ලඟදී පැය දෙක තුනකට US ගිහින් ආවා. කැනඩාව- ඇමරිකාව යා කරන රේන්බෝ බ්‍රිජ් එක හරහා කෙලින්ම බෆලෝ වලට ගියා. US බෝඩර් එකේ හිටියේ විනාඩි 15 අඩු කාලයක්. ඇමරිකා ගිය හැටියම කරන්නේ ෆුල් ටෑන්ක් පෙට්‍රල් ගහන එක. පෙට්‍රල් මිල ඇමරිකාවේ අඩුයි. ඒ ගමනේදී මට ආපු සිතුවිල්ලක් තමයි ලංකාව හා ඉන්දියාව අතරේ මෙහෙම පාලමක් තිබ්බා නම් පැය දෙක තුනකට අපිට ඉන්දියාවට ගිහින් එන්න පුලුවන්. අවශ්‍ය නම් සති දෙක තුනක ට්‍රිප් එකක් කරන්න පුලුවන්. අපේ මිනිස්සු ඉන්දීය භීතිකාවෙන් පෙලෙන නිසා මේවගේ දෙයක් කෙරෙයිද දන්නේ නෑ . කෙරුනොත් නම් හොඳයි රටවල් දෙකේම ආර්ථිකයට වාසිදායක වෙයි. ලංකාව හා ඉන්දියාව අතර පාලමක් දැම්මොත් ඒක ඇඩම්ස් බ්‍රිජ් වගේ නමකින් හඳුන්වන්න පුලුවන්.

Tiada ulasan:
Catat Ulasan
Appreciate your constructive and meaningful comments