Rabu, 1 Januari 2020

මැද්දෙගොඩ අංකල් ගේ වංගෙඩිය


මැද්දෙගොඩ අංකල් කොල්ලන් ක්‍රිකට් ගසන විට  අංකල්ගේ කළු ඕපල් කාර් එක ක්‍රිකට් ගසන පාර මැද නවත්වන හෙයින් කොල්ලෝ සිටියේ ඔරොප්පුවෙනි. මැද්දෙගොඩ ඇන්ටී සීදේවී කාන්තාවකි. ඇයට කාරුණික සිනහවක් තිබුනාය. මැද්දෙගොඩ ඇන්ටී නිසා කොල්ලන් ඉවසුවද මැද්දෙගොඩ අංකල් නිතරම කරන කඩාකප්පල් ක්‍රියාව නිසා දිනක්  කොල්ලෝ මේ සඳහා ගේමක් කුමන්ත්‍රණය කලහ. මේ ගේම සඳහා ක්‍රිස්ටෝ අමරසේකර (දෙවන ලෝක යුද වෙතරානුවෙකු වන කැප්ටන් අමරසේකරගේ ලොකු පුතාය ) , චන්දන ජයවර්ධන ( ගම්පෙරළිය චිත්‍රපටයේ තිස්සගේ චරිතය කල ළමා නළුවාය) , චන්දුලාල් , මනුලාල් අයියා මලෝ සහ තවත් කොල්ලන් එකතු වූහ. දිනක් මොවුන් මැද්දෙගොඩ අංකල් ගේ ගරාජ් එකේ ඉබ්බා කඩා එහි තිබූ වංගෙඩියට ( මැද්දෙගොඩ අංකල් ගේ වංගෙඩිය ගරාජ් එකේ තිබුනු අතර මෙහෙකාරිය ගරාජ් එකට යවා පිටි කොටන කෝස් එක කරවන ලදි) චූ කළහ. එතනිනුත් නොනැවතුනු කොලු නඩය මේ  ක්‍රියාව අළලා සිංදුවකුත් සෑදූහ.   ක්‍රිස්ටෝ අමරසේකර දැන් ඉන්නේ එංගලන්‍තයේය , චන්දන ජයවර්ධන ඉන්නේ කැනඩාවේය. මැද්දෙගොඩ අංකල් අනූව දශකයේ මිය ගිය අතර මැද්දෙගොඩ අංකල් ගේ පුතා අනුර මැද්දෙගොඩ ජනාධිපති නීතීඥයෙකි. මේ පරණ කතාව මට පසුගිය සෙනසුරාදා කිව්වේ තාරක වික්‍රමරත්න  විසිනි.

3 ulasan:

  1. මං හිතුව, වංගෙඩිය උස්සල අරං කාර්එක ඉස්සරහිං තියන්ඩැති කියල, කාර් එක ගන්ඩ බැරි වෙන්ඩ

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook