Isnin, 30 April 2018

ඇකඩමික් අර්බුධය


දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස  මේ වන විට ප්‍රබල දේව ආත්මයකට පත්ව සිටින බව මනාව තහවුරු කර ගැනීමට තමන්ට අවකාශ ලැබී ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්‍ය දයා අමරසේකර මහතා පවසයි. මේ බව කියන්නේ දේවාලයක කපුවෙක් හෝ විඝටන ආබාධයකින් (Dissociative disorder ) හෝ භින්නෝන්මාදයෙන් (Schizophrenia) පෙලෙන රෝගියෙකු විසින් නොවේ. ලංකාවේ ප්‍රකට විශ්ව විද්‍යාලයක මහාචාර්‍යවරයෙකි. 

මීට ඉහතදී කැළනිය විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය නලීන් ද සිල්වා නාථ දෙවියන් මගින් පරියේෂණ කල බව කියමින් විනෝද සමයක්  ගෙන ආවේය.  මහාචාර්‍ය නලීන් ද සිල්වා නාථ පරියේෂණය පිලිබඳව මම යෝක් විශ්ව විද්‍යාලයේ පරියේෂණ මහාචාර්‍ය ඇල්ස්ටෙයාර් මැප් හට කීවෙමි. මහාචාර්‍ය ඇල්ස්ටෙයාර් මැප් දෑස් ලොකු කරගෙන මදෙස බලා සිටියා විනා කිසිවක් නොකීවේය​. 

ශ්‍රී ලංකාවේ බොහෝ විශ්ව විද්‍යාල (ඊනියා)  උගතුන් හට බරපතල අර්බුධයක් තිබේ. එනම් තම ක්ශේත්‍රයේ අන්තර්ජාතික වශයෙන් පිලිගැනෙන පරියේෂණයක් , ග්‍රන්ථයක් , පත්‍රිකාවක් එළි දැක්වීමට තිබෙන නොහැකියාවයි. එම නිසා ලෝකය ඉදිරියේ තමන් නිකමෙකු බවට පෙනී යන විට මෙවැනි බහුරූ කෝලම් ඔවුන් විසින් පෙන්වනු ලැබේ. එමගින් අවම වශයෙන් ශ්‍රී ලංකාවේ ජීවත් වන විචාර බුද්ධිය  අඩු කොටස් අතර ඔවුන් ජනප්‍රිය වෙති. 

කොලඹ විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යාඥයෙකු බව කියන මහාචාර්‍ය චන්දන ජයරත්න තමන් ගේ ක්ශේත්‍රයේ පිලිගැනෙන පරියේෂණයක් , ග්‍රන්ථයක් , පත්‍රිකාවක් කල බවක් අප අසා නැත​. එහෙත් ඔහු මානසික රෝගීන්ට ප්‍රතිකාර කරන්නෙකි. වරක් මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා  මට අපූරු කතාවක් කීවේය​. මේ 2003 පමණ කාලයේ සිදුවූ සිදුවීමකි. 

මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා විසින් ප්‍රතිකාර කරන ලද කාන්තා භින්නෝන්මාද රෝගියෙකු ඥාතීන් විසින් මානසික ප්‍රතිකාර සඳහා තාරකා විද්‍යාඥ චන්දන ජයරත්න වෙත ගෙන යන ලදි. කපුවෙකු මෙන් සුදු වතින් සැරසී සිටි චන්දන ජයරත්න  රෝගියාට මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා විසින් නිර්දේශ කරන ලද  ප්‍රති මනෝව්‍යාධික ඖෂධ සියල්ල නවතා දමන ලෙසට උපදෙස් දුන්නේය​. ඉන් පසු  රෝගී කාන්තාවට සහ ඇයගේ ඥාතීන්ට කියා සිටියේ යාබද නිවසේ අය විසින් කරන ලද කොඩි විණයක් නිසා භූත ආත්මයක් ඇයගේ ශරීර ගතවී සිටින බවකි. ඉන් පසු සිදු වූයේ ජන්ජාලයකි. ඔවුන් අසල් වැසියන් සමග උරණව දබර කර ගත්තෝය​. ඖෂධ නොමැති වීම නිසා භින්නෝන්මාද රෝගී කාන්තාවගේ මනෝව්‍යාධික තත්වය උත්සන්න වූවාය​. අවසානයේදී ඇය දිවි තොර කර ගැනීමට පවා ගියාය​. කෙසේ නමුත්  යලිත් අංගොඩ රෝහල වෙත රෝගී කාන්තාව ගෙන ඒමෙන් පසුව යලිත් ඇය නිසි ප්‍රතිකාර ලැබුවාය​. 

මේ කතා වලින් පෙනී යන්නේ අද ශ්‍රී ලංකාවේ  ශ්‍රී ලංකාවේ බොහෝ විශ්ව විද්‍යාල වල ආචාර්‍ය, මහාචාර්‍ය වරුන් පත්ව සිටින දුක්ඛදායක තත්වයයි. ඔවුන් දැණුම සොයා නොයති. දැණුම ලැබෙන සාකච්ඡා නොපවත්වති. අන්තර්ජාතික ප්‍රජාව සමග සම්බන්ධ වී දැණුම ගවේශණය නොකරති. මේ නිසා සීමිත දැණුමක් සමග  කොටු වෙන ඔවුන් විචාර බුද්ධිය  අඩු කොටස්  අතර පණ්ඩිතයන් මෙන් පෙනී සිටීම සඳහා බහුරූ කෝලම් කතා කියමින් ගැලරිය පිනවති.  

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

25 ulasan:

  1. මහචාර්යතුමාට ගානක් කපාගන්න වැඩක් සෙට් කරගන්න යනකොට එකට අකුල් හෙලන එක වැරදියි වෛද්‍යතුමෝ.. ලංකාව දියුණු වෙන්නැත්තෙ ඕකනෙ...

    BalasPadam
  2. මහාචාර්ය කියන්නේ තනතුරක් විතරයි . ආචාර්ය උපාධියක් නැති මහාචාර්ය වරුත් ඉන්නවා. මේයා එහෙම කෙනෙක්ද දන්නෑ. අනික තමන් හැදෑරෑ ශේෂ්ත්‍රයයෙන් පිට දේවල් ගැන මත ඉදිරිපත්කරනවිට ඔව්න් මහාචාර්ය වරුන් ලෙස හැඳින්වීම මහජනයා නොමග යැවීමක් නේද ?

    BalasPadam
  3. Thank you very much for discussing !

    BalasPadam
  4. Wow, our own Sri Lankan theology professor

    BalasPadam
  5. එපමණක් නොවේ. ඔවුන්ගෙන් ඇතැමෙකු නොදන්නා දේශපාලනයට හොම්බ පොවා හාස්‍යයටද ලක්වෙති

    BalasPadam
  6. Srinivasa Ramanujan ගෙ case එක කොහොමද analyze කරන්නෙ?

    BalasPadam
    Balasan
    1. Srinivasa Ramanujan තුල ඕටිස්ටික් තත්වයක් තිබුනා ඔහුගේ මොලයේ එක් පාර්ශවයක් ඉතා හොඳින් වර්ධනය වෙලා තිබූ බවට උපකල්පනය කිරීමේ සාධක තිබෙනවා. එමගින් තමයි ඔහුට ගණිතමය සංකල්ප සිතට ගලාගෙන ආවේ.

      Padam
    2. How about his belief of Gods. He claimed he received his knowledge on certain mathematical equations after praying to gods.

      Padam
  7. "දිවංගත" කියන්නෙ මොකක් ද? දිව්‍ය ලෝකෙ ගිහින් කියන එකද ? එහෙමෙ බැලුවමනම් ඉතින් එයා දෙයියෙක් තමා...

    BalasPadam
  8. //මේ නිසා සීමිත දැණුමක් සමග කොටු වෙන ඔවුන් විචාර බුද්ධිය අඩු කොටස් අතර පණ්ඩිතයන් මෙන් පෙනී සිටීම සඳහා බහුරූ කෝලම් කතා කියමින් ගැලරිය පිනවති. //

    BalasPadam
  9. ලංකාවේ ඉන්න හෝ පිටරටවල ඉන්න හෝ සිංහල බහුතරයගේ මෙලෝ කොලිටියක් නැත.අහංකාර බොරු සෝභනකාරයෝ පමණකි.

    BalasPadam
  10. ඉශ්රාලයේ යුදෙව්මි නිසුන් තමන්ට දෙවියන්ගෙන් පණිවිඩ ලැබෙන බවත් තමන් තෝරා ගත විශේෂ ජන කොටසක් බවත් ඔබ අසා නැතිද?

    BalasPadam
    Balasan
    1. Wmk Samarasekara ඔයා නිතරම බයිබලය කියවන කෙනෙක් වගේ

      Padam
  11. හොඳ ලිපියක් ඉරිද රාවයෙන් තමයි පලමුවෙන් බැලුවෙ

    BalasPadam
    Balasan
    1. 06-05-2018 දින රාවය පත්‍රයේ පේමෙගෙ ලොකු ඡායාරෑපයකුත් සමග ඔබේ නමින් පලවී තිබුනා.ඔබ නොදැන එසේ දමන්න පුලුවන්ද.

      Padam
  12. මට වාර්තාවක් දෙන්න පුලුවන්ද මානසික රෝගින් කි දෙනෙක් දැනට මානසික රොහලෙ හෝ ඔය කියන දොස්තරල හොද කරල නැතුව දුක් විදින. මොනාද ඉංග්‍රිසි බෙහෙත් Nexito 5 or 10mg එහෙම නැත්තන් මිට වඩා සැර බෙහෙතක් ඔය කවුරුත් ප්‍රතිඵ්ල අරන් තියනවද. මෙවට අලුත් විසදුම් හොයාගන්න එපාද? අහල තියනවද කිරිලියන් මැශිම ගැන. Harword univercity එකෙ රිශච් ගැනත් හොයල බැලුවොත් හොදයි නෙද? Quantum technology ගැන එහෙම අහල නැද්ද? පිස්සු හැදෙනව නෙ. අපෙ රටෙ රිශච් ගැන කතා කරන්න එපාද?

    BalasPadam
  13. අන්න දැන් ඔය පිනාචාරියෝ ටික වපුරපු බීජ වල අස්වැන්න ලැබෙමින් පවතිනවා. පරිගනක, ස්මාට් ජංගම දුරකථන, අධිවේගී අන්තර්ජාල පහසුකම් ඔක්කොම තිබියදීත් පෘථිවිය පැතලියි කියලා විශ්වාස කරන, රාවණාගේ අහවල් එක නැටිටිනකල් බලාගෙන ඉන්න, එක එක ගොබ්බ කොන්ස්පිරසි තියරි කාරයන්ගේ ගජබින්න අහලා නොමිලේ ලැබෙන කොවිඩ් වැක්සින් එක පවා ප්‍රතික්ෂේප කරන මොංගල් තරුණ පරපුරක් බිහි වෙමින් පවතිනවා. හරිම කණගාටුදායකයි රටේ අනාගතය ගැන. :-(

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook