි අපිට බැරිද අපේ එකිනෙකාගෙ වෙනස්කම් වලට එකිනෙකාගේ අනන්‍ය දේවල් වලට ගරු කරන්න

      Padam
    7. අපිට බැරිද අපේ එකිනෙකාගෙ වෙනස්කම් වලට එකිනෙකාගේ අනන්‍ය දේවල් වලට ගරු කරන්න//// ඒක අවශ්‍යයි

      Padam
  2. ගොයිගම තම්බියෙක් වෙන්න ඇති... මටත් ඉන්නවා හිතවත් ගොයිගම තම්බි කීප දෙනෙක්.. නැට්ට කොටාට වග කියන.. සංස්ථා ප්ලෙන්ටි බොන...

    BalasPadam
    Balasan
    1. සංස්ථා ප්ලෙන්ටි බොන...?????

      Padam
    2. නියම තම්බි නමරැකි
      නියම තම්බි ගති රැකි
      නියම තම්බි ජාන ඇති
      නියම තම්බියෙකි මාතලං සකි


      බෙරව නාමධාරී උවත් නියම පියාගේ ගතිලක්ශණ පෙන්වන මාතලංට මුස්ලිම් ජාතියේ උපහාරය

      Padam
  3. ලංකාවේ බෙදිලා හිටියට පිටරටදී එහෙම නෑ. දෙමළ ,මුස්ලිම් ඔක්කම යාළුවෝ මෙහෙ බෞව්ද්ද අය අඩුයි. මම විතරයි සිංහ ලේ,,,,හෙක් හෙක්....

    BalasPadam
    Balasan
    1. දෙමළ ,මුස්ලිම් ඔක්කම යාළුවෝ +++++++

      Padam
  4. හ්ම්................ඒ කාලේ හමුදා ගුවන්විදුලි පණිවිඩ හුවමාරු ජාලයේ ඔයවගේ කෙටි යෙදුම් තිබුනා. යම්කිසි ප්‍රදේශයක වැඩිපුර ඉන්නේ එක්තරා ජනවර්ගයක් නම්, ගුවන්විදුලි පණිවිඩ හුවමාරුවේදී කියනවා, ඒ පැත්තේ ඉන්නේ 'අග හිග' උදවිය කියලා. කාටවත් අපහාසයක් නැහැ.

    BalasPadam
  5. මොකද ඩොක්ට, අද අක්ෂර වින්‍යාසය අන්තිමයි. කතාව ලස්සනයි වාක්‍ය කැතයි.

    BalasPadam
    Balasan
    1. Halapaya vicharakage dutiya baara aran( sinhala baasava mala basaki,vasakakata ekathuvena aluth vachana sankayava keeyakda) PAUUU SINHA LEE.

      Padam
    2. අක්‍ෂර වින්‍යාසය වැරදි වචන:- බේධයක්, පුස්ථකාලය, විවහා, විශේසඥ, (නිවැරදි කිරීම:- භේදයක්, පුස්තකාලය, විවාහ, විශේෂඥ)

      වැරදි යෙදුම්:- අප කලෙමු. රිස්විව ඊට කෝප ගත්තේ නැත​. (අපි කළෙමු, රිස්විව නොව රිස්වි වියයුතුයි)

      Padam
    3. ඔන්න නිවැරදි කලා

      Padam
  6. මට උදව් කරන ප්‍රධානී එලී මාක්ගේ යහපත් ක්‍රියා පිළිබඳ මගේ සාක්ෂිය මෙයයි .... මම ඇමරිකා එක්සත් ජනපදයේ උතුරු කැරොලිනාහි Ear න් අර්නිස් ය. පසුගිය වසර 3 ක් තිස්සේ මා හැර ගිය මගේ ස්වාමිපුරුෂයා මෙම අක්ෂර වින්‍යාසයේ උපකාරයෙන් නැවත පැමිණියේය, අවසානයේදී මට මෙම පුද්ගලයාව බ්ලොග් අඩවියක දී මුණගැසුණේ එක් අයෙකුගේ උපකාරය සඳහා සේවාදායකයකු විසිනි, මම ඔහුට සියල්ල පැහැදිලි කළ අතර ඔහු මට ඔහු දන්නා අක්ෂර වින්‍යාසය සහ මගේ ගැටළු ඔහුට පැවසීම සඳහා අක්ෂර වින්‍යාසයට ලිවීමට ඔහු මට ඔහුගේ වට්ස්ඇප් එක ලබා දුන්නේය. සති 2 කින් මගේ ස්වාමිපුරුෂයා මා වෙත නැවත පැමිණියේය. මට මේ සත්‍ය සහ අවංක අක්ෂර වින්‍යාසයට ස්තූතියි කියන්න අවශ්‍යයි, සර් ඔබ මට කී සියල්ල ඉවරයි, ස්තූතියි සර්. කරුණාකර මට ඔවුන්ගේ ගැටලුවට විසඳුමක් සොයන සෑම කෙනෙකුටම පැවසීමට අවශ්‍යයි, මෙම අක්ෂර වින්‍යාසය කාරුණිකව විමසන්න, ඔහු සැබෑ ය, ඔහු බලවත් ය, අක්ෂර වින්‍යාසය කුමක් කීවත් සිදුවන්නේ කුමක් ද යන්න, මන්ද අක්ෂර වින්‍යාසය මට පැවසූ සියල්ල පැමිණියේය සමත් වීමට. ඔබට ඔහුව සම්බන්ධ කර ගත හැකිය: whatsapp + 2349015088017, විද්‍යුත් තැපෑල: markmonroy869@gmail.com

    BalasPadam
  7. මට උදව් කරන ප්‍රධානී එලී මාක්ගේ යහපත් ක්‍රියා පිළිබඳ මගේ සාක්ෂිය මෙයයි .... මම ඇමරිකා එක්සත් ජනපදයේ උතුරු කැරොලිනාහි Ear න් අර්නිස් ය. පසුගිය වසර 3 ක් තිස්සේ මා හැර ගිය මගේ ස්වාමිපුරුෂයා මෙම අක්ෂර වින්‍යාසයේ උපකාරයෙන් නැවත පැමිණියේය, අවසානයේදී මට මෙම පුද්ගලයාව බ්ලොග් අඩවියක දී මුණගැසුණේ එක් අයෙකුගේ උපකාරය සඳහා සේවාදායකයකු විසිනි, මම ඔහුට සියල්ල පැහැදිලි කළ අතර ඔහු මට ඔහු දන්නා අක්ෂර වින්‍යාසය සහ මගේ ගැටළු ඔහුට පැවසීම සඳහා අක්ෂර වින්‍යාසයට ලිවීමට ඔහු මට ඔහුගේ වට්ස්ඇප් එක ලබා දුන්නේය. සති 2 කින් මගේ ස්වාමිපුරුෂයා මා වෙත නැවත පැමිණියේය. මට මේ සත්‍ය සහ අවංක අක්ෂර වින්‍යාසයට ස්තූතියි කියන්න අවශ්‍යයි, සර් ඔබ මට කී සියල්ල ඉවරයි, ස්තූතියි සර්. කරුණාකර මට ඔවුන්ගේ ගැටලුවට විසඳුමක් සොයන සෑම කෙනෙකුටම පැවසීමට අවශ්‍යයි, මෙම අක්ෂර වින්‍යාසය කාරුණිකව විමසන්න, ඔහු සැබෑ ය, ඔහු බලවත් ය, අක්ෂර වින්‍යාසය කුමක් කීවත් සිදුවන්නේ කුමක් ද යන්න, මන්ද අක්ෂර වින්‍යාසය මට පැවසූ සියල්ල පැමිණියේය සමත් වීමට. ඔබට ඔහුව සම්බන්ධ කර ගත හැකිය: whatsapp + 2349015088017, විද්‍යුත් තැපෑල: markmonroy869@gmail.com

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook