Isnin, 14 Disember 2015

එංගලන්තයේ සුද්දියෙකුට පෙම් කලෙමි


මුලින්ම එංගලන්තයට යන විට මගේ වයස අවුරුදු විසි එකකි. එවකට අවුරුදු විසි එකක නාඹර තරුණයෙකු වූ මම සාජන්ට් නල්ලතම්බි මෙන් ආදරයට කෝඩුකාරයෙකු ( කෝටු කෑලි ?) වූයෙමි. එවැනි තත්වයක් යටතේ ලන්ඩනයේදී මට ලොරේන් හමු වේ. ලොරේන් අවුරුදු විස්සක අයිරීෂ් ජාතික තරුණියකි. එම නිසා ඇයගේ අයිරීෂ් උරුවට  කතා කරන ඉංග්‍රීසි වලට හුරු වීමට මට දින කීපයක් ගත විය​. 

ආදරය කරන්නේ එම් ජී ආර් මෙන්ද ගාමිනී ෆොන්සේකාසේ ද නැතහොත් ජෝන් ට්‍රැවොල්ටා වාගේද කියා හරි හැටි තේරුම් බේරුම් කර ගැනීමට බැරි වූ මා ලොරේන් ඉදිරියේ මුහුණ දුන්නේ අමුතුම හෙයියම්මාරුවකටය​. කෙසේ නමුත් සුදු තරුණිය ඉදිරියේ ගමයෙකු නොවී ලන්ඩන් ජෝන් සේ රඟපෑමට මට සිදු විය​. 

ඒ කාලයේ ජෝජ් මයිකල් , බෘස් ස්ප්‍රිංස්ටීන් , ෆිල් කොලින්ස් , යනාදී ගායකයන් ගේ ගීත ජනප්‍රියව තිබූ යුගයකි. අප පොප් සංගීතය ගැන කතා කලෙමු. අතිනත අල්ලාගෙන බ්‍රික්ස්ටන්, ඔක්ස්ෆඩ් ස්ට්‍රීට් , වෝල්තෙම්ස්ටෝ සෙන්ට්‍රල් මාවත්හි සැරිසැරුවෙමු. හයිඩ් පාක් එකේ ඇවිද්දෙමු. බඩගිනි වූ විට ලාබෙට මිල්දී ගත හැකි ෆිශ් ඇන්ඩ් චිප්ස් හෝ හැම් බර්ගර් ගිල දැමුවෙමු.එක් දින පාස් දෙකක්  මිලට ගෙන  ඩබල් ඩෙකර් බස් වල උඩ තට්ටුවේ  ගමනාන්තය වෙන තෙක් ගියෙමු. අප දෙදෙනා වැඩි වශයෙන් කතා කලේ පොප් සංගීතය ගැනය​. 



ඔක්ස්ෆඩ් ස්ට්‍රීට් හෙවත් ඔක්ස්ෆර්ඩ් වීථිය ගැන කතා කිරීමේදී මට සංගීත කඩ මතක් වේ. ඒ කාලයේ සී.ඩී නොතිබුනේය​. තිබුනේ කැසට් සහ තැටි හෙවත් රෙකෝඩ්ස්‍ ය​. රෙකෝඩ්ස්‍ වල මිල අඩුය​. වරක් අප ඔක්ස්ෆර්ඩ් වීථියේ විශාල  සංගීත සාප්පුවක​ට ගියෙමු. පොප් ඉතිහාසය පටන් ගත්දා සිට ඊයේ දිනයේ ටොප් ඔෆ් ද පොප්ස් චාට්ස් වලට පැමිණි සෑම ගීතයක්ම  එහි තිබුනේය​. ඕනෑම ගායෙකයෙකුගේ/ ගායිකාවකගේ / සංගීත කණ්ඩායමක ගීත ඇල්බම් තිබුණි. එසේම එම ගීත වලට සවන් දීමට ඉතා විශිෂ්ඨ කොලිටියේ  සවුන්ඩ් සිස්ටම් එම සාප්පුවේ විය​. තමාට අවශ්‍ය ගීත ඇල්බමයට සවන් දී කැමති නම් එය මිලදී ගැනීමේ පහසුකම මෙම සාප්පුවේ තිබූ නිසා මම  හිතේ හැටියට එකල ලංකාවට පැමිනි තිබුනේ නැති ගීත ඇල්බම් ශ්‍රවණය කලෙමි. 


මම පින්ක් ෆ්ලොයිඩ් වෝල් ගීත ඇල්බමය විශිෂ්ඨ ශබ්ද කොලිටිය යටතේ ශ්‍රවණය කලෙමි. අප සාමාන්‍ය තත්ව යටතේ සවන් දෙන විට නොඇසෙන පසුබිම් සංගීතය එහිදී මට අැසුනේය​. එසේම ඒසී ඩීසී , ජෝජ් බෙන්සන් , ඇලිස් කූප , ඉයන් ගිලන් යනාදීන් ගේ නව ගීත මම නොමිලේ ශ්‍රවණය කලෙමි. අවසානයේදී ලොරේන් ඇයට තම ඥාතීන් හමු වීමට ඩොලිස් හිල් වෙත යාමට තිබෙන බව කීමෙන් මගේ සංගීත ලෝකයේ සවාරිය අවසන් විය​. 

බොහෝ වේලාවක් නොමිලේ සංගීතය ඇසූ නිසා එයට හිලව්වක් ලෙස මම එම සාප්පුවෙන් වයිට් ස්නේක් රොක් සංගීත කණ්ඩායමේ නවතම ඇල්බමයක් මිලදී ගත්තෙමි. ලොරේන් U 2 සංගීත කණ්ඩායමේ ඇල්බමයක් මිලදී ගත්තාය​. පසු කාලයක U 2 සංගීත කණ්ඩායම අයිරීෂ් ගරිල්ලන් සමග සබඳතා පවත්වන බවත් ඔවුන්ට මුදල් වලින් ආධාර කරන බවත් මම ඇසුවෙමි. නමුත් එදා අයිරීෂ් ජාතික ලොරේන් U 2 සංගීත කණ්ඩායමේ ඇල්බමයක් මිලදී  ගැනීම මට අමුත්තක් නොවූයේය​. 

කෙසේ නමුදු අප සංගීත සාප්පුවෙන් එලියට විත් මැක්ඩොනල්ඩ් අවන්හලකින් දිවා ආහාරය ගත්තෙමු. ඒ කාලයේ ලංකාවේ මැක්ඩොනල්ඩ් අවන්හල් නොවීය​. දිවා ආහාරයෙන් පසු අප ටියුබ් ස්ටේ‍ෂම වෙත ගියෙමු. ලොරේන් මට සමු දී ඩොලිස් හිල් කරා ගියාය​. මම වෝල්තෙම්ස්ටෝ සෙන්ට්‍රල් වෙත ගියෙමි.


මෙලෙස ටික කාලයක් පුරා දිව ගිය මගේත් ලොරේන්ගේත් පෙම් කතාව අවසානයේදී ස්වභාවික මරණයකට ලක් විය​.  එම නිසා අප දෙදෙනා විරහා වේදනාවෙන් කවි ලිවේ නැත​. එය ජීවන අත්දැකීමක් වූයේය​. 

අපේ කාලයේ පිටරට යන තරුණයෙකුට වැඩිහිටියන් දුන් අවවාදයක් නම් පිටරට ගියාට සුද්දියෙක් කරේ එල්ලගෙන ලංකාවට එන්න එපා කියාය​. ලංකාවේ  තරුණයෙකු හා එංගලන්තයේ සුද්දියෙකු අතර ආදර සම්බන්ධයක් පිළිබඳ කතාවක් මා කියවූයේ ශ්‍රියා රත්නාකරගේ හම සුදු නිසා නවකතාව හරහාය. එහි අවසානය ඛේදාන්තයකි.  

එක්දහස් නවසිය හැත්තෑ ගනන් වල මගේ දුර ඥාතියෙකු වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා  එංගලන්තයට ගොස් සුදු කාන්තාවක් විවහා කරගෙන ආවේය​. සිංහලකමට මුල් තැනක් දුන් ඔහුගේ පියා අධික කළකිරීමට පත් විය. ඔහුගේ මරණය සිදුවන්නේත් මේ කළකිරීම උඩය​. අද කාලයේ ඟාතීන් අතර මේ අනවශ්‍ය සිත් තැවීම් නොමැතිව ජාතීන් අතර අන්තර් විවහා සිදුවේ. එහෙත් ඒ කාලයේ මගේ යටි සිතේ මේ  කතන්දර තැත්පත්ව තිබෙන්නට ඇත​. එම නිසා එම ආලය ඉක්මනින් ස්වභාවික මරණයකට ලක් වූවා විය හැක​. 

45 ulasan:

  1. ෂාහ්..................නොම්මර එකේ ප්‍රේම වෘතාන්තයක්නේ. මේ අදහස ගීත රචකයකුට දුන්නානම් ලස්සන ගීතයක් මැවෙයි.

    මෙවැනි සිදුවීම් වලින් පෙරදිග බටහිර වෙනස පෙනෙනවා නේද? අපි ආදරය කරනවා නම් ආත්මයම පූජා කරලා ආදරය කරනවා. නමුත්, ප්‍රේම සම්බන්ධයක් නොවන, තරුණ වයසේ ගැහැණු පිරිමි මිත්‍ර සම්බන්ධතා පවත්වාගෙන යන්නට, අපේ කාලයේදී නොයෙකුත් සමාජ තහංචි තිබුනා. අද අපේ රටේ තරුණ පරපුර අවබෝධය, නිදහස, අතින් එදාට වඩා දියුණුයි වාසනාවන්තයි. හැබැයි අපි තවමත් සාමාන්‍ය ගැහැණු පිරිමි මිත්‍ර සම්බන්ධතාවක් දෙස බලන්නේ විවිධ දෘෂ්ටිකෝණ වලින්. මහමග නිදහසේ යන තරුණ යුවලකට පොලීසියෙන් පවා කෙනෙහිලිකම් ලබන තත්වයක් තවමත් අපේ රටේ තියනවා.

    BalasPadam
    Balasan
    1. මහමග නිදහසේ යන තරුණ යුවලකට පොලීසියෙන් පවා කෙනෙහිලිකම් ලබන තත්වයක් තවමත් අපේ රටේ තියනවා/////// මෙය පර පීඩක කාමයයි

      Padam
  2. U-2 ළඟදී මතක් වුනේ රසිකගේ Don't let the bastards grind you down පෝස්ට් එක කියෙව්වහම.

    BalasPadam
  3. ශහ් ලස්සන කතාවක්. ප්‍රේම කතාවක් වෙන්න තිබුන කාලය වගේ දේවල් අදාල නැහැ. මේ වගේ අහිංසක ප්‍රේම කතා තමයි හරිම ලස්සන (Should translate and beautiful relationships )

    BalasPadam
    Balasan
    1. should translate as 'beautiful relationships'

      Padam
    2. ලස්සන ප්‍රේම කතාවක් වෙන්න තිබුනා

      Padam
  4. සින්දු ගැනත් කතා කරපු හින්ද අහන්නෙ. රොක් අැහුවම සමහරුන්ට අවුල් යනව කියනව එ් අැත්තද doctor ? :)

    BalasPadam
    Balasan
    1. මොන පිස්සුද මම මෙට්ල් හිටන් අහනවා

      Padam
  5. First love+ irish accent= double trouble he he. Once you get the hang of it, it's a really beautiful accent.

    BalasPadam
  6. \\මම පින්ක් ෆ්ලොයිඩ් වෝල් ගීත ඇල්බමය විශිෂ්ඨ ශබ්ද කොලිටිය යටතේ ශ්‍රවණය කලෙමි\\
    The Wall ඇල්බම් එක වචන නොතේරුන බොහොම පොඩි කාලේදීම, ඒ කියන්නේ කටුබැද්දේ පලමුවෙනි වසරෙදි කරපු සීරියල් විෂන් ප්‍රොජෙක්ට් එකකට මමයි රූමයි බැක්ග්‍රවුන්ඩ් මියුසික් වලට පාවිච්චි කරා....ඒ කාලේ කොලිටි සවුන්ඩ්ස් එන සිස්ටම් එකක් නොතිබුනාට අදත් සොඳුරු සන්ධ්‍යාවන් වලදී බෝස් සිස්ටම් එකෙන් ඇස් පියාන අහන් ඉන්න ඇල්බම් එකක්...හැම ගිටාර් පාරක්ම කටපාඩම්...එයාර් ගිටාර් ගගහා අහන ඇල්බම් එකක්...තැන්කූ ලව් ස්ටොරියට...

    BalasPadam
    Balasan
    1. චීෆ් රොජර් වෝටර සහ සිඩ් බැරට් ගේ ආත්මය තමයි ඔය සංගීතයේ තියෙන්නේ

      Padam
  7. තාමත් ජාතින් අතර විවාහ සිදුවන්නේ ඉතා අඩුවෙන්.

    BalasPadam
    Balasan
    1. මම අද ඒ සබඳතා ගැන බලන්නේ බොහෝම ගැඹුරු මනසකින්

      Padam
  8. රොමැන්ටික් ප්‍රේමයක්, මගෙත් පළමු පෙම මතක් උනා, බ්‍රිටිස් නම් නෙවෙයි ෆිලිපීන්, ඒකත් සවබාවිකවම මැරිලා ගියා.

    BalasPadam
  9. විශ්ව විද්‍යාලවලදී හමුවූ වෙනස් භාෂා මව් බස වූ තරුණියන් දෙදෙනෙකු ගැන සිහිවුනා. මා එදා පසුබසිමින් සිතුවේ ඉංගිරිසියෙන් ලව් කිරීම (ලව් මේකින් නොවේ) කොච්චර ආගන්තුක වේ ද කියායි.

    ඒ කියන්නේ දෙදෙනාටම ඉංගිරිසි ආගන්තුව බසක් වූ විට.

    මා දන්නා යුවලක් හමුවී ඇත්තේ චෙක් රටේදී. ලව් කර ඇත්තේ චෙක් බසෙන්. දැන් කතාව ඉංගිරිසියෙන්. ඇය බල්ගේරියන්, ඔහු සිංහල. පුතා ගේ මුල් බස චෙක්.

    BalasPadam
    Balasan
    1. ලව් කිරීම ලව් මේකින් දෙකක් රසික . මමත් ඔය වගේ කතාවක් දන්නවා චිලී සහ ඇංගෝලා එකතුවක් . ලමයි කත කලේ රුසියන්

      Padam
    2. මා දන්නා යුවලක් හමුවී ඇත්තේ ශ්‍රී ලංකාව රටේදී. ලව් කර ඇත්තේ සිංහල බසෙන්. දැන් කතාව ඉංග්රිසියෙන්/සිංහලෙන් . ඇය සිංහල , ඔහු සිංහල. ළමයි ගේ දැන් මුල් බස ඉංග්රිසියන්.දෙවන බස සිංහල ඇයි ඒ?

      Padam
    3. ලංකාවේ දී හමුවී සිංහලලෙන් ලව් කළ දෙදෙනෙකු දැන් ඉංගිරිසියෙන් කතා කිරීම කියන්නේ මා නම් මේ වෙනතුරු දැක නැති තත්වයක්.

      අපේ කාලයේත්, මුල් බස ලෙස මෙන් ඉංගිරිසියෙන් කතා කළ සම වයස්වල ළමුන් සිටියා.

      ඒ ඉංගිරිසි හොඳින් දන්නා, ඉහල රැකියා කළ, වෘත්තියකයින් වූ ඔවුන් ගේ දෙමව්පියන් ඔවුන් සමග ඉංගිරිසියෙන් කතා කළ නිසාත්, ඔවුන් ගේ මිතුරු මිතුරියන් ද එලෙසම වූ නිසාත් ය කියායි මා වටහා ගත්තේ.

      එවැනි අය ඉංහිරිසියෙන් ලව් කර විවාහ වූ පසු ඔවුන් එකිනෙකා සමග ඉංගිරිසියෙන් කතා කිරීම සහ තම දරුවන් සමග ඉංගිරිසියෙන් කතා කිරීම සාමාන්‍ය දෙයක්.

      එ තත්වය අද ද තිබීම ද පුදුමයක් නොවෙයි.

      Padam
    4. ඇනෝ ඔය උදවිය ඉන්ග්රිශියෙන් ළමුන්ට කතා කරනවා නෙවෙයිනේ, අණදෙනවනේ අරක කරපන් මේක කරපන් කියා. එතනින් එහාට කතාව සිංහලෙන් තමා.

      Padam
  10. අර උඩ ඇනෝ කෙනෙක් කියපු එක තමයි මටත් හිතුනේ.. ෆස්ට් ලව්.. ඉංගිරිස්.. එකත් අයිරිෂ් ඇසන්ට් .. මදැයි ඔයින් ගියා.. හාහ් හාහ් හාහ් .. ලංකාවේ අපේ සමහර හතර බිරී කෙල්ලොන්ට ලව් කරන්න උගන්නනවට වඩා ලව් කිරිල්ලනම් ලේසි වෙන්නැති සුද්දියොත් එක්ක. :p

    BalasPadam
  11. ට්‍රාන්ස්.. අයියෝ කෝඩුකාරයා.. ඔය ආදරය පොප් වලින් විතරක් දුවපු එකක් නෙව.. ඉතිං අකාලේ මැරෙන එක ස්වාභාවිකයි.. එංගලන්තේ සුද්දියෝ කියල හදුන්වන්න ඕන නැහැ නේද?? හරියට එංගලන්නේ මුද්දර වගේ.. වෙන රටක සුද්දියක් නං අන්න හරි..

    BalasPadam
    Balasan
    1. In England stamps They don't mention the country.

      Padam
    2. yep. සුද්දෝ සුද්දියෝ කියල අපි කියන්නේ බිරිතාන්ය ජාතිකයෝ ලංකාවට ආපු කාලේ ඉදල.. අනින් උන් ලන්දේසියා පෘතිගිසියා..

      Padam
    3. ආදරය පොප් වලින් විතරක් දුවපු එකක් ++++++++++++++++++++++

      Padam
  12. ලංකාවේ ඩබල් ඩෙකර් බස් වල උඩ තට්ටුවේ පිටුපසම ආසනයේ ගියේ [අ]විචාරක ලව් කපල්ස් වැඩි හරියක්ම
    ඔය ඩබලත් ඩබල් ඩෙකර් බස් වල උඩ තට්ටුවේ පිටුපසම ආසනයේ ද ගියේ

    BalasPadam
  13. වෙනම පරිසරයක වෙනම දේශගුණයක වෙනම අත්දැකීමක් අවුරුදු විසි එකේදි.... ශහ්... ඔබ වාසනාවන්තයි. ඒ කතාව අමුතු පාටක කතාවක්.. ලස්සනයි.
    ජයවේවා..!!

    BalasPadam
    Balasan
    1. වෙනම පරිසරයක වෙනම දේශගුණයක වෙනම අත්දැකීමක් අවුරුදු විසි එකේදි..///////////// ගස් මේවා පෙට්ටගමේ තිබූ කතන්දර

      Padam
  14. අහා , එතකොට ලොරේන් එක්ක යාළු වෙලා හිටියේ උඹද ? හික්ස් :). ලොරෙන්ගේ ජොබ් එක මොකක්ද? හොටෙල් එකක නෙමෙයිද?

    BalasPadam
    Balasan
    1. ලොරෙන්ගේ ජොබ් එක : විම්පි එකේ වැඩ කලා

      Padam
  15. කොයි කාලේද? අනූවේ දශකයේ මුල් කාලේ මම දන්නා අයිරිෂ් කෙල්ලක් හිටිය ලොරේන් කියල. වැඩ කලේ great western royal හොටෙල් එකේ. එයාම මම ලංකාවේ නේද කියල අහල කතාවට සෙට් වුනා . පස්සේ දැනගත්ත කලින් ලංකාවේ කොල්ලෙක් එක්ක පොඩි සම්බන්ධයක් තිබුන කියල.

    BalasPadam
    Balasan
    1. ලොරේන් කියන නම ගොඩක් කොමන් ඔය කියන කෙනා වෙන්න බැහැ . අනූ ගනන් වෙනකොට ලොරේන් ඩබ්ලින් වලට ගිහින්

      Padam
  16. හරිම අපූරුයි... අමුතු ගතියක් දැනෙන විදියට ලියල... විදේශ ඔඑමක් නිසා වෙන්ටැ...

    BalasPadam
  17. Trans music pissek wage ..:D
    Good

    BalasPadam
  18. This type of love affair s were common in those days. But nowadays almost all the love affairs are based on love making.

    BalasPadam
  19. ඒකාලෙ එහෙම වුනාට ඔයික මේ කාලේ වුණානම් love making වලින් ම තමයි අහවර වෙන්නෙ.

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook