Sunday, November 8, 2026

භාරතයෙන් විහිදුනු ප්‍රභාෂ්වරය




භාරතයෙන් විහිදුනු ප්‍රභාෂ්වරය පොත ඉන්දියාවේ ඉතිහාසය සංස්කෘතිය ජීවන රටාවන් / විවිධත්වය / ස්වභාව ධර්මය යන අංග රාශියක්  පිලිබඳව කථිකාවක් ගොඩ නගා ගෙන  පාඨකයා අපූරු ලෝකයකට ගෙන යනවා. එය ඉන්දියාවේ සංචාරයක නිරතවීමක් බඳුයි. ඉන්දියාවේ ඉතිහාසය මොහන්ඳාජාරෝ හරප්පා යුගය ඉන්දියාවේ ආගමික සහ දර්ශනය පිලිබඳ අදහස් වර්ධනය වීම​. ඉන්දියානු සංස්කෘතිය අන් රටවල් කරා සම්ප්‍රේෂණය​ඉන්දියානු සාහිත්‍ය , නිදහස් සටනේ ගමන් මඟ මේ සියල්ල පිලිබඳ දැණුමක් මේ පොත විසින් ලබා දෙනවා . ඉන්දියාව යන අසිරිමත් රට ලාංකිකයාට ප්‍රහේලිකාවක්. ඉන්දියාව පිලිබඳව ශ්‍රී ලාංකියාට තියෙන්නේ Love - Hate සබඳතාවක්.  අප   ඉන්දියාවට  වයිර කරනවාට වඩා ඉන්දියාව වටහා ගැනීම  වැදගත් . ඒ අර්ථයෙන් නිලක්‍ෂි බණ්ඩාරගේ මේ පොත සුවිශේෂී කාර්‍යභාරයක් කරනවා. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග
 

No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook