Rabu, 23 Disember 2015

බැංකුවක් කැඩුවෙමි

 





මෙය පාපෝච්චාරණයක් නොවේ. එහෙත් මම සත්‍ය නොවලහා ප්‍රකාශ කල යුතුය​.මම සිටියේ ඉතා දුෂ්කර තත්වයකය​. එම නිසා මට වෙනත් විකල්පයක් නොවීය​. මම බැංකුව  කැඩුවෙමි. බැංකුවක් කැඩීම බරපතළ වරදකි.බැංකුවක් කඩා වසර දහයකට සිපිරිගෙට ගිය අයෙකු ගැන මා දනිමි. මම බැංකුව කැඩුවේ මාගේ පුද්ගලික අවශ්‍යාතාවක් සපුරා ගන්නට නොවේ. එහෙත් එය එසේ සාදාරනීකරණය කළ හැකිදැයි මම නොදනිමි. 

මේ කතාව අසා ඔබට මා වරදකරුවෙක්ද යන්න නිගමනය කල හැක​. මෙම සිද්ධිය අතීතයේ වූ සිදුවීමක් නිසා මම පොලිසියට බිය නොවෙමි.  මට නීති මගින් ක්‍රියා කිරීමට ඇති හැකියාවද අවමය. නමුත් මම සත්‍ය පවසමි. බැංකුව කැඩුවේ මාය​. ඒ මගේ අතින් සිදු වූ ප්‍රථම සහ අවසාන බැංකු කැඩීමයි. 

වේලාව අළුයම තුනට පමණ විය​. මුළු නගරයම සුවසේ නිදයි. අඳුර නිසා කිසිවෙකු දකින්නට නැත​. මගේ සහායකයා විදුළි පන් දමක් අල්ලාගෙන සිටියි. එම එළියෙන් මට බැංකුවේ දොරට දමා තිබෙන යකඩ ඉබ්බා පෙනෙයි. මම අතේ තිබූ යකඩයෙන්  ඉබ්බාට වේගවත් පහරක් දුන්නෙමි. රාත්‍රී නිහඞතාව බිඳ ගෙන විශාල ශබ්දයක් උත්පාදනය විය​. ආරක්‍ෂක නිලධාරීන් පෙනෙනෙ තෙක් මානයක නැත​. ඔවුන් නිදාගෙන හෝ නැතහොත් තම නිවෙස් වලට ගොස් තිබෙනවා විය හැකිය​. කිසිවෙකු පැමිනියේ නැත​. එම නිසා මට මානසික ඒකාග්‍රතාව තබා ගැනීමට හැකි විය​. 

මම යළිත් වරක් ඉබ්බාට වැරයේ පහර දුන්නෙමි. යලිත් වරක් අර දෝංකාර නාදය ආවේය​. පෙනෙන තෙක් මානයක කිසිවෙකු දකින්නට නැත​. මුළු මාතලේ නගරයම තද නින්දක ගැලී සිටියි. එම නිසා මම වැරයේ තවත් පහරවල් නොකඩවා එල්ල කලෙමි. අවසානයේදී ඉබ්බා කැඩී ගියේය​. මම සෙමෙන් සෙමෙන් බැංකුවේ දොර ඇරියෙමි.  මම බැංකුවේ බිත්තියක තිබූ ස්විචය ක්‍රියාත්මක කොට විදුළි බුබුල දැල්වූයෙමි. බැංකුව ආලෝකමත් විය​. 

මම බැංකුව පීරා මට අවශ්‍ය දේ සෙව්වෙමි. අවසානයේදී එය මට සමු විය​. ඉතා අනර්ඝ ඕ නෙගටිව් රුධිර ෆ්ලැකෝනය මා ඉදිරියේ විය මම එය අතට ගත්තෙමි.  රුධිර ෆ්ලැකෝනය අතට ගත් මා එක එල්ලයේම ශල්‍යාගාරයට දිව ගියේ අසාධ්‍ය රෝගියාට රුධිර පාරවිලනය කිරීමටයි. මගේ වෑයම නිසා රෝගියාගේ දිවි ගැලවුනේය​.

 ( 1994 වසරේ මාතලේ රෝහලේ ලේ බැංකුව භාර නිලධාරියා ලේ බැංකුවේ යතුර අමතක වීමක් නිසා ගෙදර ගෙන යන ලදි. රාත්‍රියේ රෝගියෙකුට රුධිරය අවශ්‍ය වූ අතර ලේ බැංකුවේ යතුර නොමැති නිසා ලේ බැංකුවේ දොර කඩා අවශ්‍ය රුධිර වර්ගය ලබා ගන්නා ලෙසට දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරියා මට උපදෙස් දුන්නේය​)

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

23 ulasan:

  1. ඒ රෝගියාගේ වාසනාවට ඔබ බැංකුව කැඩුවෙ. මම මේ පොලිසි යන්න හැදුවෙ.

    BalasPadam
  2. Balasan
    1. සිංහල බා ගනින්...

      Padam
    2. සිංහල බ්‍රා ගනින් කියලද කිව්වේ චෙෆාකි?

      Padam
  3. මට අපේ ආච්චි ඉන්නකොට කියන එකක් මතක් උනා සුදු පුතාට රත්නත්තරේ පිහිටයි, දේව ආරක්ෂාවයි'....ඔබ තුමාටත් එසේම වේවා.!

    BalasPadam
    Balasan
    1. ඔබ තුමාටත් දෙවි පිහිටයි

      Padam
  4. ඔහේ බැංකුව කියනකොටම මට මතක් උනේ ලේ..හැබැයි සිංහලේ නෙවී...!

    මා තලේ නේ...!

    BalasPadam
  5. ඔහේ මේවා ලියලා ෆෝම් කරලා බවලත් උදවිය ශුක්‍රාණූ බැංකු කඩයිද දන්නේ නෑ.. මා(තලන්) දැක්කා එවා ෆේෂල් එක මාර සවුක්ක සම්පන්නයි කියලා ආටිකොල් එකක්..

    BalasPadam
    Balasan
    1. ශුක්‍රාණූ ෆේෂල් බලන්න Ted part 2 ෆිල්ම් එක බලන්න

      Padam
  6. අපේ 'ලේ බොන්නා' දන්නවනම් එක්කගෙන යයි තැන් තැන් වල තියන ලේ බැංකු කඩන්න.

    වවුනියාවේදී මාව සාක්ෂියට තියාගෙන පතරොම් ගබඩාවක් කැඩුවා අදාළ නිලධාරියා යතුර දෙවැනියාට දෙන්න අමතකවී වෙනත් කඳවුරකට ගිහින් එන්න ප්‍රමාදවූ නිසා.

    BalasPadam
    Balasan
    1. විචාතුමාත් පතරොම් ගබඩා කඩලා තියනවා

      Padam
  7. පින් සිදුවෙන කැඩීමක්..!!
    කොන්දක් තියෙන ඩොකෙක්...!ආචාරය ඔබට.
    ගස්ලබ්බා ට්‍රේනිං ඉන්නකොට සයිට් ඔෆිස් එක කඩනවා හැමදාම හවසට.ලොක්ක අස්සං කොරලා ඉබ්බගෙ කොලෙයක් අලවලා යනවා.ගස්ලබ්බ ගම් වේලෙන්න කලින් ඔය කොලේ ගලවලා අතේ තියෙන පැකට් කරලා සීල් කරපු යතුර එලියට අරං ඉන්ටර්නෙට් යනවා ඇති වෙනකං.. ආයෙ අලවලා උදේට පරක්කු වෙලා ඔෆිස් එකට යනවා.. ඒත් ලොක්කා දවල් දවසෙ ආසාවට කොම්පියුටරේ අල්ලන්න දුන්නෙ නෑ කඩයි කියලා.හෙහ් හෙහ්...
    ජයවේවා..!!

    BalasPadam
    Balasan
    1. ලොක්කා කොම්පියුටරේ හිස්ට්‍රි චෙක් කලා නම් ගස් ඉවරයි

      Padam
  8. ඒ කියන්නේ...... නැතිවෙලා, නැති බන්ගස්ඨාන වෙලා , චෝර වෙලා කුජිතුවෙලා සල්ලි සතපහක්වත් නැතුව හොඳම එකෙන් නාට්ටන්වෙලා ඉන්න එකෙක්ට රුපියල් දෙතුන් දාහක් අරන් දෙන්න මහජන බැංකුවක් එහෙම කැඩුවොත් අව්ලක් වෙන එකක් නැද්ද ???
    අනේ මන්දා මට ඉතින් හිතුනොත් හිතෙන්නේ ඔයවගේ ගොන් කුජිත පස්නම තමයි
    මොකද මට තියෙන්නේ සිංහ ලේ නේ......

    BalasPadam
    Balasan
    1. නැතිවෙලා, නැති බන්ගස්ඨාන වෙලා , චෝර වෙලා කුජිතුවෙලා සල්ලි සතපහක්වත් නැතුව හොඳම එකෙන් නාට්ටන්වෙලා ඉන්න එකෙක්ට රුපියල් දෙතුන් දාහක් අරන් දෙන්න මහජන බැංකුවක් එහෙම කැඩුවොත් ///////////////////// පෝරියල් තමයි

      Padam
  9. රුසියාවේ වෙද සිසුවෙක් ලංකාවට නිවාඩු ඇවිත් කැම්පස් එකට ගෙවන්ඩ සල්ලි නැති නිසා බැංකුවක් කැඩුවා මතකද? ගිය අවුරුද්දේ හරි එපිට අවුරුද්දේ.

    BalasPadam
    Balasan
    1. ඔව් විභාග ගාස්තු ගෙවා ගන්න

      Padam
  10. මං හිතුව මහබැංකුව වත් ද කියලා?

    BalasPadam
    Balasan
    1. එහෙම වාසනාවක් කොයින්ද ?

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook