අපේ කාලයේ ගුරුවරු සමහරක් ළමයෙකුට දඞුවම් වශයෙන් පහර දීමට පෙර තාත්තාගේ රස්සාව මොකක්ද ? කියා විමසූහ. පියාගේ රැකියාව මත ගුටි වල තීව්‍රතාව රඳා පැවතුනි.
නිතරම වැරදි වලට අසු වන සකලසූරියගෙන් පියාගේ රැකියාව කුමක්ද යැයි විමසූ විට ඔහු සුපයිසර් කීවේය. සකලසූරියගේ පියා සේවය කලේ වරායේය. ඔහු වරායේ සුපවයිසර්වරයෙකි. වරක් නිශාන්ත නම් සිසුවාගෙන් පියාගේ රැකියාව ගැන විමසූ විට ඔහු කීවේ තාත්තා කොන්ත්‍රත් අල්ලනවා කියාය. මෙම කියමන කොල්ලන්ට මහත් විනෝදයක් විය. සමහරු කොන්ත්‍රත් එකේ කොතනින් ද උඹලගේ තාත්තා අල්ලන්නේ කියා විමසූ විට නිශාන්ත කෝප ගත්තේය.
පියාගේ රැකියාව ගුරු වෘත්තිය වැනි අහිංසක රැකියාවක් නම් ගුටි මුරයක්ම ලැබුණි. මුණසිංහගේ පියාගේ රැකියාව විමසූ විට තාත්තා බොරැල්ලේ හෝටලයක් කරනවා කියා කියූ නිසා උක්ත ගුරුවරයා මුණසිංහට ගුටි නොදී තරවටුවක් කොට වාඩි වෙන ලෙස කීවේය. ඇත්ත වශයෙන්ම මුණසිංහගේ පියා බොරැල්ලේ හෝටලයක් කලේය. හතර වසරේ සිටියදී මුණසිංහ දවල් කෑමට මාව පියාගේ හෝටලයට ගෙන ගියේය. එදා අප දෙදෙනා කහ බත් , එළු මස් සමග අනුභව කොට අතුරුපසට ලොකු අයිස්ක්‍රීම් එකක්ද කෑවෙමු.
පියාගේ රැකියාව පොලිසියේ , අධ්‍යාපන අමාත්‍යාංශයේ නම් ගුටි ලැබීම සාපේක්ෂ වශයෙන් අඩු බව අපට වැටහුණි. කාවින්ද ගේ පියාත් මවත් දොස්තරලාය. නමුත් කාවින්ද කලේ මැරෑටි වැඩය. මේ නිසා මනෝජ් නීලාංග කාවින්දට කවියක් කීවේය. එය මෙසේය ; අම්මත් දොස්තර තාත්තත් දොස්තර පුකේ පැලැස්තර ..... මේ කවිය ඇසූ කාවින්ද මනෝජ් නීලාංග පස්සේ පැන්නුවේය. (පසු කාලයක නීතීඥයෙකු වූ මනෝජ් නීලාංග එක්සත් ජාතික පක්ෂයෙන් බොරැල්ල ආසනයට ඉල්ලුවේය. වර්තමානයේ ඔහු ඕස්ටේරලියාවේ ජීවත් වෙයි).
වරක් එක් අහිංසක පහේ කොළුවෙක් වරදකට අසු විය. කොළුවාට වේවැල් පාර දීමට පෙර තාත්තාගේ රස්සාව මොකක්ද ? කියා ගුරුවරයා ඇසීය. අහිංසක වූවද කපටියෙකු වූ කොල්ලා තාත්තා පංචිකාවත්තේ කාර් පාට්ස් විකුණනවා කීවේය. ගුරුවරයාට සැකයක් ආවේය. කොල්ලාගේ පෙනුම අනුව ඔහුට පංචිකාවත්තේ ලක්ෂණ නොතිබුණි. ඔහුගේ පියා මධ්‍ය මහා විද්‍යාලයක ගුරුවරයෙකි. ගුරුවරයා කෝපවී උඹලා අපිව බය කරන්න හදනව නේද කියා තව වැඩිපුර වේවැල් පාර හත අටක් කොළුවාට දුන්නේය.

සැටිපිකේට් ඇත්ත.ඒ වගේම මැරෑටි අයියා කෙනෙක් එහෙම ඉඳලා තියෙනවා නම් මල්ලි නිකං හිටියත් ගුටි කනවා.හොඳ අයියා කෙනෙක් උන්න නම් මල්ලිට බේරෙන්න චෑන්ස් තියෙනවා.ඉස්කෝලෙටම සින්න වෙච්ච වාසගම් තියෙන කොල්ලො අමුතු අමුතු කටු කන්නෙ.. හෙහ් හෙහ්...
BalasPadamජයවේවා..!!
අමුතු අමුතු කටු කියලා වැඩක් නැහැ
Padamඋචිතයාගේ ජයගැනීම (උචිතෝන්නතිය /survival of the fittest )
BalasPadamඅපේ කඩප්පුලි සමාජයෙ කඩප්පුලි අධ්‍යාපන රටාවෙ කඩප්පුලි ගුරු සංස්කෘතියෙ වඩා සුරක්ෂිත වන උචිතයා තමයි යමක් කමක් කරකියා ගන්න පුලුවන් එකාගෙ දරුවා.ඌ ගුටි නොකා බේරෙනව. අනික කැපිල කෙටිල සුන්නද්දූවිලි වෙනවා. ඔබ බලවතෙක් වුනොත් ඔබේ දරුවා ගුටි නොකයි.
ඔබ බලවතෙක් නොවීමේ පාපයට දඩුවම් ලැබෙන්නේ ඔබේ දරුවාටය.
කාටත් හොඳ පාඩමක්. කසාද බදිනවනම් ළමයි හදනවනම් බලවතෙක් වෙන්න ඕන.
ඔබ බලවතෙක් නොවීමේ පාපයට දඩුවම් ලැබෙන්නේ ඔබේ දරුවාටය.++++++++
Padamඇත්තටම මේකේ ඇ ත්තක් තියනවා . මගේ ඉදිරියේ එන ලිපියක මෙවැනිම අත්දැකීමක් ලියන්න හිතනවා. රැකියාව නොවේ එන්නේ කොහෙද කියල අහල
BalasPadamආසයි කියවන්න
PadamHow discriminating. Even though most Sri Lankans think westerners discriminate, they have a much higher level of empathy.
BalasPadamwesterners have a much higher level of empathy//// its true
PadamWhat's even worse is that they don't even try to hide the favouritism.
Padamගුරුවරයාගේ නම පෙරේරාද? කොලඹ හතේ ප්‍රසිද්ධ විදුහලක ද?
BalasPadamනැහැ; මෙතන එක්කෙනෙක් නෙවෙයි කීප දෙනෙක් හිටියා
Padamඔය කතාව සහතික ඇත්ත... ලමයි ගොඩදානවට වඩා ලමයින්ගෙ අඩුපාඩු වැරදි අක්මුල් එක්ක හොයන ගුරුවරු තාමත් ඉන්නව.. වැරැද්ද නිවැරැද්ද හොයද්දි ජන්මය, පවුල් පසුබිම, තාත්තගෙ රක්ශාව බලල දඬුවම් දෙන ගුරුවරු... ගුරුවරයා ගමේම උනොත් බඩුම තමා..
BalasPadamගුරුවරයා ගමේම උනොත් බඩුම තමා.+++++++++++++
Padamමාත් මේ කල්පනා කලේ, මගෙනුත් ඔහොම අහලා ගහලා තියනවා. ඒ කාලේ තාත්තා වැඩ කලේ CGR එකේ. එහෙම කියපුවහම "එහෙනං තෝ ලොකු වෙලා ගිහින් කෝච්චි පෙට්ටි ගණං කරපං" කියලා ගැහුවා. 'දැනටත් කොච්චියක් යනකොට පෙට්ටි ගණං කරනවා' කියලා කියන්න හිතුණත්, තව ගුටිකන්න වෙයි කියලා හිතලා නිකං හිටියා.
BalasPadamමගෙනුත් ඔහොම අහලා ගහලා තියනවා//////////////////// පොදු සාධකයක්
Padamතාත්තා ට අම්මලා ගේ විභාගය ලියන්ට බැරි වෙලා තියෙන්නේ ඔය වගේ දෙයක් නිසා තමයි...
BalasPadamඒ සිද්ධියට සම්බන්ධ ගුරුවරිය මැරෙණ කම් තාත්තා එයා එක්ක කතා කරලා නෑ...
පාරේ තාත්තා යන පැත්තෙන් එයා ආවොත් තාත්තා අනික් පැත්තට මාරු වෙලා තමයි ගමන ගියා කියන්නේ...
සමහර ගුරුවරු මරුවෝ වගේ
Padam80 දශකයේ ලංකාවේ පළමු පෙලේ රජයේ පාසලක සිදුවූ සත්‍ය සිදුවීමක්. ගුරුන් 300 පමණ අප පාසලේ සේවය කළේය . අප උසස් පෙළ පන්තිවලය. ගුරුවරයකු පැමිණ නැති අවස්ථාවක පාඩමක් කිරමට පැමිණි ගුරු හොරක් අප පන්තියේ සිසුන්ගෙන් මෙවැනි ම ප්‍රශ්නයක් ඇසිය.
BalasPadamතාත්තා කොහෙද වැඩ කරන්නේ කියා එක පෙලට සැම සිසුවෙකුගෙන අසාගෙන අසාගෙන ආවේය ඇමති වරු ඉන්ජිනේරු දොස්තර, මහා චාර්ය , පොලිස්/හමුදා ඉහළ නිලයන් දරන දෙමව්පියන් වගේම සාමාන්‍ය රැකියා කරන බිස්නස් කරන, ගම්බදින් පැමිණි රජයේ සහ පෞද්ගලික ආයතන වල සුළු රැකියාවක් කරන දෙමව් පියන්ගේ ළමුන්ද අප අතරය. අප ඔවුන්ගේ දෙමව්පියන් කුමන ආයතනවල ප්‍රධානින් බව දැනගත්තේ පුවත් පත්වල පලවන ලිපි මගිනි
එක මිතුරෙකුගේ මේ සේ ඇසුකල ඔහු කිවේ පියා වැලිකඩ මැගසින් එකේ කියාය . ආ එහෙනම තාත්තා චිෆ් ජේලර් හරි ප්‍රිසින් ඩිරෙක්ට්ටර් කෙනෙක් නේද කියාය ඇසීය. අපොයි නැ එයා මාස 6 කට ඇතුලට ගියා මේ පොඩි ඩප්පි කෙස් එකකට
එවලේමඒ ගුරු හොරා පන්තියෙන් ගියා ගියාමය නැවත අප පන්තියට කවරදාක්මත් පැමිණියේ නැත
එයා මාස 6 කට ඇතුලට ගියා මේ පොඩි ඩප්පි කෙස් එකකට///////////// කොල්ලා නියමට දීලා තියනවා
Padamඒ අතිං මං ගිය ඉස්කේලෙ ගුරුවරු රත්තරං.
BalasPadamඅපේ කාලෙ ඇඩ් එකක් තිබ්බ පොඩ්ඩක් වෙනස් කරලා:
“කාල බලන්නේ - කාල බලන්නේ
පෙරේරාගෙ කණේ පාර කාල බලන්නේ...“
කණේ පාර නිසා බිහිරි බව ඇති විය හැකියි
Padamමාතෘකාව දකිද්දීම පරණ කතාවක් මතක් උනා.. අපේ අම්මගේ තාත්තා වැඩකරලා තියෙන්නේ 'ඌව හොටෙල්' එකේ මුදලාලි ළඟ.. වතාවක් මුදලාලි එක්ක හිත අමනාපයක් වෙලා සීයා එතනින් ටික කාලෙකට අයින් වෙලා ඉන්න ගමන් කම්කරුවෙක් විදියට කොහෙද වැඩට ගිහින්. මුල් දවසෙම ඇවිත් අතපය වල තෙල් ගගා අත ගානවලු .. එතන තිබිලා තියෙන්නේ පස් කපන්න. පස් කපන්න ගන්න ආයුදයක් තියෙනවා pickaxe කියලා.. ඕකට කියන්නේ පිකස් ගහනවා කියලා.. සීයාගේ රස්සාව ගැන ඒ කාලේ අම්මට ඇහිලා තිබිල තියෙන එකම වචනේ ඔච්චරයි. දවසක් ඔය වගේ ඉස්කෝලෙදි ගුරුවරයෙක් අම්මගෙන් අහලා 'තාත්තගේ රස්සාව' ගැන. අම්ම ගත කටටම කියුවලු පිකස් ගහනවා කියල.. මුළු පන්තියටම හිනා ලු.
BalasPadamගුරුවරුන්ගේ ඔය වගේ සමහර මෝඩ වැඩ නිසා ළමයි ගොඩක් වෙලාවට අසරණ වෙනවා. ළමයාගේ පෞරුෂත්වයට එක ලොකු බලපෑමක්. අවාසනාවට අපේ රටේ අධ්‍යාපන මනෝ විද්‍යාව කියන්නේ ගුරුවරුන්ට ඉගෙන ගන්න තියෙන විෂයක් විතරයි.
ගුරුවරුන්ගේ ඔය වගේ සමහර මෝඩ වැඩ නිසා ළමයි ගොඩක් වෙලාවට අසරණ වෙනවා.++++++++++++++++
PadamමිගාරDecember 23, 2015 at 7:54 AM
BalasPadamඔය ඩොක්ට කියන එක මුලින් පාවිච්චි කලේ දොස්තරල විතරයි. ඒ තම්න් කරන් කාර්යයේ විශාරද භාවය පෙන්වන්න. පස්සේ පස්සේ විද්‍යා විශාරද, දර්ශන විශාරද වගේ උපාධි ආවාම සම තත්වයේ තියන්න ඒ අය "ඩොක්ටර්" කෑල්ල පාවිච්චි කරන්න ගත්තා. දැන් "විශාරද" උපාධි තියෙන්නේ මුල්ලික වෛද්‍ය උපාධියට ඉහළින්. කාලය වෙනස් වෙලා නෙවැ? ඒ නිසා අපි කැමති වුණත් නැත්ත් මූලික වෛද්‍ය උපාධිය තියෙන අයට "ඩොක්ට" තමයි. සිංහලෙන් නම් මේ ගැන වැඩි ප්‍රශ්නයක් නෑ, මොකද "වෛද්‍ය" සහ "ආචාර්ය" කියල යොදන නිසා
http://badamama.blogspot.ca/2015/12/doctor-mervyn.html
Padamඩොක්ට යනු ලෙඩුන් සුවපත්කරන්නා යන අරුත ගෙන දෙයි
PadamNot necessarily, it has many meanings and not exclusive to physicians.
Padamagree
Padamසහතික ඇත්ත
BalasPadam++++++++++++++
Padamඇත්ත .ඒ ගැන අත්දැකීම් ඕන තරම් .
BalasPadamthanks teacher
Padamගුරුවරුන්ගේ සහ විදුහල්පති වරුන්ගේ ගොබ්බ වැඩ ගැන නම් පොත් ගණන් ලියන්න පුළුවන්. සමාජයේ මොඩලයක් විය යුතු පාසල් පද්ධති අරා සිටින මොවුන්ගෙන් වැඩි වශයෙන් සිදුවන්නේ හානියක්. උදාහරණයක් ලෙස පාසල්වල නිවාසාන්තර ක්‍රීඩා වලදී මුලින්ම විනය කඩන්නේ ගුරුවරු. (වැඩි වයස්වල ළමුන් අඩු වයස් ඛාණ්ඩ වලට දමා ජයග්‍රාහකයන් කිරීම. විනිශ්චය මණ්ඩල තීරණ වලට එරෙහි වීම වැනි දෑ)
BalasPadamඅධ්‍යාපන චාරිකා වලට අසරණ ළමුන්ගේ මුදලින් තමන්ගේ පව්ලේ අයව රැගෙන යාම හා තමන්ගේ බැඳුනු වගකීම වන ළමුන් ගැන නොසොයා තමන්ගේ පව්ලේ අය ගැන පමණක් සොයා බැලීම. තමන්ගේ ගෙදර ලඟටම බස් එක ගෙන්වා ගැනීම. තවද ......................
true
Padamමන් පොඩි කාලේ ගිය ගමේ ඉස්කෝලේ ගණිතය උගන්වපු ගමේම ගුරුවරයා මතක් වුනා..ගමටම පිළිලයක් මෙන් අන් අයගේ ඉඩ කඩම් නැති බැරි වෙලාවේ තුට්ටු දෙකට මිලට ගනිමින්, වත්ත වටා වැට සතියකට දෙකකට වරක් නැවත හදමින් මායිම වෙනස් කරමින් ජ්වත් වුනු මේ ගණිත ගුරුවරයා තමන්ට ගමේදී කර ගන්නට බැරි යමක් ඇත්නම් ඒ වාඩුව පාසලේදී ළමයින්ගෙන් ගැනීම ගමේ ප්‍රසිද්ධ දෙයක්. තඩි පොල්ලකින් පිට මැදට පත බෑම හැරුණු විට දෙමව්පියන්ගේ රැකියා කුල මල කියමින් ළමයින්ට මානසිකව ඊට වඩා රිදුම් දෙන හානි කල මේ පුද්ගලයා වෙනුවෙන් කිසි කලෙක චෝදනාවක් වත් පාසලට කරන්නට ගමේ අය පෙළඹුනේ නැහැ. ඒ අදවගේ ගුරුවරුන් දන ගස්සවන්නට ඒ කාලේ දෙමව්පියන්ට හැකියාවක් නොතිබුන නිසා.
BalasPadamපෞද්ගලිකව මේ ගුරුවරයා මා හට විසාල වැරද්දවිමක් කර ඇත. මං අකුරු ලිවීමට, තනිව ආහාර ගැනීමට පටන් ගත් මුල් කාලයේ වමත භාවිතා කර ඇත. මේ ගුරුවරයා මගේ නිවාස ලඟම සිටි අසල්වැසියා වූ නිසා මගේ පියා මේ ගැන විමසු විට ඔහු පවසා ඇත්තේ බලෙන්ම මා දකුණතට හුරු කරවිය යුතු බවයි. මෙහි ප්‍රතිපලයක් ලෙස මා අදටත් සැමගේ හාස්‍යයට සිනාවට ලක්වන අරුම පුදුම ජීවියෙක් බවට පත්ව තිබේ. අකුරු ලිවිම සහ කෑම ගැනීම හැර අනෙක් සියලු කටයුතු මා කරන්නේ වමතිනි.
ලෝකයේ වමතින් ලියන හුඟක් අය ඉන්නව. ගුරුවරයාගේ නොදැනුවත්කම තමයි. මගේ දුවත් වමතින් ලියන්නේ. කිසිම ප්‍රශ්නයක් නැහැ.
Padamstupid teacher
Padam