Sabtu, 18 November 2017

ප්‍රේමදාස සහ සෙන්ට් ජෝසෆ්


ප්‍රේමදාස අධ්‍යාපනය ලැබුවේ කොළඹ ශාන්ත ජෝෂප් විදුහලෙන් නොවේ. ඒකාලේ මරදානෙ තිබ්බා ශාන්ත ජෝෂප් නයිට් ස්කූල් කියලා දුප්පත් ලමයින්ට පොඩි පාසලක්. මේ පාසල කොලඹ සෙන්ට් ජෝස්ෆ් එක සමග කිසිම සබඳතාවක් තිබ්බේ නෑ. ප්‍රේමදාස නයිට් ස්කූල් ගියේ කේ ජයතිලක සමග . කේ ජයතිලක මේක කිව්වේ ප්‍රේමදාස මිය ගිය පසුව​. නමුත් කොලඹ සෙන්ට් ජෝස්ෆ් එක ප්‍රේමදාසව අන්දවලා පැවිලියන් එකකුත් හදා ගත්තා. වරක් කොලඹ සෙන්ට් ජෝස්ෆ් ඕබීඒ එකේ මීටිමක එක් පුද්ගලයෙක් ප්‍රේමදාසගේ ක්ලාස්මේට් කෙනෙක් ඉන්නවනම් ඇවිත් ගන්න කියලා රුපියල් 1000 කොලයක් පෙන්නුවා. ඒ කාලේ රුපියල් 1000 කොලයක් කියන්නේ ලොකු මුදලක්. කවුරුවත් ආවේ නෑ. බොරුවක් බව දැනගෙනත් මෑතකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යලයට ගිහින් ප්‍රේමදාස ශාන්ත ජෝෂප් විද්‍යාලයේ සිටි උදාර ආදි සිසුවෙකු බව කිව්වා. බොරුවක් බව දැනගෙනත් ශාන්ත ජෝෂප් විද්‍යලයේ ෆාදස්ලා ඒක අනුමත කරමින් අත්පුඩි ගැහුවා. ඇයි අපි බොරුව බොරුව වශයෙනුත් සත්‍ය සත්‍ය වශයෙනුත් දකින්න බය​? 

8 ulasan:

  1. හරිනේ..

    ආදි ශිෂ්‍යයා උදාර මිසක ප්‍රේමදාස නෙවේ නේ..

    BalasPadam
  2. අපි සිංහල නිසා.බොරුවට වැඩි දෙයක් අපේ නැත.රටක ඉදිරි ගමන ගැන මෙලෝ දැක්මක් නැති උපාසක මිනීමරුවන්ට අපි නායකයෝ කියමු.ආගම විකුණමින් කන එවුන්ට වන්දනාමාන කරමු.ඒ අපි මෝඩ නිසාද?කොහෙත්ම නැත.අපේ ඇඟේ තියෙන්නෙත් ඉහත කියපු එවුන්ගේ ජානමය.අපි කැමති උන්ටය.එකම දේ අපිටත් එතනට යාගන්න තියෙන අමාරුවය."පණ පිහිටල බොරු කියන්න පුලුවන් මහත්තුරු,නෝනලා ඉන්න එකම තැන" ලංකාවය.

    BalasPadam
    Balasan
    1. උපාසක මිනීමරුවන්ට අපි නායකයෝ කියමු ///////////// ++++++++++++++++

      Padam
  3. ඒ ප්‍රේමදාස හා රනිල් වික්‍රමසිංහ දේශපාලනඥයෝ වීම නිසා. ප්‍රේමදාස කියන්නේ පාතාලේ හොරෙක් උනානම් මෙලහට ෆාදර්ලා රනිල්ට විරුද්ධව අපහාස නඩු දාල. ඒත් ප්‍රේමදාස කියන්නේ හිටපු ජනාධිපති කෙනෙක්.
    විචාරක දියණිය

    BalasPadam
  4. ලංකාවනේ අප්පා...

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook