ලොරියක හැප්පුන ලෙඩෙකු 14 වාට්ටුවට ගෙනැවිත් කියා සිස්ටර් අළුවිහාරේ මට ඉන්ටකොම් දුරකථනයෙන් අමතා කීවාය. වේලාව සවස හතට පමණය. තේ එකක් බීමට වතුර උණු කිරීම සඳහා ගසා තිබූ හීටරය ගැලවූ මා වහාම වාට්ටුවට ගියෙමි.
රෝගියා වාට්ටුවේ ඇඳක් මත සිටියි. ඔහුගේ කකුලින් ලේ ගලා යයි. ඇටෙන්ඩන්වරුන් වන නොයෙල් සහ ජෝතිපාල රෝගියාගේ ශරීරයේ තිබෙන මඩ ශුද්ද පවිත්‍ර කරති.
නොයෙල් තරුණය. ඔහු කඩිසර අයෙකි. මීට වසර දෙකකට පමණ පෙර අළුත් අවුරුදු දිනෙක ඔහු 14 වාට්ටුවේ ඩියුටි වැටී සිටියදී නැකැත් වේලාවට කිරිබත් කෑල්ලක් කෑමට නිවෙසට ගොස් ඒ හදිස්සියෙන්ම ආපසු වාට්ටුවට බයිසිකලයෙන් එද්දී වේගයෙන් ගිය වාහනයක නොයෙල්ව ගැටී තිබේ. හිසේ තුවාලයක් සහිතව සිහිසුන්ව සිටි නොයෙල්ව ගෙනැවිත් තිබෙන්නේ ඔහු ඩියුටිය කරමින් සිටි 14 වාට්ටුවටය. වාට්ටුවේ සර්ජන්වරයා අවුරුදු නිවාඩුව පසෙකලා වහාම රෝහලට විත් හිසේ ශල්‍යකර්මයක් කොට නොයෙල් ගේ ජීවිතය බේරාගත්තේය.
ජෝතිපාල ජොලි පොරකි. ඔහු විවිධ කතා කියයි. ඔහුගේ මිතුරන්ට සිදු වූ ඇබැද්දි , තමන් ගේ වික්‍රම රස කරමින් ජෝතිපාල කියන අතර මම ඔහුට සවන් දෙමි. ජෝතිපාල රාත්‍රියට සිටියි නම් කාන්සියක් නැත. ඔහු මාතලේ දිස්ත්‍රික්කයේ සියළුම ගම්මාන නගර දනියි. රෝගීන් ගෙන් ඔවුන් ජීවත් වන ප්‍රදේශ අසන ජෝතිපාල අහවල් කඩේ මුදලාලිව දන්නවාද ? අර හන්දියේ සොල්දර ගෙදර ඉන්න මහත්තයාව දන්නවාද යනාදී වශයෙන් ප්‍රශ්න අසයි.
" සර් මෙයා මෝටර් සයිකලයෙන් යද්දී ලොරියක් ඇවිදින් හප්පගෙන ගිහින් " වෛද්‍යවරයාටත් කලින් රෝග ඉතිහාසය රෝගියාගෙන් ලබා ගත් ජෝතිපාල කීවේය.
මෝටර් සයිකල්කරුගේ කකුල කැඩී තිබෙන හැඩකි. වේදනාව නිසා ඔහු සිටියේ දෑස් වසාගෙනය. ඔහුගේ මොලයට හානි වී තිබේද කියා බැලීමට ඇස් දෙකේ කණිනිකාවන්ට මම ටෝච් එලිය ඇල්ලුවෙමි. රෝගියාගේ කණිනිකාවන්ට ටෝච් එලියට ප්‍රතික්‍රියා කරයි. එසේම නාසයෙන් හෝ කනෙන් ලේ ගැලීමක් නැත. රෝගියා සවිඥානිකය. මේ නිසා රෝගියාට වේදනා සමනයට පෙතඩීන් මිලිග්‍රෑම් 75 ක් විදින ලෙසට මම හෙදියට කීවෙමි. හදිසි අවස්ථාවක් මතු වුවහහොත් රුධිර පාරවිලනය සඳහා රුධිරය සූදානම් කිරීමට ලේ බැංකුවට යාමට මම සූදානම් වූයෙමි. ඊට ප්‍රථම ඔහුගේ කකුලේ තුවාලය සුද්ද කොට රුධිර වහනය නවතා දැමුවෙමි.
මේ සියළු කටයුතු නිමවා මම රෝගියාගේ ඇඳ ඉහපත ලිවීමට සූදානම් වූයෙමි. රෝග ඉතිහාසය ; මාර්ග අණතුරක් . දකුණු කකුලේ අස්ථි භග්නයකි. මේ අතරවාරයේ නොයෙල් මාවෙත ආවේය.
" සර් අර ලෙඩා කියනවා ලොරිය මෝටර් සයිකලය හප්පපු වේලාවේ එයගේ ළමයත් , වයිෆුත් හිටියලු. ඒ දෙන්නගෙ ඇඟවල් උඩින් ලොරිය ගියාලු "
මම වහාම ඕපීඩී එකට කෝල් එකක් දුන්නෙමි. ලොරි අණතුරක් නිසා මිය ගිය ළමයෙකුත් කාන්තාවකුත් බාහිර රෝගී අංශයට ගෙන ආ බවත් මෘත ශරීර මෝචරියට යැවූ බවත් ඕපීඩී එකේ වෛද්‍යවරයා මට කීවේය. සිදුවී ඇත්තේ මහා විපත්තියකි. ඇසි පිය හෙලන මොහොතකදී පවුලක් විනාසවී තිබේ. මට රෝගියා කෙරෙහි අප්‍රමාණ දුකක් ආවේය.
පසුදින උදෑසන අප ඔහුව ශල්‍යාගාරයට ගෙන ඔහුගේ බිඳුණු අස්ථීන් නියමිත ලෙස පුරුද්දා ප්ලාස්ටර් ඔෆ් පැරිස් වලින් වෙලුවෙමු. ඒ අතරවාරයේ ඔහු මා සමග කතා කලේය.
" ඩොක්ටර් මගේ වයිෆුයි ළමයයි ඇක්සිඩන්ට් එකෙන් මැරිලලු මට ගෙදර යන්න පුලුවන්ද ? මළ ගෙදර වැඩ කරගන්න ?
අපට කල හැක්කේ කුමක්ද ? ඔහුගේ ශාරීරික තුවාල වලට ප්‍රතිකාර කිරීමට පමණි. ඔහුගේ හදවතේ ඇතිවූ සුවිසල් තුවාලයට බෙහෙත් කිරීමට අප සතුව හැකියාවක් නැත. දොස්තර වෘත්තිය ඉතා පටුය. මේ රෝගියා ඉදිරියේ අප ලිලිපුට්ටෝ වී යන සෙයක් දැනුනි.
පසු දින රෝගියාට තම පස් හැවිරිදි දරුවාගේත් බිරිඳගේත් මළගම් වලට සහභාගී වීම සඳහා අප තාවකාලිකව ඔහුගේ ටිකට් කැපුවෙමු. ඥාතියෙකුගේ සහායෙන් ඉතා අමාරුවෙන් එක කකුලකින් අඩිය තබමින් ඔහු වාට්ටුවෙන් පිටත්ව ගියේ දුක්මුසු මුහුණකින් මඳ සිනහවක් පාමිනි.
මළගමේ වැඩ අවසන් කිරීමෙන් පසුව ඔහු යලි වාට්ටුවට ආවේය. අප ඔහුගේ කැඩුනු කකුලට ප්‍රතිකාර කොට ඔහුව සුවපත් කලෙමු. එහෙත් ඔහුගේ ජීවිතය පෙර තිබූ පරිදි ප්‍රකෘතිමත් කිරීමට අප අපොහොසත් වූයෙමු.
වෛද්‍ය රුවන් එම් ජයතුංග

Whenever I am reading your essays about the profession, I used to go back to my professional memories. Really missed you to work with. If we got the opportunity we both could have been done so much for our people. Throughout the career, I was searching team mate like you. I got only few. Salute.
BalasPadamThanks Jai
Padamකීයක්නම් වෙනවා කියලද දැන්. යුද්දෙන් මැරුනට වඩා වාහන අනතුරු වලින් මැරෙනවාදෝ කියලා හිතෙනවා.. කා ගාවවත් තාමත් හරිහමන් උත්තරයක් නෑ..
BalasPadamයුද්දෙන් මැරුනට වඩා වාහන අනතුරු වලින් මැරෙනවා
Padamපන නම් තණ අග පිණි බිඳු වැන්නේ
BalasPadamatha
Padamප්‍රවාහනය පිලිබද ජාතික කතිකාවතක් අවශ්‍යයි.
BalasPadamරටේ රියදුරු බලපත්‍ර තියන උන්ට විනයක් නෑ...............
ඵහෙම අය රියදුරු බලපත්‍රයක් අත දරන්නේ කොහොමද කියන ප්රශ්නය මතු වෙනවා................
රටේ මාර්ග නිති පිලිපැදීම පිලිබද ක්‍රියාකිරිම සදහා නිතියෙන් බලය දි ඇති කට්ටිය තමා ටැපික් පොලොස් මහත්තුරු.................
අවාසනාවකට ඵයාලට මාසේ දඩ කොල ටාර්ගට්ඵක ගැහීම ගැන මිසක් ඵයාලාව නීතියෙන් පත්කර ඇති රාජකාරිය පිලිබද වගේ වගක් නැහැ................
රටක් ලෙස කඩාවැටීම පිලිබිබු වෙන හරස් කඩාක් තමා ශ්‍රි ලාන්කිකයන්ගේ අතිශය පිරිහුනු මාර්ග විනය......................
ඉස්සර බල්ලෙක් බලලෙක් වාහනේකට යට උනත් ඵ් ගැන වික්ශෝප වෙච්ච ජාතියක් අපි.දැන් නම් සීයක් යට උනත් ගානක් නෑ.තමුන්ගෙ ගාන කපාගෙන ගේම ගහගන්න ඔන කියන ජාතියක් අපේ රටේ ඉන්නේ.................
දැන් ලෝකයේ අවිනිතම රියදුරන් ඉන්න රටක් ශ්‍රි ලන්කාව...............
ජෙ ආර් පප්පලා බිහි කල බල්ලො මරලා හරි ස්ල්ලි හොයන පරම්පරාවේ බිලි බොයිස්ලා බල්ලො මරලා හරි සල්ලි හොයන්න යන්නේ හරිම හදිස්සියෙන්..............
ඵ් හදිස්සිය හදිස්සිකාරයන්ට වගේම අසරනයන්ටත් මරු කැදවනු ලබේ.....................
ජාතියක් රටක් ලෙස ශ්‍රි ලාන්කිකයන්ගේ පිරිහිම...................!
- කටුමාරිස්
ලෝකයේ අවිනිතම රියදුරන් ඉන්න රටක් ශ්‍රි ලන්කාව
Padamරුවන් දොස්තර මහත්මයා,
BalasPadamවිචාරක මහතාට පිළිකා රෝගය සෑදුනේ සංවිධානය භාවිතා කල රසායනික අවි වලට නිරාවරණය වීමෙන් බව මා අද උදේ විදෙස් රටක වෙසෙනා ප්‍රවීන බ්ලොග්කරුවෙකුට දුරකථන ඇමතුමක් දීමෙන් දැනගත්තා.
එසේම මෙවැනි අදහසක් ස්වාධින රුපවාහිනීයේ විකාශය වූ සාකච්චාවකදීද මතුවුවා මට මතකයි. එහිදී අදහස් දැක්වුනා සංවිධානයේ කාඩර්වරුන්ට පිළිකා රෝගය සැදීම ගැන. ඇතැමුන් එයට ශ්‍රී ලංකා හමුදාවටත් චෝදනා කලානේ. හැබැයි මං සදහන් කල රුපවාහිනී වැඩසටහනට සහභාගී වූ කේ සුමන්තිරන් මන්ත්‍රීවරයා කිවේ සංවිධානයේ පිරිස් භාවිතා කල අවි අයුධ, ඒවායේ රසායනික සංයුතිය සහ ඒවාට සෘජුව නිරාවරණය වීම නිසා පිළිකා රෝගය සැදෙන්න පුළුවන් කියායි. (ද්‍රවිඩ සංධානයේ මන්ත්‍රීවරු සංවිධානයේ ඉත්තන් යයි චෝදනා කරනා පිරිස් සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ අදහස් ඇසුවා නම් හොදයි කියා මට සිතුනා ඒ මොහොතේ)
ඉතින් හිතවත් දොස්තර රුවන් මහත්මා ඔබතුමාත් ශ්‍රී ලංකා හමුදාවේ සේවය කෙරු ඉහළතම වෛද්‍ය නිලධාරියෙක් වශයෙන් මේ ගැන දක්වන අදහස මොකක්ද? වෙඩි බලයට සහ ඒවායේ විවිද රසායනිකයන්ට සෘජුව මුහුණ දීම නිසා පිළිකා වැනි රෝග සැදිය හැකිද? එසේම යුද්දයේදී මුහුණ දෙන කටෝර රළු මානසික තත්වයන්ද මෙයට ඉවහල් වේදැයි කියා කිව නොහැකියි නේද? මාගේ
බොහෝ අත්දැකීම් ඇති විශේෂඥය වෛද්‍යාවරයෙක් වන ඔබතුමාගේ අදහස් අගය කොට සලකමි.
විචාරක ඉදිරිපෙළ සටන් කරුවෙක් නොවෙයි ඔහු සේවා සපයන්නක් ලෙස හමුදාවේ සේවය කලේ ඉදිරි පෙළ සටනකට සහභාගී වුයේ නැහැ රසායනික අවි වලට නිරාවරණය වීමෙන්නම් කොහෙත්ම වෙන්න බෑ සිංහ රෙජිමේන්තුවේ සුවෙච්චා බලඇණියේ සේවය කලේ
Padamවිචාරක මහතා අසනීපයෙන්. පිලිකාවක් කියලා ඔප්පු වෙලා නෑ තාම. යුද්දයේදී මුහුණ දෙන කටෝර රළු මානසික තත්වයන් මගින් පිලිකා ජනනය කරන්න පුලුවන්
Padamවෛද්‍ය වෘතිය ඉතාම සංවේදී, ඒ වගේම සියුම් දෙයක් කියල මම හැම වෙලේම හිතන දෙයක්. එක ඇත්ත කියල මේ කතාව කියවද්දිත් සහතික උනා. ඒ මනුස්සයට මොන තරම් දෙයක් හිතෙන්න ඇතිද..
BalasPadamඒ දුක තාමත් තියනවා
PadamUlasan ini telah dialihkan keluar oleh pentadbir blog.
BalasPadam