Jumaat, 6 Oktober 2017

කාන්තා හිංසනයේ තවත් පැතිකඩක්


මුහුණු පොතෙන් සහ අනෙකුත් මාධ්‍ය වලින් කෙරෙන කාන්තා හිංසනය ගැන කතා කරන්නේ අඩුවෙන්. පහත  ලිපිය පොලිස්පතිවරයාට ලියා තියෙන්නේ සෙක්‍ෂුවල් හැරස්මන්ට් නිසා අගතියට පත් වූ කාන්තාවක්. ඇය ඉන්නේ ප්‍රන්සේ.   මෙවැනි දේවල් සිදු නොවිය යුතු දේවල් කියා මම සිතනවා.  තමන්ට අම්මලා අක්කල නංගිලා ඉන්නවා . ඒ අයට මේ වගේ දෙයක් සිදු වුවහොත් ඇති වන හැඟීම කුමක්ද ? මේ හිංසක ක්‍රියාව පසුපස තවත් පිරිසක් ඉන්න බවයි පැවසෙන්නේ. නමුත් පිරිසක් විසින් වැන්දඹු කාන්තාවකට කරන හිරිහැරය නම් කැතයි. 


කුමාරි පරණවිතාන 
12 Rue du Sergent Maginot,
75016 Paris
FRANCE.
Tel +33 665332987

ගරු පොලිස්පතිතුමා 
පොලිස් මූලස්ථානය 
කොලඹ 1

මම 1985 සිට ජිවත් වන්නේ ප්‍රංශයේ පැරිස් නුවරයි. ප්‍රංශ පුරවැසිභාවය ඇති අතර අවුරුද්දට වරක් ලංකාවේ නිවාඩුවකට පැමිනෙමි. මගේ ස්වාමි පුරුෂයා විජය කුමාර නම්බුකරවසම් මිය ගොස් ඇති අතර මට අවුරුදු 28ක දියණියක් (සාරා නම්බුකාරවසම්) සිටි.
මේ ලිපිය ඔබ වෙත එවීමට හේතුව වන්නේ සහන් කසීර වික්‍රමසිංහ විසින් මා හට ෆේස් බුක් ඔස්සේ අයුතු බලපෑම් කල බව සහ ඉන් අනතුරුව මා පිළිබඳ ඉතා අසභ්‍ය කතා ෆේස් බුක් ඔස්සේ ප්‍රචාරය කරන බව දැන්වීමටයි. දැනට අවුරුද්දකටත් වඩා වැඩි කාලයක සිට ඔහු කරගෙන යන මේ ක්‍රියාව නිසා මම විවිධ ආකාරයෙන් අපහසුතාවයන්ට ලක්වුනා. එමෙන්ම මම දන්නා අඳුනන පුද්ගලයන්ට මෙසේන්ජර් මාර්ගයෙන් මම පිළිබඳව අසභ්‍ය කතා ප්‍රචාරය කරන අතර, සමහර පුද්ගලයන්ට කියා යවා තිබෙනවා මට අපහාස කරන ලෙසට.
සමහර ෆේස් බුක් සංවාදයන් මැදට පැන ප්‍රසිද්දියේ 'කුමාරි පරණවිතාන කියන්නේ මිනිස්සු දැලේ දාගන්න ගෑනියක්' 'බලාගෙන මේ ගෑනිගෙන් ප්‍රවේසම් වෙන්න' 'මෙන්න වෙස ගෑනියක්' යනාදී ලෙස හඳුන්වා දෙයි. ඒ අතරම සහන් කසීර වික්‍රමසිංහට ව්‍යාජ ගිණුම් කීපයක් විවිධ නම්වලින් ෆේස් බුක් එකේ ඇති අතර ඒ නම්වලින් මට අපහාස කරන්න පටන් ගත්තා.
සහන් කසීර වික්‍රමසිංහ මට ප්‍රංශ ගණිකාව ; ශුගර් මමී , මානසික රෝගී ගෑනියෙක් ,මැදි වයසේ වල් ගැහැනිය යන වචන භාවිතා කරමින් කොමෙන්ට් ලියා ඒවා විවිධ අය වෙත යවා තිබෙනවා. ඒවා යලි යලි පෝස්ට් කලේ මෙත්මලී දිසානායක කියන අයයි. සහන් කසීර වික්‍රමසිංහ නම් තැනැත්තා මම ගැන ලියන ලද අපහාස කතා යලි යලි පෝස්ට් කරන ලද්දේ මැය විසින් . ඇය ඔහුගේ ආධාරකාරියක්.
මෙය ඉතාම පහත් දෙයක්. මට තවත් ආරංචි උනා මගේ චරිතය ගැනත් ඔහු ඉතා කුනු කතා කියමින් ඒවා ෆේස් බුක් චැට් වල බෙදාගන්නවා කියලා. මේක තනිකර කාන්තා ලිංගික හින්සනයක් ; මේක වැටෙන්නේ පරිගනක අපරාධ යටතේ බව මගේ හැඟීමයි.මේ ආකාරයට වෛරයකින් සහන් කසිර වික්‍රමසිංහ මා සමඟ හැසිරීමට හේතුවක් ඇත්ද? මා ඔහුට කල වරදක් ඇත්නම් එය දැන ගැනීමට සතුටුයි.
කරුණාකර පුළුවන් තරම් ඉකමනින් මගේ මේ ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙන්න.
මෙයට,
කුමාරි පරණවිතාන.






30 ulasan:

  1. හා හා හා ඩොක්ට, ඔය කියන පුද්ගලය මේ සිංහල බ්ලොග් එකේ ලොකු පොරක් හොඳේ. 🤣🤣🤣🤣😜😜😜😜😜😂😂😂😂

    BalasPadam
    Balasan
    1. ලොකු පොරවල් සමහර විට අවලස්සන වැඩ කරනවා ටික්කා

      Padam
  2. ලංකාවේ බහුතරයට කාන්තාව කියන්නේ තමන්ගේ පදයට නටන්න ඕනෑ කෙනෙක්.පිරිමියා හැමවිට හරි,ගැහැණිය වැරදියි.කොපමන බණ ඇහුවත් ඕකතමයි ඇත්ත.පිටරට ඉන්න අපේ ගොඩක් මිනිස්සුත් ඔහොම තමයි.තමන්ගේ මවත් ගැහැණියක්,තම දියණිය ගැහැණියක් මේ මොනවා උනත් දේකදී බිරිඳ හෝ පිට කාන්තාවකට ගරු කිරීම අන්තිමයි.මේක තමයි ජඩ ගතිය.එතනදි අනික් ගෑණු ගන්නෙත් පිරිමියාගේ පැත්ත.මටනම් පුද්ගලිකව අපේ මිනිස්සුන්ගේ පොදුවේ ගන්න තියෙන හොඳ දේ අවමයි.ඒ මහත්මිය ගැන කණගාටුයි!

    BalasPadam
    Balasan
    1. අනික් ගෑණු ගන්නෙත් පිරිමියාගේ පැත්ත /////////////// එකනම් ඇත්ත ලලිත් ගෑනියෙක්ට අපහාස කරන කොට අනෙක් ගෑනු (ඔක්කොම නොවේ) ගත්තේ හිංසකයගේ පැත්ත

      Padam
  3. බුකියෙ පැල් බැදගත්ත කන්ඩායම් ඉන්නව. මේ අය වෙන රැකියාවක් කරන බවක් පේන්නෙත් නෑ. අපි නිවාඩු දවස්වල සාපේක්ෂව වැඩි වෙලාවක් බුකියෙ ඉන්න කොට නිරීක්ෂනය වුන දෙයක් මේක. දවස තිස්සෙම වැඩිහිටියෙකුට මෙහෙම කාලය ගත කරන්න පුලුවන්ද කියන එක පුදුමයි. මේ හැම කෙනෙකුටම ෆේක් ප්‍රොෆයිල් විසිපහක් තිහක්වත් තියනවා. මට හිතෙන්නෙ මේක මේ අයගෙ රැකියාව කියලයි. විවිධ දේශපාලන පක්ෂ හා ඇතැම්විට සංවිධාන වලට කඩේ යන්න වෙනම අය ඉන්නවා. ඒ අයටත් ෆේක් ප්‍රොෆයිල් විශාල ප්‍රමාණයක්. සකරබර්ග් උන්නැහෙ කරපු වැඩේ නිසා රස්තියාදුකාරයො කී දෙනෙකුගෙ බඩකට පිරෙනවද .

    මේ බුකිකාරයො පෙන්වන්නෙ ඔවුන් ඉහළ අධ්‍යාපන සුදුසුකම් සහිත උසස් රැකියා කරන අය බවයි. ඇත්ත එලියට එන්නෙ ඔවුන් එකිනෙකා කෙස් වලු පටලගත්තමයි. එකම කල්ලියෙ අයත් එකිනෙකා පාවා දෙනවා. ඒක මම නිරීක්ෂනය කලේ සමහරුන්ගෙ පුද්ගලික තොරතුරු දන්නෙ ඒ අය එක්ක එකට කන බොන අය නිසයි.( බ්ලොග් වල වගෙ තමයි ).

    කාන්තාවන්ට අපහාස කරනව කියන්නෙ ඉතාම කැත පහත් වැඩක් බවයි කියන්න තියෙන්නෙ. අනික මේ වගෙ සයිබර් මොබ් එකකට කාන්තාවක් නෙමෙයි මොන යකෙක් අහුවුනත් කෑල්ලක්වත් ඉතුරුවෙන්නෙ නෑ.

    BalasPadam
    Balasan
    1. කාන්තාවන්ට අපහාස කරනව කියන්නෙ ඉතාම කැත පහත් වැඩක් ////////////////// fully agree.

      නමුත් කාන්තාවකට ගහන්න තවත් කාන්තාවක් උදව් කරනව​. කාර්ලා හෝමෝල්කා කියලා ගෑනියෙක් හිටියා. ඇය තම අනියම් සැමියට උදව් කරනවා ඔහු මගින් අනෙකුත් ගෑනුන්ට අපයෝජන කරන්න​. පසුව හේතුව හැටියට කිව්වේ කාර්ලා හෝමෝල්කා තුල සම ලිංගික ආශයන් තිබ්බා repressed homosexual mental conflicts මෙය අධිකරණ වෛද්‍ය මනෝ විද්‍යාවේදී අපට උගන්වන කේස් එකක්

      Padam
  4. දැන් රුවන් ෆේස්බුක් එකේ මේක දාගෙන නැටුවේ මාවයි මෙත්මලීවයි බ්ලොක් කරගෙන නේ. මෙකට අපිට කමෙන්ට් කරන්න පුළුවන්ද දන්නේ නෑ

    BalasPadam
    Balasan
    1. කමෙන්ට් කරන්න ; නමුත් කුනුහර්ප තහනම්; තමන් ගේ බජාර් එක දම්මල එක එක වල් කතා කීම තහනම් ; හොර ෆේක් වලින් එන්න තහනම් . පොයින්ට් එකට කතා කරන්න. අපි සංවාදයක් කරමු.

      Padam
    2. මේවට නේද මනෝභ්‍රාන්ති කියන්නේ ? ඒවා ඔයා ළඟ පිරිලා.
      තමන් ලියන දේවල් වලට එහෙයි කියලා නොලියන අයව බ්ලොක් කරන ගමං ඔයා බණ කියන්න එපා රුවන්. ඔයාට පොඩි මානසික අවුලක් වගේ නේද ? ෆේක් ගැන - ගැන්සි ගැන මාර බයයි නේද ?

      Padam
    3. සහන් තව එකක් තියනවා ඔයාගේ ඉන්නවා කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක් උන්ට එතරම් අධ්‍යාපනයක් නෑ ; උන් කාලා ඇඳලා ඉන්නේ ඔයාගෙන්; ඒ නිසා ඔයා කියන කියන අයට උන් කුනුහර්ප අපහාස කරනවා; ඔයාගේ කේස් එක ගැන එෆ් බී දාපු ගමන් කාන්තාවන් කීප දෙනෙක් මට ඉන්බොක්ස් කරලා කිව්වා අතිතයේ ඔයා ඒ අයටත් විවිධ හිංසන කරා කියලා. ඒ අය නම් වශයෙන් කියන්න පුලුවන් එවිට ඔයා ඒ අයටත් අපහාස කරයි. දැන් බලන්න ඔයා තමන්ට තියෙන කාන්තා ලිංගික හින්සනය ගැන නෙවෙයි නේ කතා කරන්නේ ; ඔයා ෆ්ලැට් නියායෙන් මට උත්තර දෙන්නේ

      Padam
  5. 5. කුමාරි කිව්වේ ගෑණුන්ට පරිස්සම් වෙන්න කියලා. ඒක කියපු ගමන් කලබල වුනේ රුවන් ජයතුංග. ඒ අයි කියලා දන්නෙත් එයා විතරයි. හැබයි මිත්‍රවරුනි ; ගිහිං බලන්න. මේ පෝස්ට් එක රුවන් අද උදේ ඉඳන් එයාගේ වෝල් එකේ දාලා " වැන්දඹු ගෑණියක්" කිය කිය කුමාරිට අනුකම්පාව හිඟනවා. නමුත් කුමාරි එකම එක කමෙන්ට් එකක් වත් දාලා නෑ මේ වෙනකං. ( ප.ව.11.21 / 06.10.2017) ඒ ඇරුණාම රුවන් ජයතුංග කාන්තා සංහතිය වෙනුවෙන් කුමාරිගේ නම දාගෙන මෙතනයි එයාගේ වෝල් එකෙයි නැටුවට කුමාරි මේක එයාගේ වෝල් එකේ දාන්නේ නෑ. රුවන් , ඔයා කුමාරි පරණවිතානගේ මාධ්‍ය ප්‍රකාශක ද ?

    6. කුමාරිගේ ලියුමේ තියෙන්නේ " අයුතු යෝජනා" කියලා. රුවන් ඒක යළි යළිත් හඳුන්වන්නේ " සෙක්ෂුවල් හැරස්මන්ට්" කියලා. රුවන් - එක්කෝ ඔයාට සිංහල බෑ. එක්කෝ ඔයාට ඉංග්‍රීසි බෑ. එහෙම නැත්නම් මෙතන කුමාරිට වඩා කුමාරිගේ බඹසර ගැන වදවෙන්නේ ඔයා. තේරෙන්නේ නැද්ද හොරාට කලින් කැණ වැට පැන්නම චොර කියලා.

    BalasPadam
  6. Ulasan ini telah dialihkan keluar oleh pengarang.

    BalasPadam
  7. සහන් තව එකක් තියනවා ඔයාගේ ඉන්නවා කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක් උන්ට එතරම් අධ්‍යාපනයක් නෑ ; උන් කාලා ඇඳලා ඉන්නේ ඔයාගෙන්; ඒ නිසා ඔයා කියන කියන අයට උන් කුනුහර්ප අපහාස කරනවා; ඔයාගේ කේස් එක ගැන එෆ් බී දාපු ගමන් කාන්තාවන් කීප දෙනෙක් මට ඉන්බොක්ස් කරලා කිව්වා අතිතයේ ඔයා ඒ අයටත් විවිධ හිංසන කරා කියලා. ඒ අය නම් වශයෙන් කියන්න පුලුවන් එවිට ඔයා ඒ අයටත් අපහාස කරයි. දැන් බලන්න ඔයා තමන්ට තියෙන කාන්තා ලිංගික හින්සනය ගැන නෙවෙයි නේ කතා කරන්නේ ; ඔයා ෆ්ලැට් නියායෙන් මට උත්තර දෙන්නේ

    BalasPadam
  8. සහන්
    කුමාරි පරණවිතාන / ජීවනී කාරියවසම් / ඉඳුනිල් හිමංසා පෙරේරා/ රෝහිනී ජයසේකර යන කාන්තාවන් ඔයා ඒ අයට හිංසන ( ලිංගික හිංසනද ඇතුලුව ) කල බවට මට කීවා. මේ ගැන ඔබ කියන්නේ මොකක්ද ?

    BalasPadam
  9. සහන් මොකද ඔයා හිංසනයට ලක් කරපු කාන්තාවන් ගේ නම් කිව විතරයි ඔයා සයිලන්ස් ? මේ අයත් යථා කාලෙදි ඔයාගේ ක්‍රියා ගැන පොලිසියට දැණුම් දෙයි

    BalasPadam
  10. ඩොක්ට.! ඔබ මේ ලිපිය ලිවීම ගැන ඔබට ස්තුතියි. ඔබ කිව්වා වගේම ප්‍රොෆයිල් එකෙන් තර්ක කරල සම-හරක් මට පෞද්ගලික ඊ මේල් එකට ඇවිත් තර්ජනය කළා වගේම මම මේ බ්ලොග් එකෙන් එලවන්න මට පොස්ට් ලියපු අයත් අද මේ බ්ලොග් එකේ ඉන්නව. ඒ වගේම උදහස ඉවසගන්න බැරි උන අය බොරු අපහාස අපයෝජනා කරල බ්ලොග් එකෙන් එලවපු අයත් මෙතැන ඉන්නව.
    ඔබ ඔබගේ දැනුම සම්බන්දයෙන් හෝ සමාජය සම්බන්දයෙන් මොනව ලිව්වත්, ඒ ලියන්නෙ හේතුවක් ඇතුව කියල මම හොඳටම දන්නව. මොකද ඔබ මම ගරු කරන මේ බ්ලොග් එකේ දෙතුන් දෙනාගෙන් කෙනෙක්. මේ සිද්දි අපි වගේ ෆේස් බුක් නැති අයට දැනගන්න ඕනෑමයි.
    මම බලං ඉන්නව මට එරෙහිව නැගී සිටි බ්ලොග් පොලිස් කාරයන් මේ අවස්ථාවේ මොනවද කරන්නෙ වගේම ඔබ වෙනුවෙන් මම බ්ලොග් එකේ පෙනී සිටිනව.
    ඔබට ශක්තිය..!!!
    මේ බ්ලොග් එක පිස්සන් කාමාතුරයන් හොරු පිරුන තැනක්. අපි සුද්ද කරමු.
    👊🏽

    BalasPadam
    Balasan
    1. ඔබට තුති ටික්කා ; මේ කාමාතුරයන් ගැන ලියන කොට ඔවුන් මඩ ගහනවා

      1) මම රාජිනී ජයසිංහ ගේ ප්‍රොෆයිල් එකෙන් ආවලු - රාජිනී ජයසිංහ කුබෙක් වල ඉන්න ඇක්ටිවිස්ට් කෙනෙක්. මට රාජිනී ජයසිංහ ගේ ප්‍රොෆයිල් එකෙන් එන්න අවශ්‍ය නෑ. සහන් කරපු වල් වැඩ මම ලිව්වෙ මගේ එෆ් බී එකේ මගේ බ්ලොගයේ ආයෙ හැංගි හොරා ආවෙ නෑ

      2) මාව ලන්කාවේ වෛද්‍ය සභාවෙන් නෙරපලාලු- මේ ගැන ලන්කාවේ වෛද්‍ය සභාවෙන් ඕන වෙලාවක අහගන්න පුලුවන්. මගේ පස මිතුරු වෛද්‍ය රංග වීරක්කොඩි පවා මේක අසත්‍ය බව සනාත කලා. නමුත් මොහු නැවත මේ කාඩ් එක ගහනවා .
      කමක් නෑ තමන් ගේ රෙදි ගැලවුනු නිසා මොනව හරි මඩක් ගහන්න එපැයි

      3) මම තමන් ලියපු බ්ලොග්ස් වල ලින්ක් හැමතැනම අලවා අලවා පච වෙනවලු- ඇත්ත අදාල මාතෘකාවක් ගැන විවාදයක් යනකොට මම ඒ පිලිබඳව මම ලියපු ආර්ටිකල් එකක ලින්ක් දානවා. මේවා නරකයි. එතකොට කාන්තාවන්ට ලිංගික හිංසා කිරීම හොඳයි. ඒකයි ඔහුගේ තර්කය

      Padam
    2. හපොයි ඩොක්ට. ඔබ වයිද්‍ය සභාවෙනුත් ඉවත් කළා කියල ගොන් කතා කියන්න තරම් බොරු බයිල කියන්නෙ තමන් කල වල්කම් වහගන්න බැරි උන නිසා.
      මීට අවුරුදු පහ හයකට කලින් මේ සිංහල බ්ලොග් කලාව තුල සෑහෙන එකමුතුවක් වගේම වටින තැනක් උනා. (ඉඳල හිටල බලු බෙටි තිබ්බ තමයි)

      නමුත් දැන් දැන් මේ බ්ලොග් කලාව බල්ලටම ගිහිල්ල. දැන් මෙතන වෙන්නෙ දේශපාලන කල්ලි ගැසීම්, එක එකාගෙ පිට කසා ගැනීම්, කකුලෙන් ඇදිලි, තමන් පොරක් කියා කියාගනිමින් තමන් වටා පිරිස් රැස් කරගැනීම් විතරයි. ඇත්තටම මේක දැන් ගූ හැලියක්. මොකක් හරි වනචර වැඩක් කරල මාට්ටු උන ගමන් තමන්ගෙ කටු කන බල්ලො ටික එවනව. සත්තු මීට වැඩිය හොඳයි ඩොක්ට.

      Padam
    3. මාව වෛද්‍ය සභාවෙන් ඉවත් කරලා නම් වෛද්‍ය සභාවේ වෙබ් එකේ මග නම තියනවා ; මගේ නම සමග SLMC කියා ගැහුවනම් ඉවත් කරපු අයගෙ ලිස්ට් එකේ මගේ නම දිලිසි දිලිසි තියනවා. මාව වෛද්‍ය සභාවෙන් ඉවත් කරලා නම් මම මානසික ප්‍රතිකාර / චිකිත්සනය සඳහා කැනඩාවෙන් ලියාපදිංචිය දෙයිද ? මේවගේ සරල දෙයක්වත් නොතේරෙන ගොන් බාස්ලා. කියන බොරුව වත් හරියට කියා ගන්න දන්නේ නෑ

      Padam
  11. මෙම සිද්ධිය ගැන මා හට අවබෝධයක් නැතත්, ඔබ මෙම බ්ලොග් එකෙන් කරන සේවය ඉතාමත් අගය කරන බව මතක් කරන්න කැමතියි.
    ටික්කා සමග මමත් ඉන්නවා.
    "ඔබ ඔබගේ දැනුම සම්බන්දයෙන් හෝ සමාජය සම්බන්දයෙන් මොනව ලිව්වත්, ඒ ලියන්නෙ හේතුවක් ඇතුව කියල මම හොඳටම දන්නව. මොකද ඔබ මම ගරු කරන මේ බ්ලොග් එකේ දෙතුන් දෙනාගෙන් කෙනෙක්"

    BalasPadam
  12. රුවන් මගේ පාසැල් මිත්‍රයා.හිතහොඳ කෙලින් කතාකරන අල්පයක් දෙනා අතරින් කෙනෙක්.කිසිම පිරිමියෙකුට හෝ විශේෂයෙන් කාන්තාවකට හිත රිදෙන්න කතා කරන කෙනෙක් නෙමේ.මම අගය කරන දේ තමයි විවේචනයේදී ,අනෙකාට ඔහු තුල තියෙන ගරුත්වය.අන්තිම තැනටම ගිහින් පහත් බසකින් හෝ වෙන ආකරයකින් පහරදෙන මට්ටමක නැහැ.මහත්මා ගතිය එයයි.

    BalasPadam
  13. Balasan
    1. mama pissek kiwwe sahan ta pamanak nemei...

      Padam
    2. Sahanta wiruddawa oppu nowu chodana ella kara blog lipi liyana oba watenneda "paw" ganayata bawa sihi thabaa ganeema wataneya...

      Padam
    3. 1) ඒ කියන්නේ සහන් කසීර සියඹලා ගෙනල්ලම නැද්ද ?
      2) ඔබගේ නියම අනන්‍යතාවයෙන් එන්න සාක්‍ෂි පෙන්වා දෙන්න අතවරයට පත් වූ තව කාන්තාවන් කීප දෙනෙක් ඔවුන්ට කල හිරිහැර කිව්වා. මට ඊමේල් එකක් අනන්‍යතාවය සහිතව එවන්න

      Padam
  14. සහන් කසීර වික්‍රමසිංහ කියන්නේ ලිංගික ඉර්ශියාවෙන් පෙලෙන අසහනකාරයෙක්. මේකගෙ ඉතිහාසය ඇදලා ගන්න පුළුවන්. මේ අසහනකරයව ඉස්කෝලේ යනකාලේ ඉඳල දන්නා කෙනෙක් හම්බ උනා. අවශ්‍ය උනොත් එලියට දාන්නම්.

    BalasPadam
    Balasan
    1. සහන් කසීර වික්‍රමසිංහ මට ඔහුව හමු වෙලත් නෑ ඔහු මිතුරෙකුත් නෙවෙයි සතුරෙකුත් නෙවෙයි. නමුත් ඔහු කරපු වැඩ අශීලාචාරයි. ඒ නිසා තමයි මම ඊට එරෙහිව ලිව්වේ.

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook