Selasa, 25 Mac 2025

ශ්‍රී ලංකාව විසින් බිහි කල විශිෂ්ටම මානව විද්‍යාඥයා- ගනනාථ ඔබේසේකර

 






වරක් මා විසින් ලියන ලද සිංහබාහු කථාවේ මනෝ විද්‍යාත්මක පාර්ශවය ගැන ලිපිය - Sinhabahu The Paradigmatic Myth Of The Sri Lankan Oedipusකියවූ ප්‍රංශ ජාතික මනෝ විද්‍යාඥයෙකු වන Eric Smadja මෙම ලිපිය මහාචාර්‍ය ගනනාථ ඔබේසේකර වෙත යවන්න යැයි කීවේය​. ඒ මන්ද කියා මා විමසූ විට ඔහු කීවේ ගනනාථ ඔබේසේකර යනු වර්ථමානයේ ජීවතුන් අතර සිටින විශිෂ්ටම මානව විද්‍යාඥයා නිසා මෙම ලිපිය ගැන වඩාත්ම හොඳ විවරණය ලබා ගත හැක්කේ ඔහුගෙන් බවයි. පසුගිය වසරේදී මම ප්‍රංශ මනෝ වෛද්‍ය ලෝරන්ට් කරීලා සමග Nymphomania හෙවත් නාරිකාමෝන්මාදය ගැන පත්‍රිකාවක් ලියුවෙමි. මම ශ්‍රී ලංකාවෙන් බව දැනගත් මනෝ වෛද්‍ය ලෝරන්ට් කරීලා මගෙන් ඇසූ මුල්ම ප්‍රශ්නය වූයේ ඔබ මහාචාර්‍ය ගනනාථ ඔබේසේකරගේ පොත් කියවා තිබේද යන්නයි. තවද යෝක් විශ්ව විද්‍යාලයේ සමාජ මනෝ විද්‍යාව පිළිබඳ මහාචාර්‍ය රිචඩ් ලේලොන්ඩ් තම දේශන වලදී ඇතැම් විට මහාචාර්‍ය ගනනාථයන් ගේ පොත් වලින් කරුණු උපුටා දක්වයි. මහාචාර්‍ය ගනනාථ ඔබේසේකර අන්තර්ජාතික කීර්තියට පත්වූ මානව විද්‍යාඥයෙකි. ඔහු ලංකාව විසින් බිහි කල විශිෂ්ටම මානව විද්‍යාඥයාය. ඒ ගැන කිසිදු විවාදයක් නැත​.

Dr Ruwan M Jayatunge M.D. PhD 

1 ulasan:

  1. ඒත් මෙතුම එක්ක පක්ෂපාති ලොකුහාමුදුරුවරු හරි ම අඩුයි. එයාල හිතන්නෙ මේ උත්තමය ඔවුන්ට විරුද්ධයි කියල.

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook