පවුල් සෞඛ්‍යය සේවා නිලධාරිනියන් යනු ලංකාවේ සෞඛ්‍යය සේවයේ ඉතා දැවැන්ත වැඩ කොටසක් ඉටු කරන එහෙත් ඒ සඳහා කිසිම ඇගැයීමක් නොලබන පිරිසකි. මිනිපේ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී ලෙස සේවය කල කාලයේදී මම පවුල් සෞඛ්‍යය සේවා නිලධාරිනියන් විසින් සිදු කරන කාර්‍යභාරය පිලිබඳ ඉතා හොඳ අවබෝධයක් ලැබුවෙමි. ප්‍රතිශක්තිකරණ වැඩසටහන් වලදී ගලමුදුන උඩගල දෙබොක්ක වැනි වාහනයකින් යාමට පාරවල් පවා නොවූ අලින් ගෙන් ගහන වූ ප්‍රදේශ වල පවුල් සෞඛ්‍යය සේවා නිලධාරිනියන් විසින් කල සහ තවමත් කරන සේවාව කොලඹ සිටින සෞඛ්‍යය අංශයේ ලොකු නිලධාරීන් දන්නේද යන්න ගැටළුවකි. වාර්ශිකව පෝලියෝ ප්‍රතිශක්තිකරණ වැඩසටහන් සඳහා පවුල් සෞඛ්‍යය සේවා නිලධාරිනියන් විසින් ස්ව කැමැත්තෙන්ම කිසිම මැසිවිල්ලකින් තොරව කරන ලද වැඩ කොටස ගැන සිතන විට අද මා විමතියට පත් වෙමි. වාහන පහසුකම් , ශීතතකරණ පහසුකම් නොතිබූ නොදියුණු පසුගාමී දිස්ත්‍රික්කයක ඔවුන් සැතපුම් ගනන් පයින් ගොස් ළදරුවන්ට පෝලියෝ ප්‍රතිශක්තිකරණය ලබා දුන්හ. ඔවුන් ප්‍රජා සෞඛ්‍යයේ සුවිසල් කාර්‍ය භාරයක් සිදු කරති .මාතෘ සහ ළමා සෞඛ්‍යය නංවාලීම පිණිස කාලාන්තරයක් පුරා අපගේ පවුල් සෞඛ්‍යය සේවා නිලධාරිනීයන් සිදු කල සේවයට අප කෘතඟ විය යුතුය. මාතෘ සෞඛ්‍ය සේවාව ලෝකයේ දියුණු රටවල ආසන්නයට ගෙන ඒම සඳහා ඔවුන් විශාල සේවාවක් කරන ලදි.
වෛද්‍ය රුවන් එම් ජයතුංග
මිණිපේ හිටපු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී
ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක
MOH , DDHS Minipe
Tiada ulasan:
Catat Ulasan
Appreciate your constructive and meaningful comments