Jumaat, 14 Mac 2025

ශ්‍රී ලංකා දේශපාලනයේ ඇල්ෆා මේල් සාධකය

 




 

ඇල්ෆා පුරුෂයෙකු (Alpha Male)  යනු ශක්තිමත් නායකත්ව ගුණාංග ඇති,   ස්ථිරසාර සහ බොහෝ විට වගකීම භාර ගන්නා කෙනෙක්. ඔවුන් තුල බොහෝ විට අභිලාෂකාමී, ස්වාධීන සහ තරඟකාරී බවක් තියනවා. ශ්‍රී ලාංකික දේශපාලනය නිබඳවම ඉල්ලුවේ ඇල්ෆා මේල්  ලා.  ඩී.එස් කියන්නේ ඇල්ෆා මේල් කෙනෙක්. ජේෂ්ඨත්වය අනුව එන්න සිටි ඩී.බී ජයතිලක පන්සලක ළමා කාලය ගත කල සන්සුන් හා නිහඬ චරිතයක්. ඒ නිසා ඩී.බී ජයතිලක විසි වෙනවා. ඩඩ්ලි ලාමකයි. පියාගේ නිර්භීතකම තිබ්බේ නෑ. නමුත් ඔහුව බැක් කරනවා සර් ඔලිවර් ගුණතිලක​. ඔලිවර් ගුණතිලක ඇල්ෆා මේල් කෙනෙක් ඒ වගේම ලංකාවේ මුල්ම දේශපාලන මුදල් චෞරයා. නමුත් හාර්තාලය වගේ සිද්දියකදී නව දෙනෙක් මිය යන කොට ඩඩ්ලිට ඒ ප්‍රෙශර් එක දරා ගන්න බෑ.  ඩඩ්ලි සසල වෙනවා.  සර් ජෝන් කොතලාවල  කියන්නේ ටිපිකල් ඇල්ෆා මේල්.  බයත් නෑ ණයත් නෑ. නමුත් ලංකාවේ ජනතාවට කොතලාවල වගේ චරිතයක් දරා ගන්න බෑ. ඒ නිසා ගේනවා බණ්ඩාරනායකව​. බණ්ඩාරනායක කියන්නේ දියාරු සොකඩ චරිතයක්. ඒ කාලේ මිනිස්සු කිව්වේ සෙවල බණ්ඩා කියලා. ඒ තරමට දියාරුයි. ආගම ජාතිය භාෂාව එක්ක දේශපාලන ගේම් ගහන්න ගිහින් තමන් හදා ගත්ත පංච මහ බලවේගයෙන්ම වෙඩි කාලා රට පසුකාලීනව 30 අවුරුදු යුද්දයකට ඇද දානවා. ඊට පස්සේ එන විජයානන්ද දහනායක LGBT චරිතයක්. ඇල්ෆා මේල් කෙනෙක් නෙවෙයි ඒ නිසා බලය රැක ගන්න බැරි වෙනවා. සිරිමාවෝ කාන්තාවක් උනාට ශක්තිමත් චරිතයක්. ඒ වගේම සිරිමව බැක් කරන්න ෆීලික්ස් ඩයස් වගේ ඇල්ෆා මේල් කෙනෙක් හිටියා. 71 කැරැල්ල කුඩු පට්ටම් කරන්නේ ෆීලික්ස් ඩයස්. ජේ ආර් එක්තරා ආකාරයක ඇල්ෆා මේල් කෙනෙක්. නිර්දය චරිතයක්. ප්‍රේමදාස ලූම්පන් චරිතයක්. ඒ නිසා නියම නායකත්වයක් පෙන්වන්න නොහැකිව අර්බුධ ගනනාවකට ගියා. චන්ද්‍රිකාත් ශක්තිමත් නිර්දය චරිතයක්. චන්දිරිකා පසු පස නාමිකව හෝ අනුරුද්ධ රත්වත්තේ ඇල්ෆා මේල් බැක් කලා. මහින්ද රාජපක්‍ෂ කියන්නේ ග්‍රාමීය ඇල්ෆා මේල් කෙනෙක්. ඒ නිසා සෑහෙන කාලයක් නොසැලී අල්ලගෙන හිටියා. රනිල් ඇල්ෆා මේල් කෙනෙක් නෙවෙයි. ඒ නිසා තමයි නායකත්ව අර්බුධ වලට දිගින් දිගටම මුහුණ  දුන්නේ. ගෝටාභය තුල නිර්දය ක්‍රෑර ගති තිබ්බට ඔහු ඇල්ෆා මේල් කෙනෙක් උනේ නෑ. ඒ නිසා තමයි අතර මගදී දාලා පළා ගියේ. 














Tiada ulasan:

Catat Ulasan

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook