මේ චිත්‍රය බලන්න. මේ ලංකාවේ සුන්දර ගම්මානයක්. මේ ගම්මානය මීදුමකින් වැසිලා. ඒ මීදුම තමයි ග්‍රාමීය පසුගාමීත්වය. ග්‍රාමීය පසුගාමීත්වයෙන් වැසී ගිය මේ ගම්මානයේ ඉරිසියාව,කුඩුකේඩුකම, හීනමානය , නවීනත්වයට දක්වන බිය, තාක්ෂණ විද්‍යාව පිලිකුල් කරන නමුත් එහි ප්රතිලාභ වලට ඇති ගිජු බව , ද්විත්ව ප්‍රමිතිය ගම්මානයේ සුන්දර බව විනාශ කරනවා.
මේ ගම්මානයේ දරුවන් තමයි නිදහස් අධ්‍යාපනය නම් ඉනිමග ඔස්සේ නගරය කරා එන්නේ. නගරයේදී ඔවුන් විධායකන් බවට පත් වෙනවා. නමුත් ඔවුන් ගන්නා තීරණ , ඔවුන් ගේ ආකල්ප වල ග්‍රාමීය පසුගාමීත්වය පිරිලා. මේ පසුගාමීත්වය තමයි ගුණදාස අමරසේකර ගැමි දෘෂ්ටිවාදය හරහා ඉදිරිපත් කලේ. ගුණදාස අමරසේකර ගේ පටු ගැමි දෘෂ්ටිවාදය මම ප්‍රතික්ශේප කරනවා.
ගැමි තරුණයන්ගේ නොමේරූ බව, අත්‍යන්ත වූ බුද්ධිමය සීමා 71 කැරැල්ල, 88, 89 භීෂණය, හා එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදයෙනුත් අපට පෙනී ගියා. ඒක අපි සක්ෂාත් කළා. පන්ති සතුරා තමයි ඔවුන් හඹා ගියේ.පන්ති සතුරා කියන්නේ කවුද ?
සේන සහ සිරි පන්ති පහ නිම කල දුගී ගැමි තරුණයන් දෙදෙනෙක්. ඔවුන් ගමේ උළු ගෙවල් වල ජීවත් වූ තමන්ගේම කුඹුරු වල වැඩ කරගෙන ගෙවත්තේ පොල් ටික එලවළු ටික වගා කරගෙන අවම අවශ්‍යතා නිසා ස්වයංපෝෂිත බවට පත් වී සිටි ගැමියන්ව හැඳින්වූයේ ධනපතියන් ලෙසට. මේ නිසා තම ගමේ සිටි මේ වගේ කොටස් ඔවුන් දුටුවේ පන්ති සතුරන් ලෙසට.ඒ නිසා ඔවුන්ට ද්වේෂ කලා.
කැරැල්ල නිසා සේන සහ සිරි හිරේ ගියා. සේන හිරේදී ඉගන ගත්තා. ඉංග්‍රීසි දැණුම ලබාගත්තා. දෙදෙනාම අවුරුදු හයකට පස්සේ ගමට ආවා. සිරි ගමේ කුලී වැඩ කරලා ජීවිතය ගැටගහගත්තා. සේන කොලඹ පැත්තේ එන්.ජී.ඕවක පොඩි වැඩක් හොයා ගත්තා. ඒ අතරේ බාහිර උපාධිය හැදෑරුවා. සිරි තවම ගමේ කුලී වැඩ කරනවා. අතරින් පතර පරණ දේශපාලන වියාපාරයටත් උදව් කරනවා.
සේන පිටරට ගියා එන්.ජී.ඕ වල වැඩ කරා. අවුරුදු ගානකට පස්සේ සේන තඩි කාර් එකකින් ගමට ආවා. සේන සුදු වෙලා ඇඞපතත් මහත් වෙලා. සිරි අකලට නාකි වෙලා. අව්වේ වැඩ කිරීම නිසා මිනිහා පිච්චිලා ගිහිල්ලා , උඩු ඇන්දේ දතකුත් නැහැ. සේනව දකින සිරි තුල ඉරිසියාව , තම ගැන දුක අනුකම්පාව පහළ වෙනවා. ඔහු සේන සමග කථා කරන්නේවත් නැතිව යනවා. සේන ද්‍රෝහියෙක් පන්ති සතුරෙක් කියනවා. මේ තරුණයන් දෙදෙනා අතර වෙනස්කම් ඇති කළ ප්‍රධාන සාධක මොනවාද?
සේන පිටරට ගියා එන්.ජී.ඕ වල වැඩ කරා. අවුරුදු ගානකට පස්සේ සේන තඩි කාර් එකකින් ගමට ආවා. සේන සුදු වෙලා ඇඞපතත් මහත් වෙලා. සිරි අකලට නාකි වෙලා. අව්වේ වැඩ කිරීම නිසා මිනිහා පිච්චිලා ගිහිල්ලා , උඩු ඇන්දේ දතකුත් නැහැ. සේනව දකින සිරි තුල ඉරිසියාව , තම ගැන දුක අනුකම්පාව පහළ වෙනවා. ඔහු සේන සමග කථා කරන්නේවත් නැතිව යනවා. සේන ද්‍රෝහියෙක් පන්ති සතුරෙක් කියනවා. මේ තරුණයන් දෙදෙනා අතර වෙනස්කම් ඇති කළ ප්‍රධාන සාධක මොනවාද?
( පරිකල්පනික අතික්‍රමණය - වෛද්‍ය රුවන් එම් ජයතුංග)

සේන බැකෝ ගත්තා....සිරි හු# ගත්තා...(කුනුහරුපයක් නෙමයි..කෙමෙන්ටුවෙ වටිනාකම වැඩි කිරිම සදහා පමනි)
BalasPadamසේනට හරි ගියා සිරිට නින්ද ගියා...
සේනට හරි ගියා සිරිට නින්ද ගියා..athha
Padamඔබේ පරිකල්පනය /නිගමනය නිවැරදි කියල මට හිතෙනවා . වැඩි දුර ඉගනීමට නොහැකිවූ 71/87 පනබේරා ගත් කැරලි කරුවන් තවමත් ජවිපෙට පක්ෂ වන අතර පසු කාලීනව හෝ ඉගන ගත ජවිපෙ කැරලි කරුවන් ජවිපෙ ඇත හැර දමා තිබෙනවා .
BalasPadamgood observation
PadamUlasan ini telah dialihkan keluar oleh pengarang.
BalasPadamසියලුම සීමා මායිම් (ආගමික, ජාතිකත්ව, කුලමල, පංතිවිෂමතාව) අතික්‍රමණය කරන්නට හැක්කේ සැමට අධ්‍යාපනයට සැම අවස්ථා ලබාදීම මගින හා නීතිය සැමට සමානව ක්‍රියාත්මක කිරීමෙන් පමණයි.
BalasPadam++++++++++
Padam++++++++(thadiya)
BalasPadamsalute
Padamහ්ම්ම්... අදටත් ඔය වගේ නොදැනුවත්කම ඉත්තා කරගන්න දේශපාලනික සංස්කෘතියක් තමයි තියෙන්නෙ...
BalasPadamඇත්ත
Padamගොඩ යන එකම පාර අධ්්යාපබය(ද?) විදිමත් අධ්්යාපනයට වඩා අවිධිමත් එක හොදයි අත් දැකීීීීම් අනුව.
BalasPadamඑහෙමද ?
Padamපරිකල්පන අතික්‍රමණය.
BalasPadamමගේ නවතම පොත
Padam++++++++
BalasPadamsalute
Padamදැනුමත් බුද්ධියත් ඒඅනුව ආකල්ප වෙනස් කරගැනීමත් කියන දෙයයි.
BalasPadamov
Padamගම සහ නගරය තුල නිදහස් අදහස් ඇති අයට නම් හොඳ නගරය.මට මනාව තේරුම් ගිය දෙයක්.නගරයේ මිනිස්සු අනුන් ගැන හොයන්න යන්නෙ නෑ.ගමේ ඒකේ අනික් පැත්ත.හිත හොඳයි කිව්වට හරිම කුහකයි.අපේ ගම් බලන්න පන්සල් බදාගත්ත උදවිය ඉන්නේ.නමුත් කුහකබව උපරිමයි.හාමුදුරුවරුත් ඒවගේමයි,අන්ත කපටියි.කාගෙන් හරි කමක් නෑ ගන්නම තමයි.මිනිසුනට අතහරින්න අවවාද කරමින් රස ආහාර බුදිමින්,ඒසී කුටිවල වාසේ.අතේ වටිනා ජංගම දුරකතන.සැප වාහන.දානෙට එද්දී අපි ඒකටත් ගෙවන්න ඕනෑ.මේවා අපි ගමේම කතා කරද්දී නරකයෝ අපි.නාගරිකයෝ මැදිහත්ව අහනවා.මහ ජරා විදියට මිනීමරන්නේ ගම්වල.ඉතා පොඩි දේටත් පළිගන්න ඉන්නේ.ටවුමේ මම කියන්නේ කොලඹ,මිනිසුන්ට ඕවා ගානක් නෑ.නවක වදය දෙන්නේ ගමෙන් ආපු එවුන්.ජොබ් වලදී කැපිලි දාන්නේ,පගා ගහන්නේ ගොඩක් ගමෙන් ආ එවුන්.බිලි බෝයිස්ලා හදන්න කියාපු තැන ගම.ලංකාවෙ ගම්බද ගත්තොත් පරිසරය සනීපදායක කඳුකරය පමණයි.අනෙක් පැති හරිම තෙත් ගතිය වැඩි,එනිසා මදුරුවෝ,සර්පයෝ බහුලව ඉන්න තැන්.වියළි සිසිල් පරිසරය තමයි මනුස්සයාට වඩා හිතකර.බලන්න ඒසී බස් එකක යද්දී මිනිස්සුන්ගෙ තැන්පත් බව.බෝල්කන් රටවල සහ අවට රටවල සනීපදායබව කොතරම්ද? ලතින් ඇමරකාවේ චිලී,ආර්ජන්ටිනා වියළි ශීතල හරිම සනීපදායකයි.මේ දූපතේම හිරවුනු,අහංකාර බහුතරයකට ඕවා තේරෙන් නෑ.ලිඳේ ඉන්න මොක්කුද වගේ.රුවන්ගේ ලිපියේ ඇති දේට සීයට සීයක් එකඟයි.
BalasPadam+++++++++++++++ Thanks Lalith
Padamඅර චීන විප්ලවයේදී පුංචි කඩ කාරයෝ මැරුව වගේ. දැක්මේ දුබල කම.
BalasPadamදැක්මේ දුබල කම
Padam/* පරිකල්පනික අතික්‍රමණය */
BalasPadamhttp://transyl2014.blogspot.com/2017/05/blog-post_5.html?showComment=1494137656448#c8288419464988865467
හොඳ අදහස් දැක්වීමක්
BalasPadam