Khamis, 10 Disember 2015

ආගමේ නාමයෙන් කෙරෙන ශබ්ද දූෂණය



නිහඞතාව අගය කළ 
බුදුන්ට මුනින්දා කීමුත්
ඒ අගය කළ නිහඞතාව
මේඝයක් සේ සිඳ බිඳ දමමින්  
නිහඞතායේ මියුරුහඞ පරයා  
ශබ්ද දූෂණය උපරිම කළ
යකඩ කටින් එන පිරිත් හඞ
පන්සල් භූමියටත් එහා ගිගුම් දෙයි 
පහන් සංවේගය මොට කරමින් 

ආගම තරඟයක් වූ කාලයක 
යහපත් ධර්ම මාර්ගය නොව​
ආගමික ආධිපත්‍ය වැදගත් වූ යුගයක 
උදේ සවස යකඩ කටින්
අල්ලහු අක්බාර් කියන 
 කටෝ‍ර හඞට තරඟයක් දීම​ට
නිහඞතායේ මියුරුහඞ යටපත් කොට
යකඩ කටින් දෙසවන් පුපුරන්න​ට
ගලා යයි සෙත් පිරිත් පද වැල්
හුදී ජනයන්ගේ මෙලොව 
පරලොව වැඩ පිණිස​

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

28 ulasan:

  1. ඔයා ඉක්මණට පෝස්ට් දාන නිසා සමහර ඒවා මඟ ඇරෙනවා...
    එහෙම වුණ එකක් තමයි අර යාපනේ කොල්ලෙක් මැරුණු එකේ පෝස්ට් එක...
    ඒ පොර වෙනුවෙන් කොඩි දාලා තිබුණා... විශ්ව විද්‍යාලය ඇතුලෙත් තිබුණා...
    එයාලා කොහොමත් කළු කොඩි දානවා මරණයක් සංකේත කරන්ට...
    ඒත් එතන තියෙන අවුල තමයි ඒ මරණය සංකේතවත් කරලා කරන දේ...
    ටිකක් දුරට විග්‍රහ කරන්ට ඕනේ දෙයක්...

    ඒ පෝස්ට් එක දෙමළ වලට පරිවර්තනය කර ගන්ට ඕනේ නම් මම දන්න සුපිරි දෙන්නෙක් ඉන්නවා...
    ඕනේ නම් කියන්ට...

    BalasPadam
    Balasan
    1. ඒකනම් ලොකු දෙයක් කරලා දෙනවද ?

      Padam
  2. වැඩියෙම්ම මේක කොරන්නෙ, පංසලේ නෙමෙයි. ත්‍රී වීල් පාක් එකේ තියෙන බුදුපිළිමෙ ගාව. රෑක ගෙදර යන්න විදිහක් නැතුව අතරමං වෙලා ත්‍රී වීල් එකක් හයර් කරං ගෙදර යන්න එන ගෑණු උදවියට හදි කරන්නෙත් ඒ පාක් එකේ සත්ගුණවත් උපාසකයොම තමයි.

    BalasPadam
  3. මම බුද්ධාගම ගැන කිසිම දෙයක් දැනගන්න කලින් කාලේ ඉඳන් පිරිත් ඇහෙන එකට නම් ආසයි.

    BalasPadam
    Balasan
    1. නමුත් නියමිත ්ඩසිබල් පරාසයක් තුල

      Padam
  4. ඔය කට්ටිය තරගෙට වෙහෙසෙන්නේ අපිව නිවන් යවන්නනේ.

    BalasPadam
    Balasan
    1. ශබ්ද පූජාවෙන් නිවන් යවන්න පුලුවන් කියල ඒ අය හිතනව ඇති

      Padam
  5. අගෙයි නිර්මාණය.......

    ඔබතුමා බ්ලොග් සමග සිටිනවා කියන ඒකත් අැත්තට ම ලොකු දෙයක්....

    ජයවේවා

    BalasPadam
  6. සමහරුන්ට පිරිත් අහනකොට සිතට හොඳයි. සිංදු අහනකොටත් එහෙමයි, සතුටුයි.
    ක්‍රිස්තියානි යාඥා සහ ඉස්ලාම් කෝල් ටු ප්‍රෙයාර්ස් එහෙමයි ඒවාට කැමති අයට. ඒත් ඇයි ලවුඩ්ස්පීකර් දාල අපිට ඇහෙන්න සලස්වන්නෙ? මං ඔය කිසි දෙයක් ලවුඩ්ස්පීකර්වලින් ඇහෙන්න කැමති නෑ. අපිට පාඩුවෙ ඉන්න දෙන්න.

    BalasPadam
    Balasan
    1. මං ඔය කිසි දෙයක් ලවුඩ්ස්පීකර්වලින් ඇහෙන්න කැමති නෑ.++++++++++++++++++++++++++

      Padam
  7. අපේ පැත්තට ලවුඩ්ස්පීකර් ශබ්දය ඇහෙන දුරින්, (අහස් දුර කි.මී.1.5 ක් විතර) පන්සල් තුනක් තියනවා. පාන්දර 5.00 ට ඔය පන්සල් තුනේම 'ලැයිස්කීපර්' ෙඩා්ං ගාල එකපාරටම පටන් ගන්නවා 'පිරිත් ගහන්න' හරී.........................සනීපයි.

    පැයකට වරක් මුස්ලිම් පල්ලියේ 'කාහල නාදය' ඇහෙනවා. කතෝලික පල්ලියේ මංගල්ලය තියන දවස් වලට, මහා රෑ වෙඩි පත්තු කරනවා කාලතුවක්කු වගේ.

    'ජී......විතය, සු..න්..දර..ද, මෙ....තරම්'

    දුගඳ දැනී දැනී හඬනවා.....................

    BalasPadam
    Balasan
    1. කෝවිලක් නැද්ද ඔය ලඟපාත නාගසලන් පපරේ සද්දවලට නැටවෙන කට්ටියනේ

      Padam
    2. නියමට ඇති මල් වගේ

      Padam
  8. http://maathalan.blogspot.com/2014/09/house-wanted.html

    BalasPadam
    Balasan
    1. බැරිද ඔය හඬවල් රිමොට්කොන්ට්‍රෝල් එකෙන් වෙනස් කරන්න

      Padam
    2. නීතියෙන් පුලුවන්

      Padam
  9. පිරිත් වලින් අමනුස්සයෝ එළවනවලු,
    ඕකෙන් වෙන්නේ පන්සලක තියෙන ශාන්තකම නැතිවෙන එක,
    මුස්ලිම් පල්ලිගන නො කමෙන්ට් මොකද මම ඉන්නේ අරාබියේ,
    බෙල්ල කපල දැම්මොත්.

    BalasPadam
    Balasan
    1. එහෙනම් ලලිත් පරිස්සමෙන්

      Padam
  10. ගස්ලබ්බගෙ ගෙදරට පල්ලි දෙකක බෑඟිරි ඇහෙනවා.ඒත් එක්කම මුළු ගමේම බල්ලො ටිකත් උඩුබුරන්න පටංගන්නවා... කියල වැඩක් නෑ සනීපෙ.. පන්සල් වලට විරුද්ධව නම් නීතිය ක්‍රියාත්මක වෙනවනෙ..
    ජයවේවා..!!

    BalasPadam
    Balasan
    1. මොන ආගමකටවත් ශබ්ද දූෂණය කිරීමට ඉඩ දිය යුතු නැත

      Padam
  11. පිරිත් හඬ හා හේවිසි නාදය තියෙනකම් රට අබෞද්ධ කරන්න බෑ”


    ශ්‍රී ලංකාව කුඩා රටකි. එය යටත් කැර ගැනීමට අපට හැකි විය. මුහුදින් වටවූ දූපතකි. ජනගහණය ලක්ෂ ගණනකට සීමිතය. වන පෙදෙස් බහුලය. ත්‍රිවිද දේශගුණයම මෙහි පවතී. මෙහි ජනතාව පිළිගත නොහැකි කිසියම් භූත ආගමක් අදහති. එය හැඳින්වෙන්නේ බුද්ධාගම නමිනි. එහි පූජකවරු සියල්ලෝ ම විශේෂ ආරාමවල වෙසෙති. බ්‍රහ්මචාරීහුය. හිස මුඩු කරන්නෝය. කසාවත් පොරවන්නෝය. දිනකට උදේ දවල් පමණක් වළඳන්නෝය. මිනිසුන්ගේ ගම්වාසීන්ගේ සියලුම ප්‍රශ්න විසඳනු ලබන‍්නෝ ද ඔවුහුමය.

    ගස්වලට වඳිති. මැටි රූපවලට වැඳුම් පිඳුම් කරති. ඔවුන්ගේ මේ බුද්ධියෙන් තොර කටයුතු ගැන බලන විට පුදුම සහගතය.

    මේ කුඩා රට දෙවියන් වහන්සේගේ අණට යටත් ක්‍රිස්තියානු ආගමට හැරවීම සඳහා බුද්ධිමත් පූජකවරුන්ගේ සහාය දැන් අපට අවශ්‍යව ඇත. එනිසා මේ දුටු වහා ම මාගේ ඉල්ලීම පිළිගෙන ලංකාවට පැමිණ මේ රට ක්‍රිස්තියානු - රාජ්‍යයක් කැර ගැනීම සඳහා ලෝප්‍රකට ධර්මදූතයාණන් කෙනෙකු වූ ඔබතුමන්ට ආරාධනා කරමි. තවදුරටත් මෙසේ ද කියමි.

    අපේ අතිශ්‍රේෂ්ඨ ඉංගිරිසි අධිරාජ්‍යයේ නියෝජිතයා - වශයෙන් මේ රට මගේ ආණ්ඩුකාර කාලය තුළදී යටත් කැර ගැනීමට හැකි විය. ඔබතුමා වහා පැමිණ මේ රට දෙවියන් වහන්සේගේ රාජ්‍යයක් කරනු සඳහා ක්‍රියා කරනු මැනැවි.

    ඊට අවශ්‍ය සියලු දෑ රාජ්‍යයේ ප්‍රධානියා වශයෙන් මම ඔබතුමන්ට සලසා දීමටත් පොරොන්දු වෙමි. (වැඩිදුර තොරතුරු දැන ගැනීමට අවශ්‍ය නම් 1956 බෞද්ධ ‍තොරතුරු පරීක්ෂණ වාර්තාව බලන්න.)

    ක්‍රිස්තියානු ධර්ම දූත ලෝප්‍රකට දේශක බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයාට ලියා එවූ පිළිතුරු ලිපිය මෙසේය.

    ආණ්ඩුකාරතුමනි, මේ දිනවල මා අප්‍රිකා මහාද්වීපයට අයත් රටවල් ගණනාවක ක්‍රිස්තියානි ධර්ම දූත කටයුතුවල යෙදී සිටිමි. එය බෙහෙවින් ම සාර්ථකය. මේ සාර්ථක මහා වැඩපිළිවෙළ අතහැර මේ වේලාවෙදි ඔබ කියන ඔය පුංචි දේශයේ වැසියන් ක්‍රිස්තියානියට හරවා දැමීමේ කටයුතුවල යෙදීමට මට ඉඩකඩක් නැත.

    මේ කටයුතු එක්තරා මට්ටමකට නිම කොට, ඔය කියන ලංකාවට පැමිණ ඔය කියන ජන කොටස එක ඇහැක් පියාගෙන එක් ඇසකින් දිනාගෙන ඔවුන් ක්‍රිස්තියානු කොට කාර්යය මට නිම කළ හැකිය.

    මෙසේ කියා පසුකලෙක වසර කීපයකට පසුව ලංකාවට පැමිණි ඔහුට 11 වසරක් පුරා, රට පුරා ඇවිදිමින් දක්ෂ ලෙස කරුණු සහිතව යම් යම් දේශනා කළ ද, සපුරා මේ රට නම් ක්‍රිස්තියානු කළ හැකි නොවීය.

    අවසානයේ මේ සුප්‍රසිද්ධ ධර්මදූත පාදිලිතුමා ලියා තබා රටින් පිටව ගියේ මෙසේය. ඔහු ලියූ ලිපිය සැකෙවින් කරුණු දක්වමි.

    ආණ්ඩුකාරතුමනි, ඔබට මා එදා පළකළ පරිදි එක ඇහැක් පියාගෙන අනෙක් ඇස ඔවුන් දෙස බලා සතියක් තුළදි අපේ ආගමට ඔවුන් හරවා ගත හැකි. මේ පිරිස ඒ තත්ත්වයට පත් කැර ගැනීමට නොහැකිවූයේ කාරණා 2ක් නිසාය. ඔබතුමන් ඒ කාරණා ගැන සොයා බලා නීති මඟීන් කටයුතු කළ යුතුය.

    ඉන් පළමුවැන්න නම් කසාය වස්ත්‍රයෙන් සැරසුණු මේ භික්ෂුන් සාමූහිකව දේශනා කරනු ලබන පිරිත් කීම නීතියෙන් ම තහනම් කළ යුතුයි. දෙවැන්න හෙවිසි හා බෙරකරුවන් තාලයකට අසන්නා තුළ කිසියම් ප්‍රහර්ෂයක්, උද්වේගයක් ඇති වන පරිදි නාද පවත්වන හේවිසි බෙර ගැසීම ආදිය ද නැවැත්විය යුතුය.

    මා කොතෙක් දේශනා කළද ඒවා චතුර හා දක්ෂ ලෙස ඇදීම් බැඳීම් ඇතිවන ආකාරයෙන් කළ ද මේ පිරිත් හඬ හෝ හේවිසි නාදය අසන ඔව්හු ආපසු හැරී යති.

    මගේ දේශනා අසා අපේ ආගමට හැරුණු ඇතැම් මිනිස්සු බොහොම භක්තිමත්ව කටයුතු කිරීමට පටන් ගති. ඒත් ඒ එක්ක ම අර මුලින් කී හේවිසි නාද හෝ පිරිත් හඬ ඇසූ මොහොතේ ම ඔව්හු ඒ දෙසටම දුවති. ඔවුන්ගේ ලේ ධාතුවට එය කැවී ඇතැයි සිතේ. ඒ නිසා මේ පවතින තත්ත්වය මත මෙහි පැමිණෙන වෙනත් කවර හෝ දේශකයකුට වුව මේ රටේ ජනතාව මුළුමනින් ම ක්‍රිස්තියානු හෝ අබෞද්ධ කළ නොහැකිය.

    මෙසේ ලියා ආණ්ඩුකාරයාට දන්වා යැවී හේලි නම් ඒ ප්‍රසිද්ධ පාදිලි දේශකතුමා අප්‍රිකානු දේශය තවදුරටත් ක්‍රිස්තියානු කරවනු පිණිස ම පිටත් වී ගියේය.

    උපාලි සමරසිංහ

    BalasPadam
    Balasan
    1. සමරසේකර මහත්මයානෙනි , නමුත් නිතරම යකඩ කටවල් වලින් ෆුල් වොලියුම් පිරිත් දමා බොදුනුවන්ට පිරිත් එපා කරවීමේ ක්‍රියාවලියක් තිබේද යන්න මට සැකයි

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook