Ahad, 23 April 2017

අණ්ඩ කෝෂයක් අහිමි වූ රෝගියා

 


මාතලේ රෝහලේ වාට්ටු අංක 14 ගෙන එන ලද තරුණයාගේ සරම ලේ වලින් නැහැවී තිබේ. එහෙත් ඔහුගේ මුහුනේ වේදනාවක හෝ බියක සේයාවක් නැත​. හෙද නිලධාරී ලොකු බණ්ඩාගේ සහායෙන් මම ඔහු සිටි ස්ට්‍රෙචරය මැහුම් දමන කාමරයට දමා තුවාලය පරික්‍ෂා කොට බැලුවෙමි. රෝගියාගේ එක් අණ්ඩ කෝෂයක් තියුණු පිහියකින් කපා දමලාය​. ලේ ගලා යයි. එහෙත් රෝගියා ස්ථායි ය​. එහෙත් මම රෝගියා ගේ දකුණු අතට කැනියුලාවක් දමා සේලයින් බෝතලයක් එයට සම්බන්ධ කලෙමි. එසේම ආටරි ෆෝර්සෙප් එකක් ගෙන අණ්ඩ කෝෂය කැපී තිබෙන ස්ථානයෙන් ලේ විදින රුධිර වාහිනිය තද කොට ලේ ගැලීම නැවැත්වූයෙමි. 

දැන් රුධිර වහනය නැවතී තිබේ. එහෙත් කැපුම් තුවාලය බරපතලය​. මම කැපී ගිය පටක යථා තත්වයට ගෙන ඒම සඳහා මැසුවෙමි. තරුණයා කිසිදු ශබ්දයක් නොකොට වේදනාව ජනනය කරන මැසීම ඉවසා සිටියේය​. එහෙත් මම ඔහුට පෙතඩීන් වේදනා නාශක මාත්‍රාවක් දුන්නෙමි. 

රෝගියාගේ තුවාලය මසා දමා මම ඔහුව වාට්ටුවට දැමුවෙමි. දැන් රෝගියාගේ ඇඳ ඉහ පත ලිවිය යුතුය​. එම නිසා මේ තුවාලය ඇති වූයේ කෙසේද කියා ඇසුවෙමි. එහෙත් ඔහු කිසිවක් කීවේ නැත​. මා දෙස අමුතු සිනහවක් දමා බලා සිටියා පමණි. 

මඳ වේලාවකින් ඔහුගේ ඥාතීන් රොත්තක් වාට්ටුවට කඩා වැදුනහ​. මේ වන විට ඇඳන් හිඟය නිසා රෝගියා සිටියේ බිම දමන ලද මෙට්ටයකය​. එය දුටු එක් මධ්‍යම වයසේ පුරුෂයෙකු වාට්ටුවේ හෙදියට දොස් කීවාය​. මේ පුරුෂයා තරුණයාගේ පියා බව අප පසුව දැන ගත්තෙමු. 

මේ අතර වාරයේ තවත් කෙනෙකු  රෝගියාගේ තත්වය කොහොමද කියා මගෙන් ඇසුවේය​. ඒ අවසරයෙන් සිදුවූයේ කුමක්ද කියා මම එකී පුද්ගලයාගෙන් ඇසුවෙමි. තරුණයාගේ මාමා කෙනෙකු වූ මේ පුද්ගලයා මට සත්‍ය සිද්ධිය කීවේය​. 

තරුණයා හමුදා සෙබලෙකි. ඔහු අසල්වැසි නිවසක වෛවාහක තරුණ කාන්තාවක් සමග අනියම් සබඳතාවක් පවත්වාගෙන ගියේය​. මේ තරුණ කාන්තාවගේ පුරුෂයා ප්‍රදේශයේ දාමරිකයෙකි. තරුණ හමුදා සෙබලා මෙම කාන්තාව සමග පෙම් සුව විඳිද්දී සැමියාගේ අතටම අසු විය​. තදින් කෝප ගත් සැමියා දැලි පිහියකින් හමුදා සෙබලාගේ වෘෂණ කෝෂයක් කපා දැම්මේය​. ඉන් පසුව දොර පොල්ලක් අතට ගත් ඔහු බිරිඳටද සොර සැමියාටද පහර දුන්නේය​. හමුදා සෙබලා ලේ පෙරාගෙන නිරුවතින් පැන දිවීය​. ඔහු ඤාතියෙකුගේ නිවසට ගොස් සැඟවුනේය​. ඉන්පසු එම ඤාතියා විසින් හමුදා සෙබලාව රෝහලට ගෙන එන ලදි. 

මේ කරුණු ගලපා මම ඇඳ ඉහ පත ලීවෙමි. එසේම පොලිස් මුර පොළටද දැණුම් දීමක් කලෙමි. තරුණ හමුදා සෙබලා අපගේ වාට්ටුවේ තව සතියක් දෙකක් පමණ සිටියේය​. තුවාලය සුව වූයෙන් ඔහුගේ ටිකට් කපන ලදි. එහෙත් සදහටම ඔහුට දැන් ඇත්තේ එක වෘෂණ කෝෂයකි. ඔහු තම අනාගත ජීවිතය කෙසේ ගත කරනු ඇද්ද කියා මට සිතුනි. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

34 ulasan:

  1. ඒහෙම හානි දායක කැපුමක් උනාම ජීවත් වෙන්න පුලුවන්ද? එතනින් විසබීජ ඇතුළුවීමක් වෙන්නේ නැද්ද?
    වේදනාව ඉවසීම නම් උපරිම වෙන්න ඕනේ ඔහුගේ..

    BalasPadam
    Balasan
    1. ජීවත් වෙන්න පුලුවන් , විශබීජ වලට ප්‍රතිජීවක දුන්නා

      Padam
  2. කොච්චර කොසු පාරවල් හම්බුනත් බලල්ලු හොරා කන්න ආසයි...

    ජීව විද්‍යාත්මකව ජනිතයෙක් බිහිකරන්න එකක් ඇතිද, දෙකම අවශ්‍යමද ?

    BalasPadam
  3. ඔන්න එකෝමත් එක රටක ගඟක් දෙපැත්තේ සිටුවරු දෙන්නෙක් හිටිය...එක්කෙනක් ධාර්මිකයි...අනිකා ලෝක හොරෙක්...ඉතිං ධාර්මික එක්කෙනා දවසින් දවස දියුණු උනා...හොර සීටා දවසින් දවස දුප්පත් උනා...හොර සීටාට ධාර්මික එකා ගැන මාර ඉරිසියාවයි...ඉතිං මිනිහා ගේ ඉස්සරහ මල් පැලක් ගහලා දෙවියන් යදින්න පටන් ගත්තා. දවස් තුනකට පස්සේ ඔන්න දෙවියෝ ප්රාධූර්භූථ උනා...දරුවා ඇයි මේ ශෝකයෙන් ? මම එන්න එන්න දුප්පත් වෙනවා...දෙවියනේ මාව පෝසත් කරන්න...හරි උඹ දුප්පත් වෙන්නේ...උඹේ ඉරිසියාව නිසයි ඒක නැතිකර ගනිං...මං උඹට වර තුනක් දෙනවා...හැබැයි උඹට දෙන හැමදෙයක්ම දෙගුණ කරලා ගඟෙන් එහා පැත්තේ ඉන්න සිටුවරයට දෙනවා...කැමතියි මට රන්කාසි ගෝනියක් දෙන්න...ඌට ගෝනි එකයි...ගඟෙන් එහා පැත්තෙ එකාට දෙකයි...මට සුදු අශ්වයෙක් දෙන්න...ලැබුනා...ගඟෙන් එහා පැත්තෙ එකාට දෙකයි...ඉතිං පොරට මළ පැන්නා. හිටපිය මං තොට හොඳ වැඩක් කරන්න...I want to loose one of my testicles ...he lost one & the other lost both !!!!...එකෙන් දුවන්න පුළුවන් බව ඌ දැනගෙන හිටිය.

    BalasPadam
    Balasan
    1. තුක් ඉරිසියාකාර සිටු

      Padam
  4. ශිෂ්ණය ප්‍රාණවත් වීමට ගැටළුවක් මතු වෙයිද? අර දාමරිකයාව පොලිස් අත්අඩංගුවට ගත්තේ නැති ද?

    BalasPadam
    Balasan
    1. ශිෂ්ණය ප්‍රාණවත් වීමට ගැටළුවක් මතු වෙයි කියල මම හිතන්නේ නෑ. කේස් එක උසාවි ගියා මොනවා උනාද දන්නේ නෑ

      Padam
  5. මෙවැනි ලිපි පලකිරීමේදී '** අවවාදයයි: මෙම ලිපියේ අන්තර්ගත ඡායාරූප/ කාරනා ඇතැමුන්ට සංවේදී විය හැකිය.' යන වගන්තිය ඉහලින්ම පලකරන මෙන් ඉල්ලා සිටිමි. එසේම මෙහි ඇති ජායාරූප ලිපියේ පහලින් යොදන ලෙසද ඉල්ලා සිටිමි.

    ස්තුතියි

    BalasPadam
    Balasan
    1. මේ චායාරූප ඇනටමි පොතක එකක්

      Padam
  6. තනි අලියා තමයි භයානක ! දැන් ඊට වඩා දරුණු ඇති...

    BalasPadam
  7. එක් වෘෂණ කෝෂයක් පමණක් ඇති මගේ මිතුරෙක් දැන් දෙදරු පියෙකි. ඔහු කුඩා කල "කම්මුල් ගාය" වැළඳීම නිසා එක් වෘෂණ කෝෂයක් අහිමිව ඇත. මා දන්නා පමණින් ඔහු සාර්ථක ලිංගික ජීවිතයක් ගත කරයි. රුවන්, ඔබ මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්නේ නම් මැනවි.

    BalasPadam
    Balasan
    1. එක් වෘෂණ කෝෂයක් තිබීම තරමක් ගැටලු ඇති කල හැකියි ; The primary functions of the testes are to produce sperm (spermatogenesis) and to produce androgens, primarily testosterone. Both functions of the testicle are influenced by gonadotropic hormones produced by the anterior pituitary.

      Padam
  8. රුවන්,

    එක් වෘෂණ කෝෂයක් පමණක් නොව දෙකම අහිමි වූ රෝගීන් කිහිපදෙනෙකුම සිංහල බ්ලොග් අවකාශයේ සැරිසරන බවනම් සහතිකය. මතුගම, තංගල්ල වැනි ප්‍රදේශවල පමණක් නොව ලන්ඩනයේ සහ සිනුවරද නොහොත් සිඩ්නි නුවරද සඳහා ප්‍රතිකාර නොමැති බව පෙනේ.

    කැනඩාවේවත් මේ සඳහා යම් ප්‍රතිකාරයක් වේදැයි ඔබ වෙතින් විමසනු කැමැත්තෙමි.

    BalasPadam
    Balasan
    1. ඔය කතා මම දන්නේ නැත

      Padam
    2. මමනම් හිතන්නෙ Anonymous April 23, 2017 at 12:27 PM කමෙන්ට් එක දාලා තියෙන්නෙ අතිගරු සරස තුමා හරි එතුමගෙ කුලී කමෙන්ට් හමුදාවෙ අතිගරු බන්‍ධුල කුදාලාගම මැතිතුමා හරි මයුරවිල මි තුමා හරි කියලයි. එතුමන්ලාට රුවන්ගෙ බ්ලොග් එකේ හිට්ස් ගාන දැක්කම පැලෙන්න ඉරිසියාව. අනික මොකක්දෝ පළහිලව්වක් නිසා සරස තුමාට රුවන්ව නයාට අඳුකොල වගේ. ඉරිසියාව වෙන්ටැ. ඉතිම් එතුමාගේ මනදොළ පිනවන කමෙන්ට් දැම්මම තමයි අතිගරු බන්‍ධුල කුදලාගමයන්ටයි අතිගරු මයුරවිල මි තුමාණන්ටයි වැඩිපුර ගාණක් අතට එන්නෙ.
      ඒක හන්දා රුවන්ව තරහ ගස්සන කමෙන්ට් කොටලා එක්කො අතිගරු සරස තුමා පට්ට ආතල් එකක් ගන්නවා. නැත්තන් සරස තුමාව ෆෝම් වෙන කොමෙන් කොටලා තිගරු බන්‍ධුල කුදලාගම මැතිඳයි අතිගරු මයුරවිල මි මැතිඳයි කල්ල මරේ කර ගන්නවා.. මොන ජීවිතද අප්පා මෙව්වා..
      රුවන් මේ කිසිවකින් නොසැලී ඉදිරියටම ලියන්න.

      Padam
    3. ඇනෝ දාන අයගේ මානසික තත්වය ගැන අධ්‍යනය කිරීමට මේවා ඉවහල් වෙනවා

      Padam
  9. Correction !

    රුවන්,

    එක් වෘෂණ කෝෂයක් පමණක් නොව දෙකම අහිමි වූ රෝගීන් කිහිපදෙනෙකුම සිංහල බ්ලොග් අවකාශයේ සැරිසරන බවනම් සහතිකය. මතුගම, තංගල්ල වැනි ප්‍රදේශවල පමණක් නොව ලන්ඩනයේ සහ සිනුවරද නොහොත් සිඩ්නි නුවරද මේ සඳහා ප්‍රතිකාර නොමැති බව පෙනේ.

    කැනඩාවේවත් මේ සඳහා යම් ප්‍රතිකාරයක් වේදැයි ඔබ වෙතින් විමසනු කැමැත්තෙමි.

    BalasPadam
    Balasan
    1. මචං බන්‍ධුල කුදලාගම, සදම්ටන් වලත් බෙහෙත් නැද්ද හැබෑවටම.. ඔව් ඉතින් තිබ්බනම් උඹ තවත් සරසයට කඩේ යනවැයි නේද? පව් අසරණයා.. ගොන් කමෙන්ට් දමා සිඟිති ආතලුත් ගන්නවා නේද හොරගෙඩියා?

      Padam
  10. ඇට්ලස් කෙනෙක්...:D

    BalasPadam
  11. ඔච්චර දෙයක් වෙලත් හිනා වෙවී ඉන්නව කියන්නෙ වැඩේ ජයටම ගිහිල්ල වගේ.

    BalasPadam
  12. මගෙ මිතුරෙක් හර්නියා සැත්කමට භාජනය කරලා කුඩා කාලෙම එකක් ඉවත් කලා.ඔහුට කිව්වෙත් තනි *** කියලා.දැන් දරුවන් සහිත පවුල් ජීවිතයක් ගතකරන අතරම සතියකට ලස්සන කෙල්ලො දෙතුන්දෙනෙකුටම යුතුකම් ඉටුකිරීමේ හපනෙක්.
    ජයවේවා..!!

    BalasPadam
    Balasan
    1. හි..හි..

      අපේ අල්ලපු ගමෙත් පොරක් හිටියා එළුවෙක් අනලා එක් වෘෂණ කෝෂයකට යම් තරමක හානියක් වෙච්ච. පොරට කිව්වෙ එළු ඇ*යා කියලා..

      Padam
  13. ඔයවගේ අය සඳහා සිලිකන් (සිලිකෝන් වියයුතුයි) වලින් තනන ලද කෘතිම වෘශණ බද්ධ කරනවා.
    මෙහෙම අයට දරුවන් හදන්න පුළුවන් සිවභාවිකව බැරිනම් කෘතිම සිංචනයයොදාගක හැකියි.
    අපේ වෛද්‍යාචාරය ගරු සා රස තුමාගෙන් මේ ගැන වැඩි විස්තර බලාපොරොත්තු වෙනවා.

    BalasPadam
    Balasan
    1. 3 D පිටපතක් දාගන්න පුලුවන්

      Padam
  14. ඌ කොහොම හිටියද මංද.. මමනං මේක කියෙව්වෙත් අමාරුවෙන්.. කියෝනකොටත් හිරිවැටෙනවා වගේ.. හැක්..

    BalasPadam
  15. අපි දන්න කෙනෙකුත් හිටියා.. තැපැල් නයින්ටියේ ලගේජ් එකට හිරවෙලා එක අන්ඩ කෝසයක් කුඩු වෙච්ච්.. හැක්

    BalasPadam
    Balasan
    1. නැත්තෙ මොකද. කාලයක් බ්ලොගකුත් ලිව්ව මිනිහ.

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook