Selasa, 14 November 2017

නලීන් ද සිල්වා සහ ජාසිංහ සර්


නලීන් ද සිල්වා පිලිබඳ පොඩි විහිළුවක් කල විට ඔහුගේ ගෝලයෝ මට හෝ ගා බනිති. මම නම් නලීන් ද සිල්වාට විරුද්ධ නැත​. මම ඔහුගේ කතා විවාද ඇසීමට ප්‍රිය කරමි. නලීන් ද සිල්වාට තදවී බනින විට මට මතක් වන්නේ ජාතික ඇඳුම ඇඳි අපගේ පාසලේ සිටි ජාසිංහ සර් ය​. කොල්ලෝ ජාසිංහ සර් ඔරොප්පු කොට ආතල් ගනිති. කොල්ලන් විසින් අවුස්සනු ලැබූ විට ජාසිංහ සර් මෙලෝ කන්ට්‍රෝල් එකක් නැතිව බනිති. නලීන් ද සිල්වා තදවී බනින විට මට අපේ ජාසිංහ සර් මතක් වෙයි. 

වරක් නලීන් ද සිල්වා සහ මහාචාර්‍ය කාලෝ ෆොන්සේකා දොරමඞලාව වැඩසටහනකදී වාද කල ගත්හ​. කාලෝ ෆොන්සේකා නලීන් ද සිල්වා ගේ පොත් ගැන කථා කරමින් මෙසේ කීවේය​. "සියළු ගරු බුහුමන් සහිතව මම කියනවා නලීන් ඔබ කියන අළුත් දේවල් වල සත්‍ය නෑ කියූ සත්‍ය දේවල් අළුත් නෑ " මේ ප්‍රකාශයට නලීන් ද සිල්වා ශූරින්ට මළ පැන  කාලෝ ගෙන් මෙසේ ඇසුවේය " මගේ ලෝකය කියවලා තියනවාද ? අපේ ප්‍රවාද කියවලා තියනවාද ? ලස්සන වසිලීස්සා කියවලා තියනවාද ? පිනෝකියෝ කියවලා තියනවාද ?  මේ පොත් ලැයිස්තුව ඇසූ කාලෝ හිමීට මාරුවී ගියේය​. 

10 ulasan:

  1. පේමසිරි කේමදාසටත් ඔය වගේම කේන්ති යනවා නේද?

    නලීන් ද සිල්වා මහත්තයට කරන්න තියෙන්නේ "බටහිර ක්‍රිස්තියානි ජාත්‍යන්තර සුපිරි ව්‍යුහය" කියන සංකල්පය තවදුරටත් දියුණු කරන්න.

    BalasPadam
  2. මට නම් නලින්ද ගැන දුකයි.
    කොහොමට හිටි මනුස්සයෙක් ද?

    BalasPadam
  3. "සියළු ගරු බුහුමන් සහිතව මම කියනවා නලීන් ඔබ කියන අළුත් දේවල් වල සත්‍ය නෑ කියූ සත්‍ය දේවල් අළුත් නෑ " , කොමාව ක් අඩුයි වගේ.

    BalasPadam
  4. Read this
    http://chandimagomes.blogspot.com/2017/11/blog-post_12.html

    BalasPadam
  5. බොහෝ උගත්තු කියනා අයගෙන් සැබෑවටම රටට මොනවාද ලැබුනේ? නිදහස ලැබුනදා පටන් අද වෙනතුරු ... ඒවගේම ලෝකයේ අන් රටවල් අද ඉන්නා මට්ටම? තම පාරට්ටුව හා ගුරුකුලය රැකීම ලොකු තර්ක විතර්ක ඔන්න වැඩියෙන්ම ලැබුන දේ.

    BalasPadam
    Balasan
    1. ලංකාවේ බොහෝ උගතුන් කියා ගන්නා අය කුහකයි ලලිත්

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook