ඉන්දියන් හමුදාව පරිප්පු මෙහෙයුම සමග සාම සාධක හමුදාව එක්ව ලංකාවට ආ කල මා සිටියේ එංගලන්තයේ ය . එවකට මම අවු 21 ක තරුණයෙකි. බ්‍රිතාන්‍ය සිංහල සංගමයේ සාමාජිකයන් සමග ලන්ඩන් වල ඉන්දියානු තානාපති කාර්යාලය ඉදිරියේ උද්ඝෝෂණය කිරීමට මා සූදානම් වූයෙමි. එවිට ලන්ඩනයේ බොහෝ කාලයක් ජීවත්වී අත්දැකීම් වලින් පරිපූර්ණව සිටි ඇතුලත්මුදලි නම් ගණකාධිකාරීවරයෙක් මට මෙසේ කීවේය. " රුවන් ජේ ආර් පප්පා ලෝකයා මූ රජීව් වත් අන්දලා ඉන්දියන් හමුදාව සහ කොටි අතර සටනක් අවුලවනවා. කොටි අද හිතන්නේ ඉන්දියන් හමුදාව උන්ට ඊලම් ලබා ගන්න උදව් කරයි කියලා. නමුත් හෙට වන දේ බලන්න ඉන්දියන් හමුදාව කොටි එක්ක සටන් කරයි. ඒ නිසා මේ මෝඩ උද්ඝෝෂණ වලට යන්න එපා කියා කීවේය. ඔහු කී අයුරින්ම ඉතිහාසය නිර්මානය විය.
බොරු ඉන්දියානු විරෝධය හරහා විජේවීර අත්දැකීම් අඩු ලෝකය නොදුටු බිලි බෝයිස්ලා මගින් කැරැල්ලක් ගැසූ අතර ප්‍රේමේ ඔවුන්ව ස්වර්ගස්ථ කලේය. මේ බිලි බෝයිස් ලාට අත්දැකීම් වලින් පරිපූර්ණව සිටි ඇතුලත්මුදලි නම් ගණකාධිකාරීවරයා වැනි පුද්ගලයන් ඇසුරු කිරීමට ලැබුනේ නම් ?

එසේනම් අද අපි වෙනස්ම ලෝකයක ජීවත්වෙනවා වෙන්නත් පුලුවන්.බුද්ධිමත්,නිර්මානශීලී නායකයෙක් රටකට,ජාතියකට සම්පතක්.ලෝක ඉතිහාසය එය අපට පසක් කර තිබෙනවා.ලක් ඉතිහාසයේ ඒ අසලින් ගිය එකෙක්වත් නෑ.
BalasPadam++++++++++++++++++++++++++++++++++++
Padamලලිත්, ඔබේ කතාව හරියටම හරි. එක වැඩි පුර මෙන්න මේ විදියට කියන්න පුළුවන්. " හොද නායකයින්ට මෙහෙ ඉන්න දුන්නේ නැහැ. ඉතින් හොදම අය ගියා වෙන රටවල්වලට"
Padamathha
Padamදිලීප,රුවන් සහ මා ඇතුලු බොහෝ දෙනෙක්ගේ මෙවැනි අදහස් රටේ බහුතරයට වැඩක් නැහැ.මිනිස්සු ඉන්නේ වෙන තැනක.ඔවුන් අතරින් තමයි මේ ඉන්න දේශපාලුවෝ බිහිවෙන්නේ නේද?
Padamවිජය, ගාමිණි, ඇතුළත්මුදලි... නම් සෙට් එක තව දිගයි මගේ හිතේ.
BalasPadamHm
PadamHm
Padam