Wednesday, April 30, 2025

අපාය , දිව්‍ය ලෝකය සහ නියර් ඩෙත් එක්ස්පීරියන්ස් එක





මම ඇනස්තටිස්ට් කෙනෙක් ලෙස රෝහල් වල වැඩ කරන කොට තියටර් එකේ අයි සී යූ වල මිය යන මිනිසුන් දැක්කා. ඒ වගේම මරණය අද්දරට ගිය (Near Death Experience) මිනිසුන් හමු උනා. ඔවුන් සමග කතා කලා. ඒ අත්දැකීම් සහ මම උගත් වෛද්‍ය විද්‍යාව , මනෝ විද්‍යාව , මිනිස් මොලය , මිනිස් චිත්තය / විඥානය (consciousness ) හරහා මට තේරුම් ගිය දෙයක් තමයි මිය යන විට කෙනෙක් ගේ මනස යම් කිසි ස්ථිතියක (entity ) ට්‍රැප් වෙන්න පුලුවන් කියන එක. උදාහරණයක් ලෙස විශාදය කාන්සා චිත්තයෙන් තොරව නියර් ඩෙත් එක්ස්පීරියන්ස් ලබපු පුද්ගලයා අහසේ පාවෙනවා , නිල්වන් අහස දකිනවා , ලස්සන ඇහැට ප්‍රිය එලියක් දකිනවා ඔහු තුල ශාන්ත බවක් තියනවා. මේ අවස්ථාවේදී කාලය ( ඔරලෝසු වේලාව) බල පවත්වන්නේ නෑ. කාලය පිලිබඳ හැඟීමක් නෑ. මේ ස්ථිතියේ හිටපු පුද්ගලයා ආපසු සිහිය ලබන විට ඔහුට තේරෙනවා යලිත් ශරීරය සමග ඔහු සම්බන්ධ උන හැඟීමක්. ඔහු පාවී ශාන්තව ඉන්න ඇත්තේ ඔරලෝසු වේලාවෙන් විනාඩි 5 හෝ 20 වෙන්න පුලුවන්. විශාද සහ කාන්සා චිත්තයෙන් නියර් ඩෙත් එක්ස්පීරියන්ස් ලබපු පුද්ගලයාට පිච්චෙනවා , රුදුරු පරිසරයක් හරහා යනවා වගේ අත් දැකීම් තියනවා.


නියර් ඩෙත් එක්ස්පීරියන්ස් එකේදී මේ වගේ දේවල් දැනෙන්නේ මොලයේ නියුරෝන වල අසාමාන්‍ය ක්‍රියාකාරීත්වය , ඔක්සිජන් හිඟ වීම නිසා ඇති වන හැලුසිනේෂන් නිසා. ඒ අත් දැකීමට ලක් වන්නෝ ටනල් එකක් තුලින් යනවා දැනීම , පා වෙනවා දැනීම, ඈත් එලියක් තිබෙනවා දැකීම වැනි අත් දැකීම් ලබනවා. සමහරුන්ට තම ජීවිත කතාව අධි වේගී චිත්‍රපටයක් වගේ පේනවා. මේ සියල්ලම මොලයේ නියුරෝන වල අසාමාන්‍ය ක්‍රියාකාරීත්වය මත සිදුවෙන දේවල්.

දැන් මේ පුද්ගලයෝ නියර් ඩෙත් එක්ස්පීරියන්ස් එකෙන් ඔබ්බට ගොස් මරණයට පත් වුනා සිතමු. ඔවුන් ගේ ශරීරය සහ මනස මිය ගිහින්, මොලය මැරිලා. නමුත් අර නියර් ඩෙත් එක්ස්පීරියන්ස් එකේ ලබපු සංජායනය (perception) ට්‍රැප් වෙලා. මේක උදාහරණයකින් පෙන්වන්නම්. මගේ රෝගියෙක් නියර් ඩෙත් එක්ස්පීරියන්ස් එකක් ලබනවා යුද භූමියේදී. ඔහු ශාන්තව පා වෙමින් ඉන්නවා. පරිසරය විචිත්‍රයි. ඔහු ඒ තලයේ ඉන්න ආසයි. මොහු යලිත් පියවි තත්වයට ආවා. ඔහුට කාලය පිලිබඳ හැඟීමක් තිබ්බේ නෑ. ඔහු යලිත් පියවි සිහිය ලබනවා. ඒ අතර කාලය විනාඩි 5 - 10 විතර ඇති. නමුත් ඔහුට මේ පාවී සිටි විනාඩි 5 - 10 කාලය කාලාන්තරයක් වගේ. දැන් හිතන්න මොහු මිය ගියා කියලා. එහිදී ජීව විද්‍යාත්මක ශරීරය මොලය මිය යනවා. නමුත් අර ලැබූ වින්දනාත්මක සංජායනය දිගින් දිගටම තිබෙන බවක් දැනෙනවා. ඒකට කාලය පිලිබඳ හැඟීමක් නෑ.. අර වින්දනාත්මක සංජායනය ශරීරය සහ මොලය මිය යාමත් සමග ටෙක්නිකලි ක්‍ෂය වෙනවා. නමුත් අර නියර් ඩෙත් කාල පරාසය අත් විඳින පුද්ගලයාට ආරම්භයක් සහ අවසානයක් පිලිබඳ තත්වයක් ගෝචර වෙන්නේ නෑ. ඔහුට දැනෙන්නේ කාලයෙන් ඔබ්බට ගිය සංවේදනයක්. මේක තව තේරුම් කරන්නම්. නියර් ඩෙත් එක්ස්පීරියන්ස් එක ලැබූ පුද්ගලයා තම ආගමික විශ්වාස අනුව ( ක්‍රිස්තියානි නම් සෙන් පීටර්ස්ව දැකීම, හිංදු නම් ක්‍රිෂ්ණා පෙනීම ; පොඩි කාලයේ සිට මොලයට දුන් ආගමික අදහස් නිසා ඇතිවූ මොලයේ නියුරෝන වල වෙනස්කම් මත විවිධාකාර සිහිනයක ඉන්නවා. ඔහු තමා පවු කාරයෙක් කියලා විශ්වාස පෙරදැරි කර ගෙන මොලය රීන්ෆෝස් කරගෙන තිබුනේ නම් ගිනිදැල් ද තමන් පින්වතෙක් කියා මොලය රීන්ෆෝස් කරගෙන තිබුනේ නම් ස්වර්ගයද මේ සිහින තුල අත් විඳිනවා. මෙතන සිහිනය කියා කියන්නේ අප රෑට දකින සිහින නෙවෙයි. නියර් ඩෙත් එක්ස්පීරියන්ස් එකේදී මොලය අත් විඳින සංජායනය.

මරණින් පසු මිනිසෙකු සුගතියක උපදිනවා කියන්නේ මේ සංජායනය විය නොහැකිද ? එසේම අපායට ගියා කියෙන්නෙත් මේ මේ සංජායනය විය නොහැකිද ? මිය ගිය පුද්ගලයා තවුතිසා දිව්‍ය ලෝකෙට ගියා කියන්නේ මේ ශාන්ත දාන්ත , සිත් කළු සංජායනය. ඒ වගේම දේවදත්ත නිරයේ ගිනි දැල් වල ඉන්නවා කියන්නේ මැරෙන මොහොතේ ඔහුගේ සංජායනය ට්‍රැප් උනා fear - anxiety based නියර් ඩෙත් එක්ස්පීරියන්ස් එකේදී. ඔහුට දැනුනා ගිනි දැල් ඔහුව වෙලා ගත් බව. නමුත් ඔහුගේ ශරීරය සහ මොලය මිය ගියා. ඉන් එහාට පැවැත්මක් නෑ (මම විශ්වාස කරන පරිදි) නමුත් මේ ට්‍රැප් වීම අප ඔරලෝසු කාලය මගින් මනින්න බෑ. ඒ සංජායනය අදාල පුද්ගලයා විඳින්නේ අපගේ ඔරලෝසු වේලාවෙන් විනාඩි 5 හෝ 10 වෙන්න පුලුවන්. නමුත් ඒ පුද්ගලයාට ඒක කල්පයක්. ඒ අතර තුර ජීව විද්‍යාත්මකව ඔහු මිය ගිහින්. මේ සංජායනය අපගේ ඔරලෝසු කාලය අනුව විනාඩි 5 හෝ 10 තිබිලා පුද්ගලයා ගේ මරණයත් එක්ක ක්‍ෂය වෙලා යනවා. නමුත් සංජායනය අත්දැකීම ලබන පුද්ගලයාට මේ විනාඩි 5 හෝ 10 කල්පයක්. ඔහුට දැනෙන්නේ සදාකාලික හැඟීමක්. නිවන් දැකීම යනු මේ කිසිම (ශාන්ත හෝ රුදුරු) සංජායනයකට ලක් නොවී මිය යෑමද ? එහිදී සංජායනයක් නෑ, ට්‍රැප් වීමක් නෑ. නිදහස් වීමක් පමණයි සිදු වන්නේ. මම මේ කියන එක ක්වොන්ටොම් භෞතික විද්‍යාව , Neuro Psychology දැනුම ආදේශ කරලා සිතන්න.සාම්ප්‍රදායික ආගමික විශ්වාස මති මතාන්තර වල එල්බ ගෙන සිතන්න එපා. ස්වාධීන සිතකින් තර්ක කරන්න.


වැඩි විස්තර සඳහා කියවන්න

Patients’ Experiences of NDE

**************************
Death is the cessation of all biological functions that sustain a living organism. According to the medical practitioners, death has two stages: clinical death and biological death. In clinical death a person’s heart beating stops with the blood circulation. Clinical death is reversible and these vital functions can be restored with timely appropriate interventions. Biological death can occur if clinical death prolongs to four to six minutes.  Then the brain cells die from lack of oxygen. In this condition irreversible biological death occurs.

Near death experiences were common with those who have encountered clinical deaths. These experiences are unique and every religion has different interpretation for the NDE. It is a subjective experience and many NDEs depend on the education level, cultural factors and religious beliefs. Therefore it cannot be defined as a universal experience. But there are a number of common elements associated with NDE such as out of body experience, travelling through a tunnel, floating, and levitation, seeing a light etc. This is a phenomenon that has to be scientifically investigated by the researchers.

The term NDE was coined by Dr Raymond Moody and in his famous book  Life after Life. Dr. Moody discusses numerous NDE experiences of his patients. He investigated and documented more than one hundred case studies of people who experienced clinical death and were subsequently revived. Dr Moody found some commonalties in their experiences. After doing a lengthy interviews with people who had faced NDE Dr Raymond Moody concluded: “I don’t mind saying that after talking with over a thousand people who have had these experiences, and having experienced many times some of the really baffling and unusual features of these experiences, it has given me great confidence that there is a life after death. As a matter of fact, I must confess to you in all honesty, I have absolutely no doubt, on the basis of what my patients have told me, that they did get a glimpse of the beyond.” 

Read more ; https://transyl2014.blogspot.com/2014/10/patients-experiences-of-nde.html

1 comment:

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook