Khamis, 19 April 2018

ලොරොන්සෝ ද අල්මේදා සහ ශක්‍රයා

 

මහාවංශයට අනුව විජය හා පිරිස පිටුවහල් කල විට ශක්‍රයා මැදිහත්වි ඔවුන් ගමන් කල නැව ලංකාවෙ වෙත පා කොට එවයි. එසේ එවන්නේ විජය හා පිරිස ගෙන් පැවතෙන්නන් විසින් ලංකාවේ බුද්ධාගම ආරක්‍ෂා කරන නිසා බව මහාවංශ කතුවරයා පවසයි. 

1505 දී පෘතුගීසි ජාතික ලොරොන්සෝ ද අල්මේදා ගේ නැව කුණාටුවකට අසුවී ලංකාවට ගසා ගෙන එයි. ඉක්බිති පෘතුගීසීන් ලංකාවේ පැලපදියම් වෙයි.  පෘතුගීසීන් පන්සල් සහ වෙහෙර විහාර විනාශ කලද පෘතුගීසීන් නොඑන්නට ශ්‍රී ලංකාව මාලදිවයින මෙන් ඉස්ලාම් ආධිපත්‍යට  අසුව බුද්ධාගම දිවයිනෙන් අවසන්ව යාමට ඉඩ තිබූ බව ඉතිහාසඥයෝ පෙන්වා දෙති. මේ අනුව ලොරොන්සෝ ද අල්මේදාව දිවයිනට පා කොට එව්වේ ශක්‍රයාද ? 

7 ulasan:

  1. පිස්සු කතා කරනවා...ලක්දිව බුදු සසුන ‍රැක ගැනීම උදෙසා, විජය සහ හත්සීයක් හොරු නඩය ආරාක්ෂා කරගන්න කියලා උපුල්වන් දෙවියන්ට අණ කළේ, තමන්ගේ දහමට ලොබ බැඳ එය වසර පන්දහසක් ‍රැක ගැනීමට ආශාකළ , සියල්ල අත අතහැර අමා මහ නිර්වාණය සාක්ෂාත් කරගත් අප මහා බුදුරජාණන් වහන්සේමය.

    සක්කරය කරපු කෙන්ගෙඩියක් නෑ මෙතන. මිනිහට අක්කරයකවත් ඉඩක් නෑ ලංකාවේ...

    BalasPadam
  2. මාලදිවයින් කාරයෝ මුස්ලිම් වුනා.
    කැනඩාවේ ඉන්න සිංහලයන්ටග් ලමයි ඇංග්ලිකන් ක්‍රිස්තියානි කාරයෝ වෙනවා.

    මටනම් ඔය දෙකම එකයි.

    BalasPadam
    Balasan
    1. බැතිමතේත් වෙරිමතේත් වෙනසක් නැත

      Padam
  3. දැවෙන ප්‍රශ්ණ අප්පා මෙව්වා

    BalasPadam
  4. ශක්‍රයාටත් මළ පනින ප්‍රශ්න ඔබතුමා අහලා තියෙන්නේ ? නඩු දායි
    විචාරක දියණිය

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook