Jumaat, 11 Disember 2015

බත් දුන් මාතාවන්


බත් අම්මලා ලෙස හඳුන්වන බත් උයා දෙන කාන්තාවන් බත් දුන් මාතාවන් ලෙස මම නම් කරමි. කළුබෝවිල රෝහලේ වෛද්‍යවරුන්ට උයා දීමට සිටියේ මැගිලින් නම් කාන්තාවකි. අප වාට්ටු වල වැඩ කොට මහන්සිවී බඩගින්නේ චමරියට ගිය විට මැගිලින්ගේ බත් පිඟාන අමෘතයක් විය​. ඇයගේ කරවල බැදුම ඉතා රසය​. වෛද්‍යවරු බොහෝ දෙනෙක් ඇයගෙන් කෑම ගත්හ​. අප සතියකට වරක් කාපු කෑම වලට ඇයට මුදල් ගෙව්වෙමු. 

මාතලේ රෝහලේ ඉවීම සඳහා පූර්ණා නම් ද්‍රවිඩ කාන්තාවක් වූවාය​. ඇයගේ මාළු මිරිස් බැදුම පාන් සමග අප අශාවෙන් කෑවෙමු. මාතලේ රෝහලේ සිටියදී මට පොඩි ජර්මානු ශෙපර්ඩ් (ඇල්සේෂන්) බල්ලෙකු සිටියේය​. බල්ලා මිදුලේ සෙල්ලම් කිරීමට දමා මම කෑමට ගියෙමි. බොහෝ විට මිදුලේ සිටින බළු පැටියා බලා ගන්නා ලෙස මම පූර්ණාට කීවෙමි එවිට ඇය " ඔන්දයි මාතියා ගිහින් කන්න මම පල්ලාව පලා ගන්නම් " කියන්නීය​. 

සමහර දින වල පූර්ණාගේ කෑම රස නැත​. එවැනි දින වල අප මාතලේ අරුණාලෝක හෝටලයෙන් කෑම ගෙන්වා ගත්තෙමු. අප සමග සිටි වෛද්‍යවරියක වූ නිශාගේ නාසය නිතරම බරවී තිබුනු නිසා ඇය කතා කලේ නාසයෙනි වරක් ඇය පූර්ණාගේ කෑම ගැන පැමිණිල්ලක් ශල්‍යාගාරයේදී අනකුත් වෛද්‍යවරුන් ඉදිරියේ කලාය​. " " අනේ ඊයේ පූර්ණා ගේ තක්කාලි හොද්ද කටේ තියන්න බැහැ "  " නිශා මෙසේ කී විට වෛද්‍යවරු කිසිවක් නොදොඩා මුහුණට මුහුණ බලා ගත්හ. නමුත් පූර්ණා දිගටම ඉවීම් කලාය​. 

හලාවත රෝහලේදී මහළු කාන්තාවක් සහ ඇයගේ දියණිය ඉවීම් කලහ​.  ඔවුන් රාත්‍රියටත් උයා කෑම පිඟන් වලට බෙදා කෑම වසා පිටත්ව යති. වේලපහින් එන ඇත්තන් මදි පාඩු බෙදා ගන්නේ අනෙක් පිඟන් වලිනි. එම නිසා වාට්ටුවල කඹුරා බඩගින්නේ රාත්‍රියේ එන වෛද්‍යවරු සමහර විට කෑවේ බත් සහ හොදි පමණි. එම නිසා ලෙඩුන් මළත් සමහරු වේලපහින් විත් රාත්‍රී ආහාරය කටට දෙකට කා අදාල වාට්ටු වලට දිව්වෝය​. 

තෙන්නේ අප සමග සිටි විනෝදකාමී වෛද්‍යවරයෙකි. වරක් තෙන්නේ යාලුවන් කීප දෙනෙකු සමග තම කාමරයේ මත්පැන් සාදයක් පැවැත්වීය​. අතර මගදී ඔවුන්ට බයිට් මදි විය​. තෙන්නේ බයිට් එකක් ගෙන එන්නට සූදානම් විය​. මේ රෑ කොහෙන් ද බයිට් හොයන්නේ කියා සමහර මිතුරන් ඔහුව අධෛර්‍යමත් කලහ​. ඔවුන්ට පිළිතුරු නොදුන් තෙන්නේ හිස් සිලි සිලි බෑග් එකක් ගෙන කාමරයෙන් පිට විය​. 

ටික වේලාවකින් තෙන්නේ පැමිනියේ තම්බපු බිත්තර​, මාළු සහ කුකුල් මස් කෑලි පුරවාගත්   සිලි සිලි බෑග් එක සමගිනි. මේවා ඔහු කෑමට වසා තිබුණු පිඟන් වලින් එකතු කරගෙන තිබුණි. තෙන්නේගේ සාදය ජයටම ගියේය​. නමුත් රාත්‍රියේ කෑමට පැමිණි වෛද්‍යවරු මවට සහ දුව​ට දෙහි කපමින් බත් සහ හොදි කෑවෝය​. 

(2009 වසරේ මම පුත්තලම දිස්ත්‍රික් මානසික සෞඛ්‍ය සම්බන්ධීකරණ නිලධාරී ලෙස සේවය කරන විට හලාවතට ගොස් මේ කාන්තාවන් දෙදෙනා හමු වීමට ගියෙමි. මට හමු වූයේ දියණිය පමණි. අම්මා නිතර අසනීපෙන් පසු වන නිසා දැන් නොඑන බවත් ඇය තනියම වෛද්‍යවරුන්ට ඉවීම් කටයුතු කරන බවත් කීවාය​. ඇයගේ මවට දෙන ලෙස කියා මම නෝට්ටු කීපයක් ඇය අත තැබුවෙමි)

31 ulasan:

  1. ඉලෙක්ට්‍රික් රයිස් කුකර් එකෙන්ද බත් ඉව්වේ

    BalasPadam
    Balasan
    1. ඩොක්ටර් මේ ඇනෝ ගහන්නේ අර අටමා කියන මැෂින් බිජ්ජා. උගේ ජරා පුරුද්දක් තියනවා කාගෙහරි බ්ලොග් සයිට් එකක් ටිකක් නැගලා එනකොට ඇනෝ ගහලා එක අවුල් කරනවා.මූ වෙන ප්‍රොෆයිල් වලිනුත් එනවා. මුගේ බොගේ කොටාගන්න මොකවත් නැතුව වේලෙනකොට තමා මෙහෙම කරන්නේ. මුගේ දස කම තමා මේ පෙන්නන්නේ.

      Padam
    2. නෑ..ඒ කතාව සම්පුර්න වැරදියි..අටමා එහම කරන්නෙ නෑ..මම ඒක වගකිමෙන් කියනවා..

      Padam
    3. එහෙනං තෝ තමා මෙන්ඩො

      Padam
    4. පොඩි එකාගෙ ආසාවනේ

      Padam
    5. අටං අයියාගේ තට්ටේ පල්ලා ඌ එහෙම කරන්නේ නෑ

      Padam
    6. ඉලෙක්ට්‍රික් රයිස් කුකර් එකෙන්ද බත් ඉව්වේ. ?????????

      මේ අනම් මනම් වනා නැතව කෝ මේ කට උත්තරේ

      Padam
  2. වෙදදුරන් හා මගේ ළමා කාලය බද්දව තිබුණි. පියා රෝහල් සේවකයෙක් වීමත්, රෝහල අසළම අප නිවස පිහිටා තිබීමත් මෙයට හේතුවිය, 88/89 බිහිසන සමයේ බොහෝවිට මම රැය පහන් කලේ DMO මහතාගේ නිලනිවසේ ඉදිරිපස කාමරයේ ය. තාත්තා රැ වැඩට යනවිට වැඩි ආරක්ෂාවට මාවත් ඔහු සමග එක්කගෙන යයි. ''කිතුල්ගල රෝහල'' සමහරවිට ඔබතුමාත් ඇවිත් ඇති.

    BalasPadam
    Balasan
    1. කිතුල්ගල මම ගිහිල්ලා තියනවා ඒත් රෝහලට ගිහිල්ලා නැහැ

      Padam
  3. දොස්තරලත් මාර හොරුනේ බලාගෙන ගියාම :)

    BalasPadam
    Balasan
    1. මේව සුන්දර හොරකම්. එකම කෑමේ අනික් එකාගෙ පිඟානෙ මස් කෑලි, මාළු කෑලි, බිත්තර කොහොමත් තමන්ගේ පිඟානෙ ඒවට වඩා රසයි. පිටරටකදි මට කාර්‍යාල මිත්‍රයෙක් හිටිය හැමදාම දවල් කෑම ඔෆිස් ශීතකරණයේ තියෙන අනුන්ගෙ කෑම වලින් ශේප් කරගන්න. ඒවා ගැන යන වලිත් හරි සුන්දරයි.

      Padam
    2. ලඟින් ගියොත් ඇස් නැත

      Padam
  4. වෛද්‍යවරයෙක් වශයෙන් සේවය කරනකොට දැඩි දුෂ්කරතා මැද්දේ සේවය කරපු අත්දැකීම් ලියනවා නම් ඒක වටිනවා.නැත්නම් අනිත් අයට නිතරම හිතෙන දෙයක් තමයි වෛද්‍යරු කියන්නේ පැය 24ම සැපසේ ජීවත්වන පිරිසක් කියන එක.නමුත් මම දන්න මගේ හිතවත් වෛද්‍යවරුන් ඉන්නවා තමන්ගේ ජීවිත රෝගීන් වෙනුවෙන්ම කැප කරලා දුස්කරතා මැද්දේ සේවය කරන.මේ කතාව කියවන කොටත් සේවය පිටුපස්සේ තිබෙන දුෂ්කර ජීවිතේ ගැන යමක් කියවෙනවා.

    BalasPadam
    Balasan
    1. ඒකනම් ඇත්ත තමයි බන් මමත් කැමති ඒවගේ කතා කියවන්න...

      Padam
    2. ඉසිවර අසපුව ටෙලිනාට්‍යය මතකද? ජනක කුඹුකගේ මේන්රෝල් එක කලේ.

      Padam
    3. ජීවිතේ දුෂ්කර තමයි. සමහර විට මම කකා ඉන්න බත් එක මේසෙ උඩ තියලා යනවා රෝගියෙකුට අසාධ්‍ය උනාම​. රෑ දෙක තුන වෙලා අවේලාවේ කතා කරනවා. ඒත් රෝගියෙකු සුවය ලබන කොට මාර සතුටක් තියනවා ඒක වචනයෙන් කියන්න බැහැ

      Padam
    4. අපේ උපතේ ඉඳලා මරණය දක්වාම ජීව්තේ නිරන්තරයෙන්ම බැදිලා තියන තැනක් තමයි රෝහල වගේම වෛද්‍යවරු කියන්නේ.උපතට සමබන්ධත් රෝහල වෛද්‍යවරු රෝහල් කාර්යාල මණ්ඩලය.මරණයටත් එහෙමයි.ඔය අතරේ ජීවත්වෙන කාලේදි පුංචි රෝගයටත් දුවන්නේ රෝහලට.අනිත් සියලු තැන් වලට වඩා සාමාන්‍ය ජන ජීවිතෙත් එක්ක බැදිලා තිබෙන තැනක් තමයි රෝහල.ඔබතුමා වෛද්‍යවරයෙක් වශයෙන් සේවය කරනකොට අවධානම් තත්වයේ තිබුන ජීවිත බේරාගන්න ලොකු කැපකිරීමක් කරලා ඇති.සමහර අවස්ථාවල පැය විවේකයක් නැතිව එක දිගට සේවය කරන්න සිදුවුන අවස්ථා ඇති.පුලුවන් අවස්ථාවල ඒවැනි අත්දැකීම් මෙහි පල කලොත් ඒක වටිනවා.

      Padam
  5. සුපිරි කතාව............ අපිත් විස්සවිජ්ජාලේ කාලේ කොරපු හොරකම් මතක් වුණා.....

    BalasPadam
    Balasan
    1. අපි ඉස්කෝලෙත් කොල්ලන් ගේ කෑම ඉස්සුවා

      Padam
  6. පහුගිය දින කීපයේ රෝහල් සහ වයිද්‍යවරුන් ගැන අත්දැකීම් රාශියක් ලැබුනා.ඇත්තටම තම ජීවිතයේ සත්‍යය කඩතුරාවකින් වසාගෙන 'නෝබල්' තත්වයක් ආරෝපනය කර ගැනීම නිසා සමාජයෙන් ප්‍රතික්ශේප වනවා පමණක් නොව ඔවුන් කරන කැපකිරීම් හෙලිදරවු වනකල බලෙන් ආරෝපනය කරගත් 'නෝබල්' තත්වයන් නිරායාසයෙන්ම ලැබෙන බවත් කිව යුතුයි.
    ජයවේවා..!!

    BalasPadam
    Balasan
    1. බලෙන් ආරෝපනය කරගත් 'නෝබල්' තත්වයන් අවශ්‍ය නැහැ ගස් මම කොලොන්ගොඩ රෝහලේ ගම්මුන් එක්ක එකට ලිඳක් කපලා තියනවා ඒකෙන් තමයි දැනුත් රෝහලට වතුර ගන්නේ

      Padam
  7. ලෝකෙ තියෙන හොදම වෘත්තීය තමයි මේක ඔබතුමා මේ වෘත්තීයෙන් ලොකු පිනක් කරගන්නවා...

    BalasPadam
    Balasan
    1. ඒවගේම වැරදි ලෙස් කලොත් පව් කෝටියයි. මහණකම වගේ

      Padam
  8. ඔබ වගේ අය හොද ගතිගුන තියන අය වටිනවා
    මනෝගේ කමන්ටුව එක්ක එකගයි

    BalasPadam
    Balasan
    1. මෙන්ඩා මම සාමාන්‍ය මිනිහෙක් සුපිරි කෙනෙක් නෙවෙයි. තවත් කෙනෙකුට උපකාරයක් කිරීමෙන් සතුටු විය හැකි මනසක් තිබේ නම් එය හොඳටම ඇති

      Padam
  9. මට පූර්ණාගෙ ස්ටෝරිය ටියුබ්ලයිට්ය. දන්න කෙනෙක් කියාදියල්ලා.

    BalasPadam
    Balasan
    1. ඔය වෛද්‍ය නිශා කියපු එක නහය වහගෙන කියන්න

      Padam
  10. විවෘත ආර්ථිකය නිසා මේ බත් අම්මලා ගේ තවත් වර්ගයක් වූ නිවසේ උයන බත් විශේෂයෙන් රජයේ සේවකයන්ට දෙන දුප්පත් අම්මලා සෑහෙන්න වඳ වුණා. ඒ බත් අම්මලා ගැනත් රසවත් කතා තියනවා. බයිසිකලේ බැඳගෙන බත් පිඟන් කාර්යාලවලට ගෙනිහින් දෙන බත් මාමලාත් වඳවුනා. ක්ෂණික ආහාර වලට මිනිස්සු පුරුදුවීම නිසා.

    අද මේ ආකාරයට වෛද්‍යවරුන්ට ආහාර සපයන බත් අම්මලාත් වඳවී ඇති.

    BalasPadam
    Balasan
    1. ඒත් සමහර ඉස්පිරිතාල වල මේ බත් අම්මලා තාම ඉන්නවා

      Padam
  11. ගෙදර බත් එක තරම් වෙන කොහෙවත් එකක් හොද නෑ!!

    BalasPadam
    Balasan
    1. ඔව් එහෙමත් කියන්න පුලුවන්

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook