Jumaat, 10 Februari 2023

එළාර රජු ද්‍රවිඩ රජෙක්ද ?



එළාර රජු ද්‍රවිඩ පුද්ගලයෙකු බව සිතන්න අමාරුයි. ඔහු කේරල හෝ උතුරු ඉන්දීය කෙනෙක් විය හැකියි. එළාර රජු ද්‍රවිඩ නම් ක්‍රි.පූ ඒ යුගයේ ඒ කාලයේ ද්‍රවිඩයන් ලංකාවේ සිටි බව ඔප්පු වෙනවා. එසේ නම් ද්‍රවිඩ සෙල් ලිපි තිබිය යුතුයි. නමුත් 12 සියවස දක්වා ද්‍රවිඩ සෙල් ලිපි හමු වෙන්නේ නෑ. එලාර රජු හිංදු භක්තිකයෙකු හෝ බොදුනුවෙකු නොවෙයි. ඔහු බොහෝ විට Zoroastrianism දහම අදහන්න ඇති. ඒ නිසා තමයි හැමුරාබිගේ ඇසට ඇසක් නීතිය යටතේ තමන් ගේ පුතාව කරත්තයට යට කරලා මරන්නේ. ඒක ජනප්‍රියතාව ලබා ගන්න කරපු වැඩක් වෙන්නත් පුලුවන්. එළාර රජු යටසේ සිංහල සේනාධිපතිවරු පවා සේවය කලා. එළාර රජු ක්‍රිපූ 205 සිට ක්‍රිපූ 161 දක්වා පාලනයක් ගෙන ගියා. වසර 44ක රාජ්‍ය පාලනයෙන් පසු එළාර රජුගෙන් රට බේරා ගත්තේ දුටු ගැමුණුයි. මහා වංශය රචනා කර තිබෙන්නේ එළාර - දුටු ගැමුණු යුද්ධයෙන් සියවස් 15කට පසුවය​. මහාචාර්‍ය සෙනරත් පරණවිතාන කියන පරිදි එළාර වෙළෙඳ නැව් සමූහයකට නායකත්වය දුන් අයෙක්. එළාර රජු ද මුටසිව රජ පරපුරින් පැවතෙන බවත් හෙළ + ආර එළාර වූ බවටත් මතයක් තියනවා. එළාර රජුගේ අමාත්‍ය මණ්ඩලයේ බෞද්ධයන් ද සිටි බව කියවෙනවා. එළාර දුටුගැමුණු යුද්ධය සිංහල දෙමල සටනක් නොවෙයි. ඒක ලෝකයේ මුල් කාලීන ආගමික යුද්ධයක්. (මීට ඉහතදී ඊජීප්තුවේ ආගමික යුද්ධ ඇති වෙලා තියනවා) එළාර දුටුගැමුණු යුද්ධයේදී සිංහලයන් දෙපස බෙදී එකිනෙකා මරා ගත් බව කියවෙනවා.  

Tiada ulasan:

Catat Ulasan

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook