Ahad, 8 Oktober 2017

පෝෂණය සහ දුර්මත


ප්‍රෝටීන් ඌනතාවය නිසා ලංකාවේ ළමුන් අඩු උපත් බර ; වර්ධනයේ මන්දනයක් පෙන්වති. මාංශමය අාහාර සඳහා තිබෙන ආගමික විරෝධය නිසා අනාගතයේ   ලෝකයා ඉදිරියේ කායික මානසික වශයෙන් දුර්ලවළ වූ ජාතියක් ලෙස අපට පෙනී සිටිය හැකිය​. අාහාර සහ පෝෂණය ගැන මෙලෝ දෙයක් නොදත්  පූජකයෝ මිනිසුන්ට   අාහාර සම්බන්ධයෙන් ද උපදෙස් දෙති. පුදුමය නම් බුදුන් වහන්සේ අාහාර සම්බන්ධයෙන් කිසිම  තහනමක් ගිහියන්ට නොපැනවූ ප්‍රායෝගිකවාදියෙක් වූවද උන්වහන් සේගේ දේශනා  ද විකෘති කරමින් හිංදු ආගමේ උපාංග (ගව ඝාතන විරෝධය​)  නිර්මාංශ වීම  ඇතැම් භික්‍ෂූන් විසින් සමාජය පුරා වැපිරීමය.

පහත කොටස උපුටා ගත්තේ රාවය පුවත්පතෙනි 

ලංකාව ලොකු ප්‍රෝටීන් මන්දපෝෂණයකින් පෙළෙන රටකි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කේ. සමරසිංහ මහතා පුවත්පතකට කියා තිබෙන ආකාරයට ලංකාවේ ප්‍රෝටීන් මන්දපෝෂණයේ අනුපාතිකය සියයට 30කි. එම සඳහන දුටුවිට ලංකාවේ මස් පරිභෝජනය ගැන සොයා බැලීමේ කුහුලක් මට ඇතිවිය. ලැබුණු ප්‍රතිඵලය නම් මගේ පුදුමයට හේතු නොවීය. ලංකාව හා තෝරාගත් රටවල් කිහිපයක ඒක පුද්ගල වාර්ෂික මස් පරිභෝජනය මෙසේය.

ලංකාව කිලෝ 6.3

කාම්භෝජය කිලෝ 12.9
තායිලන්තය කිලෝ 25.8
මියන්මාරය කිලෝ 32.8
වියට්නාමය කිලෝ 48.9
ස්විට්සර්ලන්තය කිලෝ 74.7
ස්වීඩනය කිලෝ 80.2
නෙදර්ලන්තය කිලෝ 85.5
ඕස්ටේ්‍රලියාව කිලෝ 111.5

ලංකාවේ උපාසක මත න්‍යායවාදී ජනතාව මුලාකර තිබෙන තරම ඒ සංඛ්‍යා ආශ්‍රයෙන් තේරුම් ගත හැකිය. මොළේ වර්ධනය හා ප්‍රෝටීන් ආහාර අතර ගැඹුරු සම්බන්ධයක් පවතී. ලංකාව ලොකු චින්තන දුගීභාවයකින් පෙළෙන රටකි. ගණිතයට අදක්ෂ රටකි. නව නිපැයුම්වලදී ලංකාව ඉන්නේ පහළම තත්ත්වයකය. ඒ සියල්ල කෙරෙහි ප්‍රෝටීන් ඌනතාවද, ප්‍රෝටීන් ඌනතාව කෙරෙහි රටේ රජකරන උපාසක ආකල්පද බලපා තිබෙන්නේයැ’යි කිව හැකිය. ලංකාව සැලකිය හැක්කේ අඩුම තරමින් වල් ඌරෙකු මරා ගත් මිනිසකුට උගේ මස් ටිකවත් කන්න ඉඩ නොදෙන මෝඩ රටක් ලෙසය.


16 ulasan:

  1. ලංකාවට ඔලිම්පික් රන් පදක්කමක් කිසිදින නොලැබෙන්නේ මේ නිසාය

    BalasPadam
  2. වැදගත් ලිපියක් . ඒ උනත් දාපු පොටෝ එක නම් මාතෘකාවට කොහෙත්ම අදාළ නැහැ. ඒ පොටෝ එකේ තියෙන්නෙ මහමෙව්නා අසපුව විසින් කල පලතුරු පුජාවක්. නිර්මාංශ ප්‍රශ්නය කියල කිරිබත්ගොඩ ඥානංනන්ද හාමුදුරුවෝ පොතක්ම ලියල තියෙනවා. එකේ පැහැදිලිවම කියල තියෙනවා නිර්මාන්ශවිමට බුදුන් වහන්සේ අනුදැන වදාළ නොවන බව. ඔබ ඒ පොත කියව්වොත් හොදයි

    BalasPadam
    Balasan
    1. සමරසේකර මහතා මේ චායාරූපය දැම්මේ එලතුරු නිකරුනේ විනාස කිරීම ගැන කියන්න . මේ ගැන මම ලියූ කවිය ;

      මම ගෞතම වෙමි
      මහා පලතුරු පූජා
      අසූ හාරදාහේ පහන් පින්කම්
      අසූ හාරදාහේ නෙලුම් මල් පූජා
      මම අනුමත නොකෙරුවෙමි
      මගේ නමින් අනුගාමිකයන්
      මේ සිදු කරන්නේ මා විසින්
      අත් හරින ලද බමුණු පිළිවෙත්ය
      යම් අයෙකුට මට ගරු කිරීමට
      පූජා කිරීමට අවැසි නම්
      මා වදාළ දහම වඩා අවසන් කොට
      රහත් පසක් කල යුතුය
      එයම සැබෑම පූජාව වන්නේය

      Padam
    2. ඒ පලතුරු කිසිවක් නාස්ති උනේ නැහැ. පුජාවට පැමිණි ලක්ෂ සංඛ්‍යාත ජනකායට පානයක් විදිහට සකස් කර බෙදා දුන්නා.

      Padam
  3. මේ පිලිබදව මම පුළුල් අධ්‍යනයක් සිදුකලා වසරකට ඉහතදී... ප්‍රෝටීන් ප්‍රශ්නයනම් ඇත්තෙන්ම බල නොපාන බවයි මගේ අදහස. මම දන්නා තරමින් ලොව ඉහලම පෙලේ නව නිපැයුම්කරුවන් බොහෝ දෙනා නිර්මාංශය. ලංකාවේ නව නිපැයුම්කරුවෙකු වීම ගැරේජ් බාස් කෙනෙක් වීම හා සමාන බව මම අත්දැකීමෙන් දනිමි. සැබෑම ත්වයනම් මෙයයි. ලංකාවේද බොහෝ නව නිපැයුම්කරුවන් සිටී. නමුත් ඔවුන්ගෙන් බොහෝ දෙනා සමාජයේ පහල පන්ති වලින් පැමිනෙන අය වෙති. ඔවුන් නව නිපැයුම් කරන්නේ බොහෝවිට තම බඩ වඩා ගැනීමටය. දුප්පත්කම නව නිපැයුම් වලට බලපාන්නේ කන්නට නැති වීමෙන් නොවේ. කන්නට තිබුනද පහල පංති වලින් ආ එකා ලෝකෙ ලොකුම සල්ලි කාරයා වුවද බොහෝ විට මානසිකව දුප්පත්ය. කන්න සල්ලි තිබුණද නොකන තරම්ය. උන්ගෙන් රටට සේවයක් බලාපොරොත්තු වීම සිහිනයක්ම වෙයි. මොකද හදන හදන එක විකුණගෙන කෑම ඔවුන්ගේ පුරුද්දය. අනෙක් ගැටළුව නම් ජාතියේ ප්‍රශ්නයකි සංගීත සංදර්ශන වලට කෝටි ගණන් යට කරන ව්‍යාපාරිකයෝ කිසිදාක නව නිපැයුම්කරුවෙකුට රුපියල් 1000ක් දෙන්නේ නැත. කොතරම් සල්ලිකාරයෙකුගේ දරුවෙක් නව නිපැයුම්කරුවෙකු වුවද අධ්‍යන වලින් පෙන්වා දෙන පරිදි නව නිපැයුම්කරුවෝ බොහොමයක් තම පවුලෙන් යැපීය ලැජ්ජාවට කරුණක් සේ දකින අය වන බැවින් ඔවුන්ට සහයට කිසිවෙක් නැති වීමෙන් ඔවුන් සාමාන්‍ය ජීවිතයකට හුරුවේ. නමුත් අප රටේම වෙනත් ජාතියක හැසිරීම ඊට හාත්පස වෙනස්ය. ඒ පිලිබදව කථා නොකරමි. අනෙක් කරුණනම් නව නිපැයුම් තරගාවලි ක්‍රියාත්මක කරන රාජ්‍ය නොවන ආයතනයන් වන ශ්‍රී ලංකා ඉන්ජිනේරු ආයතනය වැනි පටු කුහක මිනිසුන් සිටින ආයතන මගින් සංවිධානය කරන නව නිපැයුම් තරගාවලියන්ය. එම ආයතනය නිසා අළුත හැදෙමින් පැවති නව නිපැයුම්කරුවන් දහස් ගාණක් විනාශ වී ඇති බව නොරහසකි. වරක් මම පිළිකා හා වකුගඩු රෝග හදුනා ගත හැකි උපකරණයක් නිර්මාණය කරගෙන ගිය විට ඔවුන් මට කිව්වේ "අර බලන්න අර පොල් ගාන මැෂින් එක. ඔයත් ඒ වගේ දෙයක් කරන්න බලන්න, ඔය පිළිකා වකුගඩු රෝග හදුනාගන්න උපකරණ වලට වඩා ඒව වටිනවා" යැයි කියාය. ඉන් නොනැවතී රාජ්‍යය තරගයකදී මාව ජයග්‍රාහකයෙකු වශයෙන් තේරූ විනිශ්‍ය මණ්ඩලයේ සභාපතිතුමාවු මහාචාර්‍ය කාලෝ සර්ටද අපහාස කරේ ඔහු මා තේරීම වරදක්යැයි කියාය. වෛද්‍ය විද්‍යාව පිලිබදව මහාචාර්‍යවරුන්ගෙන් යුත් මණ්ඩලයකට වඩා ඉන්ජිනේරුවන් වෛද්‍ය විදයාව දන්නේ කෙලෙසකදැයි මට තවම වටහා ගත නොහැක. එම වසරේම එම නිර්මාණය රටවල් 17ක නිර්මාණ අතුරින් ළමා සෞඛ්‍යය වෙනුවෙන් කල හොදම නිර්මාණ අතරටද තෝරාගන්නා ලදී. මගේ දෙයක් කීවේ කැමැත්තකින් නොවේ. නමුත් මේ රටේ සිදුවන අසාධාරණයන් නිසා මානසිකව වැටෙන සියල්ල අතහැර දමන නව නිපැයුම්කරුවන් සිටින බව පැහැදිලි කිරීමට මට අන් ක්‍රමයක් නොමැත. එම ආයතනයෙන් ජාත්‍යන්තර තරගයට පසුගිය කාලයේ යැවු ශිෂ්‍යයන්ගේ තොරතුරු සොයා බැලුවොත් ඕනෑම අයෙකුට සිදුව ඇති දේ තේරුම් යනු ඇත. තවත් දෙයක් කිවයුතුය. මගේ එම නිර්මාණයටම විශාල පිරිවැයක් දරා ලංකාවේ නොමැති උපකරණ කිහිපයක් ලබා ගන්නට උත්සාහ කරද්දී ලංකාවේ කිසිවෙක් ඊට සහය නොවීය ඒ උපකරණ ටික මුදල් නොගෙනම කුමකටදැයි වත් නොඅසා නව නිපැයුම්කරුවෙකු කී පමණනින් අමරිකානු ජාතිකයන් කිහිපදෙනෙකු මා වෙත ලබාදීමට කාරුණික විය. වැරැද්ද ප්‍රෝටීන් වල නෙවෙයි සහෘදයා වැරැද්ද අපේ ජාතියේමය. ලංකාවේ නව නිපැයුම් හිට් වන්නේ ඒවායේ අන්තර්ගතය මතවත් වැදගත්කම මතවත් නොවේ. ලොකුවට පෙනෙන්නට ඇත්නම් වැඩක් නැතිවුවද ඉහලින් පිලිගනු ඇත. ජංගම දුරකථනය ලංකාවේ නිපදුවානම් මේ මොන ජරාවක්දැයි අසනු ඇත. මට දැනෙන පරිදි ලංකාවේ නව නිපැයුම්කරුවෙකු වීමට මාස ගණන් නොනිදා ගත් මහන්සිය ගස් නගින්න ඉගෙන ගන්න යෙදුවානම් මමද අද කෝටිපතියෙකු වන්නට තිබුණි. කියන්නට කියන්නට මගේ දුක්බර මතකයන් සිහියට නැගේ ඒ නිසා ආයේ නොකියමි.

    BalasPadam
    Balasan
    1. ජංගම දුරකථනය ලංකාවේ නිපදුවානම් මේ මොන ජරාවක්දැයි අසනු ඇත /////////////// ++++++++++++++++++++++++++++

      Padam
  4. මෙහෙමයි ඩොක්ටර්,

    බුදුරජානන් වහන්සේ මස් නොකන ලෙස කිසිම නීතියක් පනවල නෑ නමුත් කැලේ භාවනා කිරීමට යන භික්ෂුවට සමහර මස් නොකෑ යුතු බව කියනව ඊට හේතුව උදාහරණ සර්ප මස් අනුභව කර කැලේට යනවිට අදාළ ඉව ඔස්සේ සර්පයන් ආකර්ෂණය වී අදාළ අදාළ භික්ෂුවට අනතුරු වීම වැළකීමයි.

    ශ්‍රී ලංකාවේ විවිද ප්‍රෝටීන් බහුල එළවලු වගේම අධික ප්‍රෝටීන් සහිත හතු ජාති පහසුවෙන් වගා කළහැකි උනත් ඊටත් පියවර ගෙන නෑ.

    BalasPadam
  5. රුවන් දොස්තර මහත්මයෙකු ලෙස කියන කාරනය හරි.අපේ රටේ මිනිස්සු පෙනුමෙන් පවා ටිකක් අඩුයි.මම නම් කලක සිට කිසිම මස් වර්ගයක් නොකමි.මරණයට පෙර මේ හැම සතෙක්ම ජීවිතය බේරාගන්න කොපමන උත්සාහ කරනවාද?ඔවුනගේ මුහුණේ ඇති බිය මා හොඳින් දුටුවා.මම එම තත්වයට පත් උනොත් ..... ඔවුනගේ බය,වේදනාව අපට කියා දෙන්නත් බෑනේ උන්ට.මම පුද්ගලිකව එය අවබෝධ කරගනිමින් සිටිමි.බලන්න යු ටියුබ් ,රටවල සත්තු මරණ හැටි.මස් වලින් හදාපු කෑම ලස්සනට තිබුනට කන්න ප්‍රියක් නෑ.ලාල් කියල මගෙ මිතුරෙක් පිටරට ඉන්න.රෝමානු කතෝලික.ඒ කාලෙ මම මස් කෑවත් ඔහු උම්බලකඩවත් කට හරියෙ තියන් නෑ.මරාපු සතෙක් වේලලත් කන්නෙ කොහොමද අහනවා.ඉතා යහපත් කෙනෙක්.ඔහුට ගරු කරන්නත් මෙය ලියන්නේ.

    BalasPadam
    Balasan
    1. ලලිත් ඔබ කියන දේට මම 100 % එකඟයි. මෑතකදී මම දුටුවා මරණයට ගෙන යන හරක් / ඔටුවෝ උන් මිනිසුන් වගේ මරණ බයින් තැති ගෙන​.

      මිනිස් පරිනාමය සිදු වූයේ මස් කෑම මත / මස් අවශ්‍යයි කායික මානසික වර්ධනයට. ලෝකයේ ස්වභාවය සතෙක් විසින් තවත් සතෙක්ව කෑම​. නමුත් මිනිසාට ඒක වෙනස් කරන්න පුලුවන්. අනාගතයේ විද්‍යාගාර වල මස් හදන්න පුලුවන් වෙයි ජීවිත නොනසා.

      Padam
  6. ලංකාවේ නවනිපැයුමක් කරන එක...අතේ ගහනවා වගේ වැඩක්...මට හෙනම ජොලි...වෙන ඇති වැඩක් නැත !

    BalasPadam
  7. හරියටම හරි.ඔන්න කෙලින්ම කිව්වා!😁

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook