Jumaat, 20 Oktober 2017

සුසිරිත් ඔබට සුවදායක විශ්‍රාම දිවියක්


මහාචාර්ය සුසිරිත් මෙන්ඩිස් මහතා රුහුණු විශ්ව විද්‍යාලයෙන් විශ්‍රාම  යන ලදි. අප එතුමාට සුභ පතමු.  එතුමාගේ සමහර ගෝලබාලයන් මෙන් අතිශයෝක්තියෙන් බොරුවට ගුණ වැයීම පසෙකලා කරුණු දෙකක් පිලිබඳව අවධානය යොමු කිරීමට කැමැත්තෙමු. 

පළවන කාරනය නම් 2012 වසරේදී රුහුණ සරසවියේදී බරපතල ලෙස නවක වධයට ලක්වූ වත්සලා කුමුදුනි නම් සිසුවියට එවකට රුහුණ සරසවියේ උප කුලපතිවූ  මහාචාර්‍ය සුසිරිත් මෙන්ඩිස්  සාධාරණය ඉටු කලේ නැත​. ඒ පිලිබ්ඳව ගාඩියන් පුවත් පත විසින් වාර්තා කරන ලදි.  ( වත්සලා කුමුදුනි ද සිල්වාට යුක්තිය ඉටු කරනු !  මානව අයිතිවාසිකම්, විශේෂාංග, ශ්‍රී ලංකාව July 26, 2012January 24, 2015  ශ්‍රී ලංකා ගාර්ඩියන් January 24, 2015
https://www.slguardian.org/si/archives/1803) 

දෙවැන්න නම් එතුමා වැනි උගතෙකු කිසිම හිරිකිතයක් වෘත්තීය අභිමානයක් නොමැතිව සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය තිබෙන විමල් වීරවංශ වැනි දේශපාලකයෙකුගේ දෙපතුල් ලඟ වැඳ වැටීමය​. 

කෙසේ නමුත් මහාචාර්‍ය සුසිරිත් මෙන්ඩිස් මහතා ඉතිහාසයට එක්වී හමාරය​. ඉතිහාසය විසින් ඔබව විනිශ්චය කරනු ඇත​. 

සුසිරිත් ඔබට සුවදායක විශ්‍රාම දිවියක් 


7 ulasan:

  1. This one is a status in your fb page I guess... a years old post???

    BalasPadam
  2. "ඉතිහාසය විසින් ඔබව විනිශ්චය කරනු ඇත."+++++++++++++

    BalasPadam
  3. වත්සලා පසුව කොළඹ වි.විද්‍යාලයෙන් උපාධිය සම්පූර්ණ කළ බව මතකයේ තිබේ. 100% විශ්වාස නැත.

    BalasPadam
    Balasan
    1. ඒක හොඳයි සාමාන්‍යයෙන් නවක වද ගැන පැමිනිලි කර අයට යහතින් ඉන්න දෙන්නේ නෑ ; උන්ව මරාගෙන කනවා

      Padam
  4. සාමාන්‍ය පෙළවත් නැති කීයක් ඉන්නවද ඔකේ ඇතුලේ ... එතකොට උන් ළඟ දනින් වැටෙන අය ?
    අද්යාපන මට්ටම ,ලබා ඇති උපාදි ගණන ,මිනිසා සම්පුර්ණ කරයිද ?
    පුංචි කතාවක් තියෙනවා ...
    ගගකින් එගොඩ වෙන්න මහාචාර්ය කෙනෙක් ආවා .තොටියා ඔරුව පැදගෙන යනකොට මහාචාර්ය තුමා තොටියගෙන් අහනවා සාමාන්‍ය පෙළ සමත්ද ? උසස් පෙළ සමත්ද ?උපාදී කීයක් තියෙනවද වගේ ප්‍රශ්න .ගඟ මැද්දෙදි සද පහරට ඔරුව පෙරළෙනවා .තොටියා අහන්නේ එක ප්‍රශ්නයයි ....
    පීනන්න දන්නවද ?
    උත්තරේ "නෑ "
    (කතාව මම එඩිට් කළා )

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook