Rabu, 19 April 2017

චන්දදායකයනි



අනේ චන්දදායකයනි 
තොපිම   පත්කරගන්න 
මජර  දේශපාලකයන්ට  
වැටුපුත් ගෙවල් කුලියත් ගෙවා 
කොමිස් - පගා  ගහන්නත් ඉඩදී 
වසර පහෙන් විශ්‍රාම වැටුපත් ගෙවා 
උන් ආරක්‍ෂකයන් සමග 
ලයිට් හෝන් ගසා එන විට
අමුඩ ලේන්සුවත් කරට ගෙන 
දීනවී කාණුවට බැස​
තමන්ගේම රටේ 
තමන්ම සරණාගතයන් 
වන්නේ කිම ?

24 ulasan:

  1. ප්‍රධාන පක්ෂ දෙකෙන් චන්ද අපේක්ෂකත්වය ලැබෙන්නේ, බලයේ සිටින දේශපාලකයන්ටත්, ඔවුන්ගේම පවුල්වල අයටත් පමනයි..
    එවැනි තත්වයක් යටතේ, චන්දදායකයින්ට ඔබ යෝජනා කරන විකල්පය කුමක්ද?

    BalasPadam
    Balasan
    1. සිවිල් සමාජය බලවත් කරන්න දැණුවත් කරන්න

      Padam
    2. ඒක හරියන වැඩක් නෙවෙයි, පහුගිය චන්දෙදි ඔය සිවිල් සමාජය සහ සිවිල් ක්‍රියාකාරීන් යහපාලනය පත් කරන්න කඩේ ගියා..
      දැන් වෙලා තියෙන දේ පේනවනෙ..

      Padam
    3. සිවිල් ක්‍රියාකාරීන් යහපාලනය පත් කරන්න කඩේ ගියේ වෙනත් අරමුණු වලින් ඒකයි අසමත් උනේ

      Padam
  2. I think it is the colonial mentality which is affecting the free thinking of most of our people even in so called educated ones. To get rid of this, children have to be taught, guided and roll modeled to gain self confidence and self esteem which help them to have their own identity.

    BalasPadam
  3. I think it is the colonial mentality which is affecting the free thinking of most of our people even in so called educated ones. To get rid of this, children have to be taught, guided and roll modeled to gain self confidence and self esteem which help them to have their own identity.

    BalasPadam
  4. මොකක්ද අපට තියෙන විකල්පය? ඒක තමයි ප්‍රශ්නෙ...

    BalasPadam
    Balasan
    1. ජනතාව සවිඤානික කිරීම එවිට ඔවුන්ව බත් පැකට් එකට අරක්කු කාලට මිලදී ගත නොහැකියි

      Padam
    2. ඔබගේ යෝජනාව ප්‍රායෝගික විකල්පයක්ද?
      අරක්කු කාලට කඩේ යන එකාටත්,
      කොන්තරාතුවකට දේශපාලනය කරන එකාටත්
      දරුවෙකු පාසැලට දමා ගැනීම වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරන්නාටත්
      පැන්ශන සහිත රජයේ රැකියාවක් වෙනුවෙන් ඡන්දය දෙන්නාටත්
      දේශ ප්‍රේමියාටත්
      බෙදුම් වාදියාටත්
      හීන ලෝක සමාජ වාදියාටත්
      පක්ශ් පාට අදහන වහලාත්
      විමර්ශනශීලි බුද්ධිමතාටත්

      ඇත්තේ එකාට එක ඡන්දයකි.

      එමනිසා:
      මා දකින ප්‍රජාතන්ත්‍ර වාදය නම්
      "යම් ප්‍රදේශයක බහුතරය මී හරකුන් නම් පාලකයා මී හරකෙකු විය යුතුය!"

      මෙය වැලකීමට උත්සාහ කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධීය.
      http://nayanegesithuwili.blogspot.com/2017/04/blog-post.html

      Padam
  5. අඩුම තරමෙ ජනතා විමුක්ති පෙරමුනවත් ඉස්සරහට ගේන්නකො,උන්ට ඔලුවවත් තියෙනවනෙ.

    BalasPadam
    Balasan
    1. //අඩුම තරමෙ ජනතා විමුක්ති පෙරමුනවත් ඉස්සරහට ගේන්නකො,උන්ට ඔලුවවත් තියෙනවනෙ//
      ඔලුව තිබුනට මොලේ තියෙන්නේ වෙන තැනක නේ. වාඩිවෙනකොට තැලිලා තැලිලා දැන් එකෙන් ගන්නම දෙයක් නෑ

      Padam
    2. ජවිපෙ තුල තාම ලේ සුවඳ සොයන අන්තවාදය තියනවා එය ඉවත් කල දාට ජිවිපෙ සුදුසුයි

      Padam
  6. ඒ අපි තවමත් බෝඩින් කාරයෝ වගේ කටයුතු කරන නිසය, මේ මානසික තත්වයෙන් මිදී කොලපාට,නිල් පාට,රතුපාට හෝ වෙනයම් පාටක දේශපාලන කන්නාඩිය ගලවා පියවි ඇසින් රට දෙස බලනතුරු අපට නිවනක් නැත.

    BalasPadam
    Balasan
    1. මෙයට විසදුමක් ලෙස එක එක පුද්ගලයා රට හැර යෑම නම් පිළිගත නොහැක. මන්ද රට ඒ සියලු දෙනාටම අඩුවැඩි වශයෙන් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ආයෝජනය කර ඇති නිසා සහ ඔවුන් තවමත් එම නය ආපසු රටට ගෙවා නැති නිසාය.

      Padam
    2. එතකොට ඉන්ඩිරෙක්ට් ටැක්ස් වලින්, ආදායම් බදු, වරිපනම්, මේ හැම දේකින්ම එකතුවෙන සල්ලි වලින් නෙමෙයිද ආණ්ඩුව අධ්‍යාපනයට වියදම් කරලා තියෙන්නේ. අපේ අම්මලා තාත්තලා අපේ වියදම් බදුවලින් ආණ්ඩුවට ගෙව්වා. දැන් අපි අපේ දරුවන්ගේ වියදම් බදුවලින් ආණ්ඩුවට ගෙවනවා. සමහරුන්ගේ දරුවො රජයේ පැසැල්වලට යන්නෙත් නෑ. රජයේ රෝහලකින් බේත ගන්නෙත් නෑ. ඒත් ඒවා නඩත්තුවට බදු ගෙවනවා.

      Padam
    3. මල් මල්ලියගේ කතාව නං මල්.
      සමරසේකර සෑර්ට කියන්ඩ සමහරු ඔය ණය පොලිත් එක්ක ගෙවල තවත් රටට හම්බකරලා දෙමින් ඉන්දෙද්දී හරියට වැඩ කරන්න නොදීම නිසා කලකිරීමෙන් රට ගිය අයත් ඉන්නවා.

      Padam
  7. කතිරය ... කුමට ද? ..............

    අයියෝ ඔක්කොම වැරදියිනේ
    ආ .... මේ මොකද ලමයෝ
    මේ ගනන් තේරෙන්නේ නැද්ද
    කෝ ඉන්න මම ආයිත් කියලා දෙන්න
    ඒ පුංචි දවස්වල කතිරය
    ම්.... කාලයේ නිහැඬියාව තුලින්
    ම්..... ඔව් ... නැහැ
    ඒ මොකද්ද ඇයි මේ කතිරය ගහන්නේ
    කියන්නනේ ........
    මොකද්ද?
    ගැහැනුද / පිරිමිද........ ඔව් ද/නැද්ද
    අනේ මන්දා
    ඔය ගැන ලියන්න තිබුනනම් ඉවරනේ
    ඒ රැකියා අයදුම් පත් වල
    ම් ........ඔන්න ඡන්දයක් ඇවිත්
    ඒ ගමන මොකද?
    ඒ තෝරා ගන්න
    කාවද ? ඇමති/මන්ත්‍රී
    ෂා..... මොකද කියන්නේ
    ගහනවද ඔක්කොටම කතිරය
    නැත්නම් තෝරනවද එක්කෙනෙක්
    අනේ මන්දා
    මේ කතිරය හරිම කරදරයක්
    ඒ ගැන බැරිද වෙන විදියකට කියන්න
    ඒ කොහොමද
    ඇඟිලි සලකුන තියලා
    ම් ..... තාම බැහැනේ .......
    කතිරය සුදුසු මොකටද?
    වැරද්ද ලකුනු කරන්නද? කියන්නද? තෝරන්නද ?
    කියන්න මට ....

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook