බන්ධනාගාර රෝහලේ සේවය කල ගුණසේකර සහ පද්මසිරි යන වෛද්‍යවරු ධනවත් සිරකරුවන් ගෙන් ජරාව නොගත් බව ප්‍රසිද්ධ කරුණකි. එහෙත් වර්තමානයේ වැලිකඩ බන්ධනාගාර රෝහලේ සේවය කරන බොහෝ වෛද්‍යවරු / වෛද්‍යවරියන් දුමියා වැනි සල්ලිකාර සිරකරුවන්ට සිර ගෙදර ඇට් හෝම් එකක් බවට පත් කොට ජරාව ගනිති. මොවුන් බොහෝ දෙනෙකු සල්ලිකාර සිරකරුවන් ගේ මුදල් වලින් වතු පිටි පවා මිලදී ගෙන තිබේ.
මීගමුව බන්ධනාගාර රෝහලේ සේවය කල එක් වෛද්යවරයෙකු ට්රෙමඩෝල් වැනි ඖෂධ රැඳවියන්ට විකිනීමෙන් සහ ධනවත් සිරකරුවන්ට බන්ධනාගාරය තුල පහසුකම් ලබා දීමෙන් උපයා ගත් මුදල් වලින් අළුත් ලෑන්ඩ් රෝවර් රථයක් මිලදී ගත් බව පැවසේ .
මේවා කාඩ් නොව ප්රසිද්ධ රහස් ය.

Tiada ulasan:
Catat Ulasan
Appreciate your constructive and meaningful comments