Isnin, 6 Mei 2019

අන්තවාදීන් අපේ ලෝකය සදහටම විනාශ කරලාද​?

හමීඩ් , ෂාරාස් , හිල්මි උඹලා අපේ එල බුවාලා
මතකද  අපි පිට්ටනියේ ක්‍රිකට් ගැහුවේ එකට
වෙසක් එකට දන්සැල් බැස්සේ එකට
ලේන් එකේ වලි වලදී එන්ටර් උනේ එකට

ඒකාලේ උඹලාට තම්බියෝ කියලා කතා කලෙත්
හද පතුලෙන්ම ආපු සෙනෙහසින්
අපි අතරේ කිසි වෙනසක් තිබුනේ නෑ
කොන කපපු එකට විහිළු කලත්
උඹලා අපිත් එක්ක කෝප ගත්තේ නෑ

උඹලා ප්‍රියානි ඇන්ටිගේ දුවලා එක්ක
මල් කඩන කොට සපෝට් කලේ අපි
උඹලා වටලප්පම් ගේන කොට
ඒවා උදුරාගෙන කෑවේ අපි
ගෙවල් වලට හොරෙන්
එක සිගරට් එක බෙදාගෙන  
 බිව්වෙත් එකට අපි
එකට වල බැස්සෙත් අපි

ඒත් එක පාරටම උඹලා වෙනස් උනා
අපිත් එක්ක ගනු දෙනු අඩු කළා
ඇගනිස්ථානයෙන් ,පකිස්ථානයෙන්
කාත්තන්කුඩියෙන් ආපු මුල්ලලා එක්ක
උඹලා කුටු කුටු ගාන්න ගත්තා 

වෙනදා ඩෙනිම ගහලා ටී ෂර්ට් එක දාලා
එන්ටර් වෙච්ච උඹලා ලෝගු අඳින්න ගත්තා
දිග රැවුල් වවාගෙන අරාබි ඔටුවන් වෙන්න ගත්තා
අපිත් එක්ක කතා කලෙත් හරි කලාතුරකින්
අපිව ආගන්තුකයන් වගේ සලකන්න ගත්තා 
වෙනදා එක ප්ලේන් ටී එක බෙදාගෙන ගහපු උඹලා
අපි එක්ක ගනු දෙනු අහවර කලා

මුස්ලිම් අන්තවාදීන් බෝම්බ පුපුරුවන කොට
උඹලා නිහඞව බලාගෙන සිටියා
උඹලාට අපිව දැන් පේන්නේ කෆීර්ලා වගේද ?
අන්තවාදීන් අල්ලාහු අක්බාර් කියාගෙන
අපේ බෙලි කපන්න ආවොත් උඹලා අපිව බේරගනීද ?
ඇත්ත කියපං මචං හිතට වාවන්නේ නෑ
උඹලා උන් එක්ක එකතු වෙලා අපිට ගේම දෙයිද ? 

ඉස්සර කොටි ගහන කොට
අපිත් එක්ක එකට හිටපු උඹලා
අපෙන් ගේම ඉල්ලන්න
සෙට් උනේ කොහොමද ?

අපේ එවුන් අළුත්ගම දිගන
උඹලට කේස් අදින කොට
අපිට උඹලාගේ වේදනාව දැනුනා
මුස්ලිම් කඩ වර්ජනය කරපං කිව්වට
අපි හැමදාම බඩු ගත්තේ නානාගේ කඩෙන් 

ඇයි මචං අපිට ඒ කාලේ වගේ ඉන්න බැරි
ෆුල් ආතල් එකේ විහිළු කරගෙන
එක එළවලු රොටිය බෙදාගෙන කාලා
දැන් වගේ බයක් සැකයක් නැතිව
කියපං මචංලා ආපහු ඒවගේ කාලයක් එයිද ? 
නැතිනම්  අන්තවාදීන් අපේ ලෝකය සදහටම විනාශ කරලාද​?






6 ulasan:

  1. නැහැ එහෙම වෙලා නැහැ. වෙන්නෙත් නැහැ අපිටත් අල්ලාහ් දෙවියන්ට පස්සේ ඉන්නේ උඹල විතරයි ( අරාබි කාරයෝ ඉන්නවා කියල හිතන්න එපා)
    හැම දේම කලින් වගේමයි කිසි වෙනසක් නැහැ
    නමුත් අඩුවැඩි වශයෙන් අපේ එවුන්ගේ (මොන්ගොල් වැඩ ) වැරදි අපිට පිළිගන්න වෙනවා.

    BalasPadam
    Balasan
    1. අයි ඔබ අරාබි නමක් පාවිච්චි කරන්නේ?

      Padam
  2. ආගමේ නාමයෙන් අපරාද කිරීම සහ, මෙතරම් මොළ සේදීමකට ලක්වීම පිලිබදව ඔබේ අදහස කුමක්ද ?

    BalasPadam
  3. ඔයාගේ ළමයෙක්ට ඉස්ලාම් ආගම අතහරින්න අවසර දෙනවද?

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook