Thursday, October 16, 2025

බණ්ඩාරනායකව ඝාතනය කලේ කවුද ?



සෝමාරාම බුදු සසුන වෙනුවෙන් බණ්ඩාරනායකට වෙඩි තිබ්බා යන කතාව සැක සහිතයි. ඔහු පෝරකයේදී මැතිව් පීරිස් අතින් ක්‍රිස්තියානි ආගමට හැරී මිය යන්නේ. මේ අනුව සෝමාරාම බුද්ධාගම වෙනුවෙන් ක්‍රියා කල ඩයි හාඩ් ෆෑන් කෙනෙක් නොවෙයි.  බුද්ධරක්ඛිත බිස්නස් කාරයෙක් , බණ්ඩාරනායක ගේ ඉලෙක්‍ෂන් එකට 1956 වගේ කාලෙක රුපියල් 60,000 වියදම් කරනවා. ඔවුන්ට ඕනේ වරායේ බිස්නස් එකක් අරඹලා ඒ ඉන්වෙස්ට් කරපු සල්ලි මල්ටිප්ලයි කර ගන්න​. නමුත් බණ්ඩාරනායක වරාය ජනසතු කලා. ( එන් එම් පෙරේරා දිනපතා ස්ට්‍රයික් ඕගනයිස් කරලා කොලඹ වරාය අඩපන කලා. නැව් බිස්නස් සිංගප්පූරු වරාය ඩැහැ ගත්තා ; වෙනම කතාවක්) බුද්ධරක්ඛිතට මේ නිසා බණ්ඩාරනායකව මරන්න අවශ්‍ය උනා.උණ්ඩ දුන්නේ නවලෝක මුදලාලි ( සිරිමා මරණය තෙක් නවලෝක මුදලාලි සමග කතා නොකල බව ජෙනරාල් ඩෙනිස් පෙරේරා වරක් මට කිව්වා. එක් උත්සවයකදී ජෙනරාල් ඩෙනිස් පෙරේරා දකිනවා සිරිමා , නවලෝක මුදලාලිට ආචාර නොකර යන්න යනවා) ට්‍රේනිං කලේ පොලිසියේ රාහුල සිල්වා (වධ බන්ධනයට කැැමති බෘටල් චරිතයක්. පසුකාලීනව මධු ලෝලිතාවෙන් සහ PTSD / Depression රෝග ලක්‍ෂණ සහිතව මිය ගියා).    

ඔසී කොරයා සහ බුද්ධරක්ඛිත සෝමාරාමව යොදා ගත්තේ ස්කේප් ගෝට් කෙනෙක් ලෙස විය හැකියි. බණ්ඩාරනායකට වෙඩි තියන්න පෙර දින ඔසී කොරයා මීගමුව රෝහලට ඇතුලත් වී alibi defense එකක් හදා ගත්තා. පසුව රෝහලෙන් ටිකට් නොකපා පැන බණ්ඩාරනායකට වෙඩි තියන්න ගියා. බොහෝ විට වෙඩි තිබ්බේ ඔසී විය හැකියි ඉන් පසුව සිවුර ගලා තාප්පයෙන් පැන ගියා. රොසලින් නමැත්තිය එය දුටුවා. බණ්ඩාරනායක ඝාතනය දේශපාලන කුමන්ත්‍රණයක්. නමුත් සිරිමාගේ සහෝදරයා ( මැකී ? ) දැක්කා සෝමාරාම  පිස්තෝලේ අරගෙන බණ්ඩාරනායක ගේ පස්සේ එලවනවා. සෝමාරාම බණ්ඩාරනායකට වෙඩි තැබූ බවට ඇසින් දුටු සාක්‍ෂි කීපයක් තිබුනා. ඒ නිසා ඔසී  බණ්ඩාරනායකට වෙඩි තැබූ බවට යන අදහස පිලි ගන්න අමාරුයි.  මේ නිසා ඔසී වෙඩි තිබ්බාද ? සෝමාරාම නියම විදියට ඝාතනය කරයිද කියලා බලන්න ඔසී ආවද ? බණ්ඩාරනායකට වෙඩි තිබ්බම පස්සේ සෝමාරාමට වෙඩි තියන්න ඔසී අදහස් කලාද ? සෝමාරාමට බණ්ඩාරනායක නිවසේ ගාඩ් එකට සිටි පීසී වෙඩි තැබීමෙන් පසු සෝමාරාම මිය යයි කියා ඔසී එතනින් පැනලා ගියාද කියන ප්‍රශ්න පැන නගිනවා.  

පොලිසියේ ලොක්කෙක් තුවාල ලැබූ සෝමාරාම ලේ ගලමින් සිටියදී රෝහල් ගත නොකර කොලඹ පාරවල් දිගේ ගෙන ගියා.  ඒත් සෝමාරාම මිය ගියේ නෑ. බන්ඩාරනායක ඝාතනයට විමලා විජේවර්ධනව  අත් අඩංගුවට ගන්න යන විට ඇය කිව්වා මාව ගත්තොත් මේ ඝාතනයට විජයානන්ද දහනායක සම්බන්ද බව හෙලි කරනවා කියලා. විමලා විජේවර්ධන අත් අඩංගුවේ සිටිය දී පිටු 200 කට උත්තරයක් දුන්නා. ඒකේ විජයානන්ද දහනායක ගැනත් තියනවා. විජයානන්ද දහනායක ඒ වෙන කොට අගමැති. ඒ සාක්‍ෂි යට ගහලා ඉක්මනට විමලව රිලීස් කලා. විජයානන්ද දහනායකට අවශ්‍ය උනා සෝමාරාමව සහ බුද්ධරක්ඛිතව එල්ලන්න ( ඔවුන්ව නිහඞ කරවන්න ?) එල්ලුවේ සෝමාරාමව විතරයි.  නියෝජ්‍ය පොලිස්පති සිඩ්නි සොයිසා ඔසී කොරයා සබැඳි සාක්‍ෂි විනාස කලා විය හැකියි. 

ඔසී කොරයා කියන්නේ ගෝනවල් සුනිල් , බැද්දගාන සංජීව , ජුලම්පිටිය අමරේ වගේ දේශපාලකයෝ තමන්ට අවශ්‍ය ඝාතන කර ගැනීමට යොදා ගත් චරිතයක්. මේකේ මහ මොල කරුවා කවුරුන් විය හැකිද ? මගේ බ්ලොගයේ තියන Beyond Reasonable Doubt? The Killing of a Prime Minister”යන ලිපිය බලන්න ; https://transyl2014.blogspot.com/2022/02/beyond-reasonable-doubt-killing-of.html




No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook