Isnin, 28 Ogos 2023

තිස් වසරක යුද්ධය සහ පශ්චාත් යුද කම්පනයට ලක්වූ ශ්‍රී ලංකාව




ඊලාම් යුද්ධයේ දුර්විපාක සමාජය හඳුනාගන්නා කාලය තෙක් මනෝ විද්‍යාත්මක රෝගාබාධයක් වූ පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය (Post-traumatic stress disorder -PTSD)  ශ්‍රී ලාංකාවට ආගන්තුක රෝග තත්වයක් විය​. වියට්නාම් යුද්ධයෙන් පසුව ඇමරිකානු සමාජය වියට්නාම් සින්ඩ්‍රෝමය හඳුනාගත්තාක් සේ ඊලාම් යුද්ධයෙන් පසුව ශ්‍රී ලාංකික සමාජය පලාලි සින්ඩ්‍රෝමය හෙවත් සංග්‍රාමික පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය හඳුනා ගන්නා ලදි.  එහෙත් මෙම ආබාධය හඳුනාගන්නා විට එකී ආබාධය විසින් සමාජය තුල පුද්ගල මෙන්ම පොදු සංකූලතාවන් ඇති කොට තිබුනි. තිස් වසරක ඊලාම් යුද්ධය විසින් සාමූහික ව්‍යසනයක් (Collective Trauma ) ඇති කරන ලදි.  යුද ආතතිය නිසා බොහෝ සොල්දාදුවෝ පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවට ලක් වූහ​. යාපනය විශ්වවිද්යාලයේ මනෝ විද්යා අංශයේ මහාචාර්ය දයා සෝමසුන්දරම් විසින් උතුරේ ගැටුම්වලට මැදිවූ මිනිසුන්ගේ ජීවිතය  යුද ගැටුමේ පීඩනය මිනිසුන්ට දැනුනු ආකාරය , මිනිසුන් විසින් අත්දුටු සාමුහික වියසනය ගැන ලියා ඇත​. 


මෙම දේශනය තිස් වසරක යුද්ධය සහ පශ්චාත් යුද කම්පනයට ලක්වූ ශ්‍රී ලංකාව පිලිබඳව කතා කරයි. (සම්පත් දායකත්වය මනෝ විද්‍යා මහාචාර්‍ය මහාචාර්‍ය දයා සෝමසුන්දරම් සහ වෛද්‍ය රුවන් එම් ජයතුංග ) 

දේශනයට සවන් දීමට ලින්කුව 

Link : You tube link ; https://www.youtube.com/watch?v=HPRIQ_QNEZM

Tiada ulasan:

Catat Ulasan

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook