නදීෂ් දිල්ශාන් දිසානායක ගේ කෝචියේ හිටගෙන කවි පොත නව මානයක් විවෘත කරයි. ඔහුගේ කාව්‍ය ප්‍රවිධිය ඔහුටම වූ අනයතාවයකින් යුක්‍තය. ඔහුගේ " හරාම් " කවිය අපූරුය. පේලි සතරකි එහෙත් අර්ථය ගැඹුරුය.
හරාම්
******
මොකට ලිව්වාද බං
රූබයියාට් ඛයියාම්
පොර උපන් දේශයෙත්
ඒ සේරම හරාම්
කවියා විනිවිද දකින්නේ තිත්ත ඇත්තකි. ජීවිතයේ සියලුම ආශාවන්ට විලංගු දමා හරාම් කර ඇති ලෝකයක ජීවිතය විඳවන්නන් මිස විඳින්නන් නොමැත. ඔහුගේ නූතන කිඳුරුව , මනමේ, යන කවිද ගැඹුරු අර්ථයක් පාඨකයාට ලබා දෙයි. මඛාදේවගේ ත්‍යජනය පිලිබඳ කවියා ගේ දැක්ම වෙනස් ය. එය පුහුදුන් අදහසක් නොව ප්‍රායෝගිකවාදය ඔස්සේ එන අදහසකි. මඝ මානවක ගේ නූතන භව්‍යත්ත්වය පාඨකයා නව මානයකට ගෙන යයි. නදීෂ් දිල්ශාන් දිසානායක ගේ කවි පොත එක හුස්මට කියවිය නොහැක. සෑම කවියකම ගැඹුරු අර්ථය පාඨකයාව වෙනස් ලෝකකයට ගෙන යයි.

Tiada ulasan:
Catat Ulasan
Appreciate your constructive and meaningful comments