Saturday, July 27, 2024

ගැමියා වනාහී




ගැමියා පුනරුදයට බයයි. ගැමියා  ජීවත් වෙන්නේ  නිරන්තර බයෙන්  ගැමියා හිතනවා ඇමරිකාවේ සුදු මහතැන  ලෝක බැංකුව , බටහිර ලෝකය 24/7 බලන් ඉන්නේ ගැමියාට අරින්න  ගැමියාගේ උදාර ආගම සඟිස්කෘතිය විනාස කරන්න කියලා.  පාරක් පලල් කරත් හිතන්නේ ඒ ඇමරිකන් ප්ලේන් බාන්න​, කළු ගල් වලින් තාප්ප ගහන කොට හිතන්නේ අධිරාජ්‍යවාදීන් ගේ කඳවුරු හදන්න කියලා.  ගැමියා නවතාවට බයයි. මොඩනයිසේෂන් සංවර්ධනය දකින්නේ රකුසන් විදියට. ගැමියා ඉන්වෙස්ටස්ලාට බයයි. ආයෝජකයෝ යනු රාක්‍ෂයන් කියලයි ගැමි මනස හදලා තියෙන්නේ. ගැමියාට මුදල් කියන්නේ පාරාජිකා පාලි.  ගැමියා සේවයක් ලබා දීලා ගන්නේ බුලත් අතක් විතරයි. ආර්ථික වර්ධනයක් ගැන , වෙළඳාම් ගැන ගැමියා දන්නේ නෑ. ගැමියා සෙස් කරන්නේ කුප්පි නිවාගෙන කළුවරේ පිරිමි ඇඟ පවුල දකිනවාට ගැමියා බයයි ගැමියා බණ අහන ගැමි උන්නාන්සෙලාත් කියන්නේ  ඇඟ දකින එක තුච්චයි කියලා. ගැමියා බොන්නේ හොරෙන්, අකුලකට වැදී රා කට්ට ගහලා කට පිහදාගෙන එනවා. නැත්නම් ඇඳ යට තියන අරක්කු බෝතලේ හොරාට උගුරේ වත් කරගෙන මොකුත් උනේ නෑ වගේ ඉන්නවා. ගැමියා අම්බ කුහකයෙක් , උගේ දරු මුනපුරන් පවා විස්ස විද්‍යාලයට , රස්සාව කරන තැනකට ගියාම උන් ගේ ලේ වල තියන කුහක කම ඉරිසියාව වගුරනවා. ඒත් සිනමාවෙන් , සිංදු වලින් කියන්නා ගම සුන්දරයි ගැමියා නිර්ව්‍යාජයි කියලා.

2 comments:

  1. ටිපිකල් ජෙප්පා ගේ ජීවන දර් ශනය

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook