වෛද්‍ය යොහාන් කෝරලගේට පහර දීමෙන් පසු ලංකාවේ විශ්ව විද්‍යාල වල පවතින ශිෂ්‍ය ත්‍රස්තවාදය ගැන යම් කතිකාවක් ඇතිවී තිබේ. ලංකාවේ විශ්ව විද්‍යාල වල ශිෂ්‍ය ත්‍රස්තවාදය ආරම්භ වන්නේ 1971 පේරාදෙනියේ විශ්ව විද්‍යාලයේ මාර්ස් ශාලාවේ සිවිලිමේ බෝම්බ පිපිරීමත් සමගය. මෙම විශ්ව විද්‍යාල ශිෂ්‍ය ත්‍රස්තවාදය විසින් ජීවිත ගනාවක් මේ වන විට බිලි ගෙන තිබේ. එහෙත් මෙකී ශිෂ්‍ය ත්‍රස්තවාදය සිවිල් සමාජය තවමත් හරි හැටි හඳුනාගෙන නැත. මෙය අපගේ සමාජයේ උඩු දුවන පිළිකාවක් බවත් මෙම ශිෂ්‍ය ත්‍රස්තවාදයට එරෙහි වීමට සිවිල් සමාජයට කාලය පැමිණ ඇති බවත් වටහා ගත යුතුය. මෙම පිළිකාව වර්ධනය වුවහොත් බාඩර් මයිහොෆ් වර්ගයේ ප්‍රහාර සිවිල් සමාජය අත් විඳිනු ඇත.

Tiada ulasan:
Catat Ulasan
Appreciate your constructive and meaningful comments