Euthanasia හෙවත් අනායාස මරණය පිලිබඳව වරක් මා සෙනෙකා කිං කැම්පස් හි දේශනයක් කලෙමි. ඒ මීට වසර 6 පමණ පෙරය. ඒ කාලයේ මා සිටියේ අනායාස මරණ විරෝධී ස්ථාවරයකය. ඊට හේතුව අනායාස මරණය ව්යාපාරය විසින් තීරණ ගත නොහැකි මහල්ලන් , මෝටිවේට් කරන ලද විශාදයෙන් පෙලෙන්නන් අනායාස මරණ කරා දැක්කවීම නිසාය. නමුත් ජීවිතයේ මහළු බවට පත්වී තමන් ගේ කටයුතු තනිව කර ගැනීමට බැරිව අන්යන්ට බරක් වේ ගෙන එන විට පියවි සිහියෙන් අනායාස මරණය ලඟා කර ගැනීම වරදක් නොවන බව මම සිතමි. බුදුන් වහන්සේ ද මහළු බව ලඟා වූ විටදී ආයු සංස්කාරය අත් හලේය. එය එක්තරා ආකාරයකට පියවි සිහියෙන් අනායාස මරණය වෙත ලඟා වීමක් බව මම සිතමි.
පහත දැක්වෙන්නේ අනායාස මරණය (Euthanasia) පිලිබඳ මා විසින් ලියන ලද ලිපියකි ; http://transyl2014.blogspot. com/2015/04/euthanasia.html
සංස්කරණය නොව සංස්කාරය වියයුතුයි
ReplyDeleteඅහෝ මේ දොස්තර බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට ගැලපෙන ලෙස බුදුදහම විකෘති කරන අයුර.
ReplyDeleteබුදුන් අපවත් වන විට වයස කීයද ?
ReplyDelete