Sabtu, 11 Ogos 2018

බුදුන් ගේ රස්තියාදුව

 

බුදු වීමට පෙර සිද්ධාර්ථ නම් ඔහු
රූපත් නලඟනන් සමග
රම්‍ය සුරම්‍ය සුභ මාලිගාවල
අනේක කාම සැප සම්පත්  විඳ

කපිළවස්තු පුරයේ  රස්තියාදු විය 
ඔහු සිටුවරුන් ඇමතියන් අතර ගැවසුනේය 
ඉන් පසු ඔහු  හොර රහසේම
තමන් ගේ කුළුපග මිත්‍ර චන්න සමග
ගම් නියම් ගම් පුරා රස්තියාදු විය

එම රස්තියාදුවේදී ඔහු මිනිස් ජීවිත දුටුවේය 
මිනිස් ජීවිත වල යථාර්ථය දුටුවේය 
ජීවිතයේ දුක්ඛ යතාර්ථය දුටු ඔහු
ගිහි ගෙය හැරපියා ගොස්
සය වසක් සත්‍ය සොයමින්
අති දීර්ඝ රස්තියාදුවක යෙදුනේය 
අවසානයේදී ලෝක සත්‍ය අවබෝධ කරගත්
සිදුහත් තවුසා ලොව්තුරා බුද්ධත්වය ලැබුවේය
බුදුවී දඹදිව නොයෙකුත් නගර වල 
ශ්‍රාවකයන් සමග රස්තියාදුවේ යෙදෙමින් 
අනේක බාධාවන්ට විවේචනයන්ට 
මුහුණ දෙමින් නොසැලී සිට
මිනිසුන්ට සත්‍ය පෙන්වා දුන්නේය 
රස්තියාදුව යනු ඉබාගාතේ යාමක් නොව 
අන්‍යන් උදෙසා කෙරෙන පරාර්ථ චාරිකාවක් බව
බුදුන් විසින් ප්‍රායෝගිකව පෙන්වා දුන්නේය

වෛද්‍ය රුවන් එම් ජයතුංග

1 ulasan:

  1. ඒ පොත නම් ලියල තියෙන්නේ ඔහුගේ රස්තියාදුවක් ගැන
    //අන්‍යන් උදෙසා කෙරෙන පරාර්ථ චාරිකාවක් බව
    බුදුන් විසින් ප්‍රායෝගිකව පෙන්වා දුන්නේය// ඕක තමා හරි

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook