Khamis, 19 Oktober 2017

සංගීතය රස විඳීම

ලතින් ඇමෙරිකානුවන් තුළ උත්පත්තියෙන් මෙන් අත්පත් කර ගත් නර්තන විලාශයක් තිබේ. ඇතැම් විට මෙය ඔවුන් ගේ ජාන දක්වා පැතිරී ඇති බව කිවහොත් නිවැරදිය​. . වරක් මම කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ පැවැති නර්තන සාදයකට සහභාගි වූයෙමි. නර්තනය පටන් ගෙන පැය භාගයක් යාමට පෙර බීමතින් පැමි‚ සිසුහු පිරිසක් —අඩෝ අපට ඕනේ සිංහල සිංදු˜ කියමින් ගායකයාට අසභ්‍ය වචනයෙන් බැණ වැදී විශාල ස්පීකරයක් පෙරළා දැමූහ. ඒ සමඟ ම සාදය අවසන් විය. 

යුරෝපයේ මෙවැනි සිද්ධීන් ඉතා විරල ය. සාදයක දී නර්තනයේ යෙදීම ඔවුනට අසභ්‍ය දෙයක් නො වේ. එය ආතතිය මඟ හරවා සිතේ ඒකාග්‍රතාව රඳවා ගැනීම සඳහා ඔවුන් යොදා ගනිති. වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබූ කාලයේ අපට වෝල්ට්ස්, බැලේ සහ බෝල්රූම් නර්තනයේ යෙදීමට සවස් කාලයේ පන්ති ද තිබු‚. විදේශික සිසු සිසුවියෝ සංගීතයත් සමග නටති. ප්‍රීති වෙති. එතැන ගහ මරා ගැනීමක්, කුණු හරුප කීමක් දක්නට නො ලැබේ. මෙයට හේතුව ලෙස මා දකින්නේ ඔවුන් තුළ පවත්නා සංස්කෘතික දියුණුවයි. ඔවුහු ඕනෑ ම බසකින් වාදනය කරන සංගීතය ප්‍රිය කරති. වරක් අපගේ වෛද්‍ය පීඨයේ පැවති සාදයකදී අප්‍රිකානු සහ ලතින් ඇමරිකානු සිසු සිසුවියන් පිරිසක් ක්ලැරන්ස් ගේ වේග රිද්ම ගීයකට නටනවා මම දුටුවෙමි. ඔවුන්ට සංගීතය වටහා ගැනීමට තරම් උච්ච මානසිකත්වයක් තිබේ.

(මිනිසුන් තුලින් ලෝකය දුටුවෙමි )

11 ulasan:

  1. ඇත්ත කතාව
    මේකට උත්තරයක් දෙන්න මට තේරෙන්නේ නැ >... මේ මැටි ජාතියට බැනල වැඩකුත් නැනේ
    මට හිතෙන්නේ කරන්න පුලුවන් එකම දේ ගිය ඇයෝ ගියා කියල හිතල
    අද උපදින දරුවගෙන ඉදන්...මුල ඉදන් පටන් ගන්න
    ඔය බොරු සංස්කාතික කතන්දරේ තමයි ජාතියට තියෙන ලොකුම පරහ
    මින්සුන්ට වෙනස් විදිහට හිතන්න තේරෙන්නේ නැ අනිත් අය ගැන හිතන්න තේරෙන්නේ නැ
    මුුලු සමාජයම සමිප්‍රදායික වෙලා වනචාරි ජාතියක බවට පත්වෙලා තියෙන්නෙ
    ඒ වුනාට පම්පෝරිය 2500

    BalasPadam
    Balasan
    1. මුුලු සමාජයම සමිප්‍රදායික වෙලා වනචාරි ජාතියක බවට පත්වෙලා //////////// true

      Padam
  2. මම ඉතාලියේ ඉගෙනගන්නා කාලයේ අපගේ වාර්ෂික උත්සවයේදී අපි සහ ගුරුවරු මිතුරෝ,මිතුරියෝ ලෙස නර්තනයේ යෙදෙන්නේ.වයින්,බියර් ,නොයෙක් කෑම පිරිලා කාගන්න බෑ. රුවන් කියූ ලෙසම විවිධ සංගීත කෙතරම් අපූරුද?ලතින් අමෙරිකානු ඉන්කා,මායා ශිෂ්ඨාචාර තරම් පැරණි සංගීතය කොතරම් ලයාන්විතද ?අහලම බලන්න ඕනෑ.නිකරාගුවා වලින් ආ බ්ලන්කා නම් තරුණියක්,ඇය හොඳ මිතුරියක්.ලස්සනට නටන්න පුලුවන්.ඒ ලස්සනට ලංකාවේ නිළියෝ මොනවද?අහංකාරබව ගෑවිලාවත් නැහැ.කැරීබියන් දූපත් සංගීතය ,මගේ මිතුරියක් හිටියා බොබ් මාලේ කියන ගායකයාගේ ගෙවල් ලඟ.ඇයත් ඉතාලියේ ඉගෙනුම ලැබුවා.සංගීතය ඔවුනගේ ඇඟේම තියෙන්නේ.ඉතාලි ,ලතින් අමෙරිකානු,කැරිබියන් දූපත් අය,අප්‍රිකානු සහෝදරවරු මේ හැමෝම විවිධ සංගීතයට ආසයි.ඔවුන්ගේ මානසිකත්වය,සිතීමේ සහ රසවිඳීමේ පරාසය හරි විශාලයි.පලිගන්නාබව,කුහකකම මා දැක්කේ නැහැ.ඒකට අපේ අයගේ පාටියකට ගියොත් ඕපාදූප,ඩෝප් සීන්,බොරු සහ ඇත්ත වෙරි කාරයෝ,සියල්ල දත් අය.... ඕකයි මට්ටම බොහෝ තැන්වලදී.මේ දූපතෙන් පිටට ගිය නිසා අපූරු ප්‍රියජනක දේ විඳින්න ලැබුනා.උසස් ගතිගුණ ඇති සුන්දර මිනිස්සු ඇසුරු කරන්න ලැබුනා.එය කොතරම් අපූරුද !

    BalasPadam
  3. නියම මාතෘකාවක් ඩොක්ට.! ඔය සංගීතයට ගහමරා ගන්න එක ආසියාතිකයන්ගේ ලොකු ලක්ෂණයක්. මම ලංකාවේ සිටියදී ගිය 99.9% කම වලි ඇවිලුනේ බීමත් මිනිසුන් යහළුවන් නිසා. 1999 දී අපි මහින්ද නයිට් එකේ ඉන්නගමන් රිච්මන්ඩ් නයිට් එකට රිච්මන්ඩ් යහළුවන් එක්කම ගියේ මේරියන්ස් කණ්ඩායමේ සිංදු අහන්න. එක සැරේ බොබ් මාලි ගෙ සිංදුවක් සිංහලෙන් ගයනා කරනකොට එතන හිටිය කොල්ලෙක් “කවුද #%*යො බොබ් මාලි ට අපහාස කරන්නෙ?”කියල පටන්ගත්ත වලිය ඉවර උනේ මේරියන්ස් සංගීත කණ්ඩායමම ගුටි කාල හෝටලයම බිමට පහත් කරල.

    එංගලන්තයේදී උනත් මුල් වසර දෙක තුන විශ්වවිද්‍යාලයේ සහ වැඩ කරන ස්ථානවල ආසියානු යහළුවන් සමග නයිට් අවුට් ගියත් එතන සිටින කෙල්ලන් කොල්ලන් සමග කේස් දාගෙන පැටලුනු අවස්ථාත් දැකල තියෙනව. කොහොමත් මම පාර්ටි වලට ගියත් බීමතින් හිටියත් වලි පැටලෙනවානම් මොකා එක්ක හිටියත් මම කාටවත් කියන්නෙ නැතිව ගෙදර යනව. දැන් අවුරුදු බර ගානක ඉඳල මම සෙට් වෙනවනම් නයිට් අවුට් යනවනම් සුදු ජාතික හෝ කළු ජාතික මිතුරු මිතුරියන් එක්ක පමණයි. අපිට කවදාවත් ඉපදුන රටවත්, හමේ පාටවත්, කතා කරන භාශාවවත් අපි කැමති සංගිතයවත් ප්‍රශ්නයක් වෙලා නැහැ. මම මීට වසර කිහිපයකට කලින් ඉන්දීය සම්බවයක් ඇති මිතුරියක් සමග මිනිස්ට්‍රි ඔෆ් සවුන්ඩ් ක්ලබ් එකට ගිහිං අපි දෙන්න නට නටා ඉන්නකොට මෙන්න බොලේ පකිස්තාන් කොල්ලෙක් අපි දෙන්න ලඟට බලෙන් පැනල මගේ මිතුරිය සමග නටන්න උත්සාහ කරා. මල පැනපු මගේ මිතුරිය අර පකිස්තානු කොල්ලට කිව්වෙ ”මම ඇවිත් ඉන්නෙ මගේ බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක. අපි සල්ලි ගෙවල ආවේ සන්තෝස වෙන්න. උබට සන්තෝස වෙන්න බැරි නං අපි ට කරදර නොකර ගේ ක්ලබ් එකකට නැතිනම් හෝ හවුස් එකකට පලයන් කියල.
    🤣🤣🤣🤣🤣

    BalasPadam
    Balasan
    1. ඔය සංගීතයට ගහමරා ගන්න එක ආසියාතිකයන්ගේ ලොකු ලක්ෂණයක්///////////// mala seka

      Padam
  4. ඔය බීල පොර වෙලා ගේම ඉල්ලින්නේ හීන මානයෙන් පෙලෙන, හොඳ සිහියෙන් ඉඳගෙන වැඩක් කෙරන personality එකක් නැති මිනිස්සු කියලි මම හිතන්නේ. මමත් ඉඳල හිටලා හොඳට බොනවා.මගේ යාළුවොත් ඉන්නවා කන සාක්කුවේ දාගෙන යන්න බොන.එත් කව්රුවත් වලි වලට යන්නේ ගේම ඉල්ලනේ නෑ. බිව්වම සිහිය නැති වෙනවා, කරන දේවල් දන්නේ නෑ. වගේ කතා බොරු කියල තමා මට නම් හිතෙන්නේ

    BalasPadam
    Balasan
    1. බිව්වම වලියට බරයි

      Padam
  5. අපේ අය දන්නේ සංගීතය රසවින්දින නෙවේ. සංගීතය රස විදින මිනිසුන්වත් එයින් බැහැර කරන්න. එකනේ සංගීත සංදර්ශන එහෙම පිහි ඇනුම් වලින් අවසන් වෙන්නේ
    විචරක දියණිය

    BalasPadam
    Balasan
    1. ඒකනම් ඇත්ත සංගීත සංදර්ශන ඉවර වෙන්නෙ පිහි ඇනුම් වලින්

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook