Khamis, 24 Julai 2025

ආගම සහ පූජකයෝ



ආගම කියන සංකල්පය මිනිස් ජිවිත වලට එක් එක් වෙන්නේ දඩයම් යුගයේ සිට. ස්වභාව ධර්මයාගේ අණතුරු වලින් බේරෙන්න දැනුම ස්කිල් එක නොමැති නොදියුනු මානවයාට  මෂ්තිෂ්කයේ   ෆියර් සෙන්ටර් වර්ධනය වෙත්ම ඒ අණතුරු වලින් බේරෙන්න නොපෙනෙන බලවේගයක පිහිට පතන්න වෙනවා.  මේ ක්‍රමය වඩාත් සංවිධිත වෙනවා මිනිසා එඬේර යුගයට ආවම​. සුමේරියානු ශිෂ්ටාචාරයත් එක්ක රජ සහ පූජක යනුවෙන් පන්ති දෙකක් බිහි වෙනවා. පූජකයාට සමාජයේ බලතල හිමි වෙනවා. ඊජිප්තු ශිෂ්ටාචාරයේදී පූජකයන් ගේ බලය වැඩියි . ඔවුන් ඇතැම් විට පාලකයා වෙනස් කිරීමට පවා බලපෑම් කලා. හිංදු සහ බෞද්ධ ශිෂ්ටාචාරවලත් පූජකයාට සමාජ බලයක් හිමි වෙනවා. ලංකාවේ අතීත පූජක පක්‍ෂය රජු නෙරපීමට මෙන්ම රජු පත් කිරීමටද හැකි බලයකින් යුක්ත වූවා. ක්‍රිස්තියානි ලෝකයත් මේ වගෙයි. පල්ලිය මධ්‍යකාලයේ යුරෝපයේ දේශපාලනය සහ සමාජ ජීවිත පාලන බලය අතට අරගෙන  විද්‍යාත්මක චින්තනය යටපත් කල අඳුරු යුගයක් ඇති කලා. යුරෝපය සහ උතුරු ඇමරිකාව තවමත් පල්ලියේ (වතිකානුවේ) බලයෙන් මිදිලා නෑ. පූජකයෝ ලඟ තවමත් ඒ ඒ රට වල භූ දේශපානය වෙනස් කිරීමේ යතුරු තියනවා.  ඇෆ්ගනිස්තානය ,  සෞදි අරාබිය  දෙස බලන්න.  ඉස්ලාම් ලෝකයේ පූජකයෝ මිනිසුන් අඳින පලඳින , කන බොන දේවල වලට පවා බලපෑම් කරනවා. මේ අනුව පූජකයා / ආගම කියන්නේ එක්තරා විදියකට මිනිස් ශිෂ්ටාචාරයේ පසුගාමී බලවේගයක්. මේ බලවේගය තමයි  ඔබගේ ජීවිතයේ සංගතභාවය , යුද්දය හෝ සාමය තීරණය කරන්නේ. මේ බලවේගයෙන් මිදී ජීවත් වෙන්න අසීරුයි. 

Tiada ulasan:

Catat Ulasan

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook