Rabu, 29 November 2017

තොපිට ඕනෑ මොනවද ?


තොපිට දිව්‍යලෝකේ යන්ට ඕනෙද ?
එහෙනං අපිට කන්ට දියල්ලා
තොපිට දිව්‍යාංගනාවන් ඕනෙද 
එහෙනම් අපිට ඉන්ට මන්දිර හදලා 
ඒවා ලස්සනට ටයිල් කරපල්ලා   
තොපිට දිව්‍ය සැප සම්පත් ඕනෙද ?
එහෙනම් අපිට බෙන්ස් පූජා කරපල්ලා   
තොපිට නිර්වාණ සැප සම්පත් ඕනෙද ?
එහෙනම් තොපේ මිල මුදල් වතුපිටි 
ගෙවල් දොරවල් මේ සේරම අත් හැරපල්ලා
තොපි අත් හරින කොට අපි ඒවා අල්ලගන්නම් 
එතකොට තොපිට නිර්වාණ සැප ලැබෙයි 

16 ulasan:

  1. සත්‍ය අවබෝධකරගත්තොත් තොපි අපායේ ය(ව)නවා.

    BalasPadam
  2. තොපි අපිව නිවලා..
    ගොඩ යන්න...

    BalasPadam
  3. ඇයි අපිට මනාප පූජාව දීලා අපිව පාර්ලිමේන්තු අරින්න ඕන නැතෙයි

    BalasPadam
  4. නුතන ආගමික (ශාස්ත්තෘ වරු නොවදාල) මාෆියාව !

    BalasPadam
  5. නිර්වාණයක් ගැන කථා කරන නිසා පැහැදිලිවන්නේ මෙය බුදු සසුන අරබයා කල විවේචනයක් බවයි.

    නොදන්නා උදවියගේ දැන ගැනීම උදෙසා
    බුදු හිමියන් දෙසා වදාලේ.

    දීර්ගායුෂ
    නිරෝගී සම්පත
    පංච කාම සුඛය
    තමාගේ කීර්තිය පැතිරීම
    මරණින් මතු ස්වර්ග සැපය.

    කියන කාරනා පහ ඕනෑම පෘතග්ජනයෙකුට ප්‍රියයි හා ලැබීමට සුදුසුයි කියායි.
    එසෙම මේවා යැදීමෙන් පිදීමෙන් හෝ යාඥ්ඥාවෙන් ලැබිය නොහැකියි යන්න බුදු හිමියන්ගේ ඉගැන්වීමයි.

    BalasPadam
  6. තෙරුවන වඳින ගාථා වලින් දිගම ගාථාව තියෙන්නෙ සංඝයාට වඳින්න. ඒකෙත් තියනව නෙ "පිංකෙත" කියල සඳහනක්. ඒ කියන්නෙ පිං කරගන්නවනං, වපුරන්ඩ ඕනෙ සංඝයාට. අනික පරණ බණපොත් වල තියෙන තරමක් තියෙන්නෙ සංඝයාට දන් දුන්නොත් ලැබෙන ආනිසංසයි, ඒ සාංඝික දේ කොල්ලකෑවොත් වෙන සන්තෑසියයි.

    බාහිය දාරුවීරියට බැරිවෙනවනෙ ඒහි භික්කවෙ භාවයෙන් මහණ වෙන්ඩ. ඒ පෙර ආත්ම වල පිරිකර පූජකරල නැති නිසාලු. පිරිකරක් හොයං එන්ඩ ගිහිං එයා අලියෙක් ගහලද කොහෙද මැරෙනව. රහත් වෙන්ඩ පිං තිබුණත් වැඩක් නෑ, කලිං පිරිකර හෙම පූජ කරල නැත්තං. - සඟ ලොජික්

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook