Sabtu, 12 Disember 2015

රග්බි ක්‍රීඩක වසීම් තාජුදින් ගේ මරණය පිළිබඳ පරීක්‍ෂණයේදී අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර වගකීමකින් තොරව ක්‍රියා කලේද ?



රග්බි ක්‍රීඩක වසීම් තාජුදින් ගේ මරණය පිළිබඳ පරීක්‍ෂණ වලදී සත්‍යය වසන් කළ පොලිස් නිලධාරින් පිළිබඳව පරීක්‍ෂණයක් පවත්වන්නැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය රහස් පොලිසියට නියම කරන ලදි. තවද රහස් පොලීසිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් එහි මුල් මරණ පරීක්‍ෂණය සිදු කල හිටපු කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර ඇතුළු වෛද්‍ය මණ්ඩලය වගකීමකින් තොරව කටයුතු කර ඇති බවත් ඒ පිළිබඳව පරීක්‍ෂණයක් පැවැත්වීම අවශ්‍ය බවත් ප්‍රකාශ කළේය. එම ඉල්ලීම පිළිගත් අධිකරණය ආනන්ද සමරසේකර ඇතුළු වෛද්‍ය මණ්ඩලය පිළිබඳව වහා පරීක්ෂණයක් පවත්වන මෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවටත් රහස් පොලිසියටත් නියම කළේය.

තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් පැවැත් වූ පළමු පශ්චාත් මරණ පරීක්ෂණයේ දී ලබාගත් කොටස් ආරක්ෂිතව අධිශිතකර‍ණයේ තිබිය දී ඉන් කොටස් 05ක් අස්ථානගතව ඇති බවත් ඒ සම්බන්ධව ලේඛනවලද කිසිදු සටහනක් නැති බවත් රහස් පොලිසිය  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා වෙත දැනුම් දෙන ලදි.   මෙම ශරීර කොටස් එක්ස්රේ ඡායාරූප හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් ආපසු බාර නොදුන් බවත් එම කොටස් 5 අධිශිතකරණයේ හෝ ශීතකරණයේ ඇති බවට කිසිදු සටහනක් නැති බව පවසන අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් තෙන්නකොන් මහතා එම කොටස් සොයා ගැනීමට නොහැකි බවත් බාරදීම සම්බන්ධයෙන් කිසිඳු සටහනක් නොමැති බවට ලිපියකින් රහස් පොලිසිය දැනුවත් කළ බවට පොලිසිය අධිකරණයට දැන්වීය.අදාළ කරුණ සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා මරණකරු වූ තාජුඩීන්ගේ පළමු පශ්චාත් මරණ පරීක්ෂණය එක්ස්රේ ඡායාරූප සහ සිරුරේ අවයව කොටස් 05 වහාම අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් තෙන්නකෝන් මහතාට ලබාදෙන ලෙස හිටපු විශ්‍රාමික වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර මහතාට නියෝග කළේය.   

15 ulasan:

  1. මලමිනිය නැවත් ගොඩගන්න විට වෛද්‍ය තෙන්නකෝන් සහ ඔහු ගේ සහායකයන් සැරසී සිටි විදිය රූපවාහිනී නාලිකා වලින් පෙන්වන ලදී. එම රූප පෙල අදිකරනයේ පෙන්වූ විට DNA පරීක්ශාව null and void වෙනු බව නිසැකය!

    BalasPadam
    Balasan
    1. ඇත්තද ? මම ඒ රූප දැක්කේ නැහැ

      Padam
  2. දෙයියෝ තමයි දන්නේ මේවා ගැන.

    BalasPadam
    Balasan
    1. දෙයියෝ දනී අප නොදනී

      Padam
  3. මහින්දගේ 2010/2015 කාලේ ඉහලම තනතුරු ලැබූ කොයි රජයේ නිලධාරියාද වගකීමකින් කටයුතු කලේ මැකෝ ඇරෙන්න.

    BalasPadam
    Balasan
    1. ඇත්ත මචන්. ඒත් මුන් ටික ඊට වඩා හපන්.
      #ඉගුරු දීලා මිරිස් ගත්ත වගෙයි#

      Padam
    2. ඒත් වෛද්‍යවර්‍යෙක්ට වගකීමෙන් ගැලවිය හැකි නැත

      Padam
  4. අවසානයේදී සොත්තිඋපාලිගේ පුතා හා රජතුමාගේ පුතා නිදොස් කොට නිදහස් කරන ලදී, මම හීනෙන් දැක්ක.

    BalasPadam
    Balasan
    1. බොහෝ විට විය හැකි දෙයක්

      Padam
  5. මෙය නීති ක්‍ෂේත්‍රය සහ වෛද්‍ය ක්‍ෂේත්‍රය අතර ගැටුමක් බවට වර්ධනය නොවී, සත්‍යය සොයාගැනීමේ පරීක්ෂණයක් වනවානම් හොඳයි.

    BalasPadam
  6. අන්තෝ් ජටා...බහි ජටා.....ගොඩක්ම දේශපාලන හා මාධ්‍ය සංදර්ශන...

    BalasPadam
    Balasan
    1. දේශපාලන හා මාධ්‍ය සංදර්ශන +++++++++++++++++++++++++=

      Padam
  7. කටු ටික හොරකම් කරල ලියල තිබුණ ඒව අයින්කරාද කවුද දන්නෙ.. සල්ලි වලට කරන්න බැරි දෙයක් නෑ බං

    BalasPadam
  8. සල්ලි වලට කරන්න බැරි දෙයක් නෑ ++++++++

    BalasPadam
  9. විශේෂඥ වෛද්‍ය සමරසේකර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයෙකි. වර්තමානයේ මාලබේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උපකුලපතිවරයාය. ඔහු තමන්ගේ සමස්ත අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සිදුකර තිබෙන්නේ සිදුවී තිබුණු එම සාහසික සිද්ධිය වසන් කෙරෙන ආකාරයටය. මළ සිරුර යළි ගොඩගන්නා ලද අවස්ථාවේදී සිරුරේ කලවා අස්ථි දෙකද ඇතුළත් සමහර වැදගත් කොටස් අතුරුදන් වී තිබුණි. ඒ ගැන ආනන්ද සමරසේකර කියන්නේ එම අස්ථි වෛද්‍ය හා විෂවේද ආයතනයේ ශීතකරණයේ තබන ලෙස තමන් උපදෙස් දුන් බවය. එහෙත් ඒවා ඔහු කියන ශීතකරණයේද නොතිබුණි. එහෙත් දෙවැනි අධිකරණ වෛද්‍ය පරීක්ෂණය කළ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමේ මතය වී තිබෙන්නේ එම අස්ථි කොටස් ආරක්ෂා කිරීම පිණිස විධිමත් ලෙස ක‍්‍රියාකර ඇති බවක් නොපෙනෙන බවය. අවසානයේදී අධිකරණයට මෙම අස්ථි කොටස් නැතිවූයේ කෙසේද යන ප‍්‍රශ්නය ගැනද සොයා බලා වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කිරීමට සිදුවිය. ඒ නිසා ආනන්ද සමරසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්වා ඔහුගෙන් ප‍්‍රශ්න කොට කටඋත්තරයක් ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුවිය. එම කටඋත්තරය සටහන් කරගැනීම අවසන් කිරීමෙන් පසුව තමාගේ ප‍්‍රශ්නය මෙම කටඋත්තරයෙන් අවසන් වන්නේදැයි වෛද්‍ය ආනන්ද සමරසේකර කටඋත්තර ලබාගත් නිලධාරියාගෙන් අසා තිබේ. මෙම මරණ පරීක්ෂණයේදී බාහිර බලපෑම් ඇතිවීද යන්න සොයා බැලීම සඳහා වෛද්‍ය සමරසේකරගේ දුරකතන වාර්තාද පරීක්ෂා කිරීමට සිදුවන බව කටඋත්තරය ගත් නිලධාරියා දී තිබෙන පිළිතුර වී තිබේ. එම පිළිතුරත් සමග වෛද්‍යවරයාගේ මුහුණ මැළවී තමන්ට ටොයිලට් එක තිබෙන තැන කියන්නැයි එම නිලධාරියාගෙන් ඉල්ලා තිබේ. ටොයිලට් ගිය මෙම විශේෂඥ වෛද්‍යවරයා ආපසු පැමිණ ඇත්තේ ඇඳගෙන සිටි කලිසමේ චූ පෙරාගෙනය. -

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook