Selasa, 21 Mac 2017

ආදරය කිරීමට ලයිසන්





මිනී කඳු ගොඩ ගැසූ දේශයක 
රුධිර ගංගා මත පීනූ  සමාජයක 
වෛරය ද්වේෂය වගා කල භූමියක 
අන්තවාදයේ ආගම්වාදයේ ජාතිවාදයේ
අනන්ත වූ කුණු තැවරුණු ආකාශයක 
ජීවත් වන දනන් හට ආදරය කරුණාව 
වලංගු නොවන හැටි බලව මිතුර 

උගන්වා තිබෙන්නේ ආදරය නොව
එකිනෙකාට ද්වේශ කරමින් 
විනාශයේ දොරටුව වෙත යාමටයි සබඳ

එව බලව මිතුර
දෙදෙනෙකු පෙමින් වෙළුනු විට
එහි චමත්කාරය නොව 
නොකෙරුණු රාගයේ ඕජස් දකින 
අනෙකාව විනිශ්චය කිරීමට නොපසුබටවන 
දනන් වෙසෙන බොදු ක්‍රිස්තියානි හින්දු 
ආගම් වල පහස ලත්  දේශය 
වහා එව බලව මිතුර 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

16 ulasan:

  1. ඕවා ගැන කතා කිරීමෙන් පලක් තිබේද කියන එකත් අවිශ්වාසයි. එත් දුටුවම හිතට එන අදහස් ලිවීමත් වටිනා දෙයක් .
    හැමෝටම ඕනේ මතුපිටින් බ්‍රහ්මචාරී වෙලා හොරෙන් සම්මත අසම්මත කම් සැප ඔක්කොම ලබන්න. ඒවාට ඉඩදීමට විරුද්ධ වෙන්නේ ඒවා කරන අයමයි. සමලිගිකත්වයට ඉඩ දීම‍ට විරුද්ධ වෙන්නේ ආගමික පූජ්‍ය පක්ෂයන්. නමුත් වැඩිපුරම සමලිංගික ක්‍රියා සිදුවන්නේ ආගමික සංස්ථා ඇතුලේ බව කියවෙන්නේ.

    කලිනුත් බ්ලොග් කරුවෙක් ලියා තිබුන වගේම වැලන්ටයින් එකට සිල් ගන්න වෙසක් එකට ජෝඩු පිටින් භූත ගුහා අස්සේ රිංගන පන්සලේ මගුල් කන හැමදේම පටලවගතිපු අපි.

    ආදරේ කරන්න නිදහස නැති රටක මිනිස්සු හරිම අවාසනාවන්තයි කියා මම හිතන්නේ.

    KEN

    BalasPadam
    Balasan
    1. වයර් මාරු වීම

      වැලන්ටයින් එකට සිල් ගත්තෙමු
      වෙසක් එකට ජෝඩු පිටින් ගොස්
      අඳුරු භූත ගුහා අස්සේ රිංගුවෙමු
      මුඛයෙන් හුස්ම ගත්තෙමු
      නාසයෙන් බත් කෑවෙමු

      Padam
  2. මේවා දකිද්දි තේරෙනවනෙ සම ලිංගිකත්වය කියන මාතෘකාව ලංකාවට කෙතරම් දුරස්ද කියලා...

    BalasPadam
    Balasan
    1. සම ලිංගික නෙවෙයි ලිංගික කියන වචනයටත් බයයි. ඒත් ගූගල් පිරික්සුමෙන් ලෝකයේ මුල් තැන

      Padam
  3. Are we still under emergency rule, is this human rights violation? I guess this is not part of police job, just intimidation for bribe (may be). Should publish the place and time so that action could be taken if there is a wrong doing.

    BalasPadam
  4. ඇත්තටම කොල්ලෙකුයි කෙල්ලෙකුයි ළඟින් ගියත් මහා අපරාධයක්වගේ දකිද්දි එතනින් එහා දේවල් ගැන කතාකරලා වැඩක්නෑ.

    BalasPadam
  5. indumathie adikari .22 Mac 2017 pada 2:45 PG

    මේ ගැන නම් කතා කරල වැඩක් නෑ ඩොක්ට. වෙස්මුහුණු යට සැබෑ මුහුණු හැන්ගිලා . ඒත් දුෂණ [ ස්ත්‍රී ,පුරුෂ දෙකම ]කොච්චරක් ද ?

    BalasPadam
  6. කාලෝචිත පොස්ට් එකක් ඩොක්ට. මේක ගැහැණු පිරිමි දෙගොල්ලන්ටම අදාලයි.

    ලංකාවේ පිරිමින් කොච්චරටම කාම ලෝලීන්ද කියනවනම් කාන්තාව පිටිං ඇඳන් ඉන්න ඇඳුමට යටිං තියෙන බ්‍රෙසියර් එකේ යන්තමට පෙනෙන පටිය දැක්කත් ඇති ක්ෂණික මෝචනය වෙන්න. (සෙක්ස් හෝ කාමය කියන වචනෙත් ඇති ධාතු පහවෙන්ට)

    එහෙව් සමාජයක මිනිස්සු අන්තර්ජාලෙට ඇවිල්ල ආගමේ නාමයෙන් ජාතිය විකිණීමෙන් මේ රටේ වෙන ගොන් වැඩ දැක්කහම දැක්කත් නොදැක්ක වගේ ඉන්නෙ නැතිව ඉන්නවා වගේ ඉන්නම වෙනව.

    ඔච්චර ළමා දුෂණ වෙන රටේ උන්ට ගෑනියෙක් තියා පිරිමි පරානයක් හම්බ උනත් කටෙන් පිට කරන කෙළ තැම්බක් ගානට හප කරලයි පස්ස බලන්නෙ.

    අනේ මෙහෙම නූගත් ජාතියක් කියල කියනව ඇරෙන්ට මොනව කියන්නද ඩොක්ට..??

    BalasPadam
  7. අපි විතරයි දන්නෙ.. අපිට විතරයි පුළුවන් කියල හැම වයස් කාණ්ඩයකම උදවිය හිතන්න ගිහින්... අත්දැකීම් එක්ක වෙනස් වෙන්න කැමති නෑ.එතින් නොනවතින ගැටුමක්
    ජයවේවා..!!

    BalasPadam
  8. සරසවියේ විතරයි ආදරය කරන්න නිදහස තියෙන්නේ ලංකාවේ. විශේෂයෙන්ම පේරාදෙණිය කැම්පස් එකේ lovers lane එකේ වගේ. ඒ අතින් මේ යුරෝපීය රටවල් කොච්චරනම් මානුෂිකද ? එකනේ අසහනයත් අඩු...

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook