රනිල් වික්‍රමසිංහ යනු 1977 කැබිනට්ටුවේ ලාබාලතම මෙන්ම අත්දැකීම් අඩුම වූ අමාත්‍යවරයා විය. නමුත් කාලයත් සමග දේශපාලන ප්රවාහයන්ට මුහුණ දීම මගින් ඔහු මනා පරිචයක් ලැබීය.
රනිල් බටහිර සංස්කෘතියේ මෙන්ම ක්‍රිස්තියානි හැදියාව ඔස්සේ හැදී වැඩුනු පුද්ගලයෙකි. එම නිසා ඔහු තුල අනෙකුත් ශ්‍රී ලාංකික දේශපාලකයන් අතර දක්නට නොමැති ශිෂ්ට බවක් තිබේ. ඔහු සංස්කෘතියුක්ත මිනිසෙකි. ඔහු වියාජ ලෙස පූජක පක්ෂය සරණ නොයන්නෙකි. ගැලරියට ආමන්ත්‍රණය නොකරන්නෙකි. ඔහු තුල තිබෙන ඉංග්‍රීසි දැණුම මෙන්ම බොහෝ පොත පත කියවා උකහා ගත් ඥානය නිසා ඔහු අන්තර්දෘෂ්ටියක් තිබෙන රාජ්‍ය තාන්ත්‍රිකයෙකි. ඔහු දිවයින් මානසිකත්වයෙන් ඉවත් වූ ලෝකය කේන්ද්‍ර කොට සිතන දේශපාලාඥයෙකි. ඔහුගේ චින්තනය ගැඹුරුය.
ප්‍රශස්ථ දේශපාලාඥයෙකු ලෙස දෘෂ්ටියක් තිබුනද රනිල් වික්‍රමසිංහ තුල ඔහුට ආවේනික දුර්වලතා මෙන්ම සීමාවන් දක්නට තිබේ. තුන්වන ලෝකයේ දේශපාලන සංස්කෘතියට රනිල් වික්‍රමසිංහ නොගැලපෙන්නේ මේ නිසාවෙනි. තවද රනිල් තුල යම් ආකාරයක සන්නිවේදන ගැටළුවක් තිබේ. එසේම ජනතාව අතරදී ඔහු තුල තිබෙන අඩු සභානුභූතිය කැපී පෙනෙයි. ඔහු තමා කේන්ද්‍ර කොට ( self centered ) තීරණ ගන්නෙකි. අන්යන් ගේ හැඟීම් වටහා ගැනීමේ දුබලතාවන් තිබේ. මේ නිසා ඔහු තුල මඳ වශයෙන් වර්ධනය වූ ඕටිස්ටික (Autism) ලක්ෂණ තිබෙන බව සැක කල හැකි සාධක තිබේ. සාමාන්‍ය ජනතාව රනිල් වික්රමසිංහව මිස්ටර් බීන් ලෙස උපමා කරන ලද්දේ මේ ඕටිස්ටික ස්වභාවයන් නිසාය. එසේම ඔහු අන්තර්වර්තික (introverted ) චරිතයකි. මෙවැනි චරිත තුන්වන ලෝකයේ දේශපාලන පොර පිටියට නොගැලපෙන්නෝය.
රනිල් වික්‍රමසිංහ ඔහුගේ මාමා වූ ජේ ආර් ජයවර්ධන මෙන් බලය කෙරෙහි ආශක්ත වූ චරිතයක් නොවේ. ඔහු ඉවසිලිවන්ත හා ආකර්මණ්‍ය චරිතයකි. දේශපාලන ප්රවාහයන් නිර්මානය කරනවාට වඩා මතුවන දේශපාලන ප්‍රවාහය ඔස්සේ පිහිනා යාම ඔහු ප්‍රිය කරයි. බලය ලැබුණු වහාම ඔහු තමාට බලයට ඒමට පාර සකසා දුන් පුද්ගලයන් අත හැර තමන් ගේ සීමාසහිත වූ මිතුරු අභ්‍යන්තර කවය උකුලට ගනියි. මේ නිසා රනිල් පාක්ෂිකයන් ගේම දෝෂ දර්ශනයට ලක් වෙයි. මේ තත්වය රනිල් තුල ඇත්තේ ඔහු තම පන්තිය පදනම් කොට සිතීම නිසාය. ඔහු වඩාත්ම විශ්වාස කරන්නේ තමන් ගේ මිතුරු කවයයි. ඔවුන් අතරදී රනිල්ට සුරක්ෂිතභාවයක් දැනේ. තීරණ ගැනීමේදී මේ අභ්‍යන්තර කවයට ඔහු සවන් දෙයි. මේ නිසා ඔහු ඇතැම් විට හාණිදායක තීන්දු ගනී.
රනිල් බොහෝ විවේචන වලට මුහුණ දුන් පුද්ගලයෙකි. රනිල් සමරිසියෙකු බවද බටලන්ද සිද්ධිය නිසා ඔහු නිර්දය කුරිරු චරිතයක් ලෙසටද ඔහුගේ විරුද්ධවාදීන් ඔහුව විවේචනය කරති. මේ කරුණු වල සත්‍ය අසත්‍යතාව අප නොදන්නෙමු. රනිල් සමරිසියෙකු වීම වරදක් හෝ රෝගී තත්වයක් නොවේ. එය ඔහුගේ අයිතියකි. එහෙත් රනිල් ගේ ලිංගික දිශානතිය සමහරක් විට ඔහුගේ දේශපාලන තීරණ ගැනීම් වලදී ඉස්මතු වෙයි. අවිඥාණිකව සමරිසි ආශයන් යටපත් කිරීමේ වෑයමත් එම නිසා මතුවන අවිඥාණික මානසික ගැටුම් මත ඇතැම් විට කෘර ගති ලක්ෂණ මතු වීමත් මනෝ විද්‍යාඥයන් විසින් අධ්‍යනය කොට තිබේ. මේ නිසා යම් ලෙසකින් බටලන්ද චෝදනා සත්‍ය නම් රනිල් තුල තිබෙන නිර්දය ස්වභාවය අවබෝධ කර ගත යුත්තේ මේ අනුසාරයෙනි.
රනිල් වික්‍රමසිංහ යනු සර්ව සම්පූර්ණ දේශපාලාඥයෙකු නොවේ. එහෙත් නූගතුන් , මැරයන් , කුඩු කාරයන් , ස්ත්‍රී දූෂකයන් පිරුණු පාර්ලිමේන්තුවක රනිල් වික්‍රමසිංහ යනු සුළු වශයෙන් හෝ ජනතාවට ප්රජාතන්ත්රවාදය පිලිබඳව බලාපොරොත්තුවක් තැබිය හැකි පුද්ගලයෙකි.
වෛද්‍ය රුවන් එම් ජයතුංග

"හරි දැන් මම කිව්වම ඔක්කොමල්ලා කියන්න. හොරා හොරා...කවුද හොරා, හොරා හොරා....කවුද හොරා" ආදී වශයෙන් රටේ උත්තරීතරම ආයතනය තුල ගොන් ජෝක් දාන එක විග්රහ කරන්නේ මොකක් යටතේ ද?
BalasPadamබලයට ලෝබ නෑ කිව්වේ මොකක් පදනම් කරගෙන ද? අපි දන්න රනිල්ටනම් ඉඳගත්තොත් නැගිටින්න බැරි රෝගයක් තියනවා...
බල ලෝභී බව සාපේක්ෂයි. ජේ ආර් වගේ ඔහු බලය වෙනුවෙන් නැහුනේ නෑ , ප්‍රේමදාස වගේ බලය වෙනුවෙන් මිනී ගොඩාක් මැරුවේ නෑ, මහින් ද වගේ බලය නැති උනාම ජනේලේ එල්ලුනේ නෑ. පක්ෂ නායකත්වයට තියන ආශක්ත කම ඔහුගේ ලිංගික ආශයන් සමග බද්ධ වී තිබෙනවා ඒ නිසා තමයි ඔහු පක්ෂ නායකත්වය අත අරින්නේ නැත්තේ.
PadamJR බලයට නැහුනද? ඒ මනුස්සයා term දෙක ඉවර වුනාම වැදගත් විදිහට ගෙදර ගියානෙ. බලයට කෑදර නම් එයා ඔය ව්යවවස්තාව හදන්නෙ අඩුම ගානෙ එයාට life time ඉන්න පුළුවන් විදිහට.
Padamජේ ආර් ජනාධිපති පදවිය දරන කාලයේ ඔහුට එල්ලවුනු බලලෝභී චෝදනා ගැන දන්නවාද? ජේආර් ජීවමානව ජනපති පදවිය දරන කාලයේ උසස් පෙල හදාරන තරුණයන් වූ අප ඒ ගැන දන්නවා. දැන් මැරුණට පස්සේ අනේ එයානම් හරිම හොඳා කියන එක තේරුමක් නෑ.
Padamරනිල් මැරිලා කාලයක් ගියාහම ඔකම කියයි.
ප්‍රේමදාස මහත්තයාගේ අගය තේරෙන්න ඒ මිනිහා මැරිලා කාලයක් ගිහිල්ලා චන්ද්‍රිකා නාඩගමෙන් රට විහිලුවක් වෙලා, සුනාමියෙන් රට විනාස වුනාට පස්සෙයි.
එකතකොට ඔන්න මිනිස්සු කියන්න ගත්තා සුනාමියෙන් අවුරුද්දකට පස්සෙත් අපි තාම කූඩාරම්වල, ප්‍රේමදාස හිටියනම් මාස තුනෙන් ඔක්කොම ගෙවල් හදලා බාරදීලාත් ඉවරයි කියලා.
රටක නායකතාවයට තියා දේශපාලනටවත් ගැලපෙන පුද්ගලයෙකු නොවේ. ඔහු මෙහි ආවේත්, දිගටම රැඳී ඉන්නේ ඥාතී සම්බන්ධකම් නිසා මිස කුසලතා නිසා නොවේ!
BalasPadamකුසලතා නිසා ඉන්න එකෙක් පාර්ලිමේන්තුවේ පෙන්නන්න
Padamමොනවගේ කුසලතාද ඔතතුමා බලාපොරොත්තු වෙන්නෙ?
Padamරසික තාම ආස බණ්ඩාරනායකලට ඔහු කියන දේවල් වැඩිය සිතන්න එපා.....ඔසී වල ජිවත් උනාට සිතේ තියෙන්නේ කාලකන්නි සිතුවිලි...
Padam/අවිඥාණිකව සමරිසි ආශයන් යටපත් කිරීමේ වෑයමත් එම නිසා මතුවන අවිඥාණික මානසික ගැටුම් මත ඇතැම් විට කෘර ගති ලක්ෂණ මතු වීමත් මනෝ විද්‍යාඥයන් විසින් අධ්‍යනය කොට තිබේ./ ලඟදි බලපු American Beauty[1999] එකේත් ඔයි කතන්දරේත් තියනවා.
BalasPadamwow
Padamඔව්. එහි එන තරුණයාගේ පියා එහෙම කෙනෙක්.
Padamඅපි නිදහස දිනා ගත්තලු 1948.දැන් ඉන්නෙ 2018.මේ රටේ ඉන්න සාමාන්‍යය මිනිස්සු හැටියට,ජීවිතය විඳිනවාද?විඳවනවාද?මේ අපේ නායකයෝ අපිට මොනවද කරලා තියෙන්නේ?..?? බලන්න දේශපාලකයා සහ සාමාන්‍යය පුරවැසියා අතර ශාරීරික වෙනස.මුදල් තත්වය,බලය,නීතිය.... තුන්වන ලෝකේ ප්රජාතන්ත්රවාදය ! මේ අය ඔක්කොම කියන්නෙ අපිට කොරන්නලු ඇවිත් ඉන්නෙ.කෙටියෙන් කිව්වොත් ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රිකයෝ නැත.දේශපාලකයෝ නම් ඇත.කපටි,කයිරාටික මිනිස්සු ඉන්න රටක මොළේ උඩ ඉඳගෙන සංවර්ධනය ගැන මහා පාරම් බාන්නෝ !
BalasPadamතුන්වන ලෝකේ ප්රජාතන්ත්රවාදය !////// sad
Padamමීට වසර පහළොවකට පමණ පෙර කොටින්ට එරෙහිව ඉතා සාර්ථක ලෙස මෙහෙයුම් වල යෙදී සිටි දිගු දුර මෙහෙයුම් බලකායේ මිලේනියම් සිටි මූලස්ථානයක් වැටලීම සම්බන්ධ සිදුවීමකට රනිල්ගේ නම ගෑවී තිබුනා මතකයි. එම සිද්ධියේදී ඔහුගේ ක්‍රියා කලාපය බොහෝ දෙනෙකුගේ සැකයට හේතු වුනා
BalasPadamඑය යම් කිසි විදේශ බලවේගයක උවමනාව මත කරන ලද්දක්ද කියා. (http://www.island.lk/2005/04/01/opinion1.html).
ඔබම පවසන පරිදි තුන්වන ලෝකයේ දේශපාලන සංස්කෘතියට නොගැලපෙන මෙවැන්නෙකු මෙතරම් කාලයක් රටේ ප්‍රධාන පක්ෂයක නායකත්වයේ සිටීමටත් හේතුව මෙයම විය නොහැකිද?
Yes
Padamසමරිසි නන් ඒක එළිපිට පිළිගන්න. කසාදයක් කරන් තමන් සමරිසි නැතැයි කියල ලෝකෙට පෙන්නන එකම රනිල් කියන්නෙ බොරැකාරයෙක්, බලය ගන්න තමාගේ බිරිද උනත් පාවාල දෙන එකක් කියන එකට නිදසුනක් නෙමේද?
BalasPadammmmmmm
Padamඒක දෙන්නම කැමැත්තෙන් රඟපාන නාටකයක් විය හැකියිනෙ.
Padamඒතකොට විජේතුංග ජනාධිපති කාලේ ඡන්දෙන් පස්සේ ගාමිණි දිසානායක අාණ්ඩුවක් හදන්න හදනකොට ගොනා වගේ වැඩ බැලූ අගමැතිකම අකහැරලා ගෙදර ගියේ. ලෝකෙට පෙන්නුවේ නිහකමානීයි කියලා, කලේ බලු වැඩේ ගාමිණීට කපන්න. ඒ ගතියට මොකක් කියලද කියන්නේ? රනිල් කියන්නේ රජ කපටි අාත්මාර්තකාමී උද්දච මිනිහෙක් නෙවෙයිද?
BalasPadamරනිල්ගෙ ලිබරල් එක වැඩවසම් එකක්.ඒ නිසා තමයි එයා නිතරම රෝයල් සෙට් එක ලඟට ගන්නෙ.රෝයල් හෝ වෙනත් ඕනෑම කඩායමක් ඒ විදියට නම් වැඩකරන්නෙ ඒකට ගෝත්‍රික කියන්නත් පුලුවන්
BalasPadamLast politician shows democratic characters
BalasPadam