Isnin, 23 Oktober 2017

අන්තිමට සුද්ද වීම උනේ කවදද​?

 
නාරි හා ප්‍රසව වාට්ටුවේ සේවය කල කාලයේදී සියළුම දොස්තරලාගේ කටේ තිබුනේ අන්තිමට සුද්ද වීම උනේ කවදද​? යන වචන සෙට් එකය​. අන්තිමට සුද්ද වීම හෙවත්  LRMP  - Last Regular Menstrual Period මත භෘණයාගේ උපත සිදු වන දිනය මෙන්ම නොයෙකුත් නාරි රෝග නිර්ණය කල හැකිය​. වරක් මාතලේ රෝහලේ ලේබර් රූම් එකේදී එක් කාන්තාවකගෙන් අන්තිමට සුද්ද වීම උනේ කවදද​? කියා ඇසූ විට ඇය පැවසුවේ " බාසුන්නෑ වහලෙ ගහපු දවසේ "  කියාය​. 

මෙලෙස බොහෝ කාලයක් නාරි හා ප්‍රසව වාට්ටුවේ සේවය කල වෛද්‍යවරු කායික වෛද්‍ය හා ශල්‍ය වෛද්‍ය අංශ වලට ගිය විට සමහර පිරිමි රෝගීන් ගෙන්ද  " අන්තිමට සුද්ද වීම උනේ කවදද​? කියා අසා තිබුණි. 


8 ulasan:

  1. පිරිමින්ට වඩා කාන්තාවන්ගේ ආයුෂ වැඩි වෙන්න මෙයත් එක් හේතුවක් කියා අසා තියෙනවා.මේ ස්වභාවධර්මය.

    BalasPadam
    Balasan
    1. ලලිත් ඒකෙත් යම් සත්‍යක් තිබෙනවා. මේ හෝමෝන පාලනය නිසා ඔවුන් ආතතියට පිරිමින්ට වඩා හොඳට මුහුණ දෙනවා

      Padam
  2. ඒ මොකද සුද්ද වීම කියා අමුතු වචනයක් දොස්තරලා හාවිතා කරන්නේ? මගෙන් අැහුවා නම් මම උඩ බිම බලයි මොකද්ද මේ අහන්නේ කියලා. අර කාන්තාව දීපු උත්තරෙන්ම ඒක පැහැදිලි වෙනවා. නියම වචනය භාවිතා නොකරන්නේ අැයි?

    BalasPadam
    Balasan
    1. මේක දීර්ඝ කාලයක් පුරා භාවිතා වූ වචන සෙට් එකක්

      Padam
  3. එකත් එකටම බාස්උන්නැහේ වෙන්ටැ සුද්දකරන්න ඇත්තේ !

    BalasPadam
  4. ලංකාවේ වෛද්‍යවරු ප්‍රශ්න අසන භාෂා විලාශය අමුතුය. වචනවල ශිෂ්ට සම්පන්න ස්භාවය අඩුද ?

    BalasPadam
    Balasan
    1. ඒ ඒ ප්‍රදේශ අනුව භාවිතය වෙනස් වෙනවා. පුද්ගලික රෝහලක ඉහල මාධ්‍යම පන්තික කාන්තාවකගෙන් ඔය ප්‍රශ්නෙ අහන්නේ වෙන විදියක​ට

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook