Khamis, 2 Mac 2017

අයි .එම් උදය ඉඳුනිල්ව මරා දැමුවේ කවුද ?


උදය ඉඳුනිල් කොලඹ නාලන්දා මහා විද්‍යාලයේ සිසුවෙකු විය​. එසේම ඔහු හිටපු බාලදක්‍ෂයෙකි. ජනාධිපති බාලදක්‍ෂ පදක්කම්ලාභියෙකි.  ඉඳුනිල් ඉතා හොඳ හැසිරීමක් සහිත වූ ඉගෙනීමේ දක්‍ෂතාවයක් තිබූ සිසුවෙකු විය​. බාලදක්‍ෂයෙකු ලෙස ඔහු කුසළතා පෙන්වූ අතර අප සමග බාලදක්‍ෂ කඳවුරු ගනනාවකට සහභාගී විය​. මට වසර දෙක තුනකින් ජ්‍යෙෂ්ඨ වූ ඉඳුනිල් සමග මම ගාල්ල රජෙස් කන්ද පස් දින බාලදක්‍ෂ කඳවුරට සහභාගී වූයෙමි. මට අමතරව රාජකරුණාද මාතර ආරච්චිද මෙම කඳවුරට සහභාගී වූහ​. ගාල්ල රජෙස් කන්ද පස් දින බාලදක්‍ෂ කඳවුරෙන් පසු මම 1982 දී ඉඳුනිල් සමග අනුරාධපුරයේ පැවති ලෝක බාලදක්‍ෂ  ජම්බෝරියට සහභාගී වූයෙමි.  එය මගේ අවසන් බාලදක්‍ෂ කඳවුර විය​. ඉන්පසු මම උසස් පෙළ අධ්‍යනයන්ට අවධානය යොමු කලෙන් බාලදක්‍ෂ ජීවිතයට ආයුබෝවන් කීවෙමි. එහෙත් ඉඳුනිල් දිගටම බාලදක්‍ෂ ව්‍යාපාරය තුල සිටියේය​. 

අපොස උසස් පෙළ ගණිත අංශයෙන් ඉහලින්ම සමත් වූ උදය ඉඳුනිල් මොරටුව විශ්ව විද්‍යාලයට තේරුණි. එය ඔහුට මෙන්ම සෙසු බාලදක්‍ෂයන්ටද සතුට ගෙන ආවේය​. අපගේ බාලදක්‍ෂ සමූහයේ ප්‍රථම වරට විශ්ව විද්‍යාලයකට තේරුණු සිසුවා ඔහු විය​. එහෙත් මෙම සතුට කෙලවර වන්නේ ඛේදවාචකයකිනි.

උදය ඉඳුනිල් ගේ මරණය පිළිබඳ ආරංචිය මට ගෙන ආවේ මහත් විමතියකි. මුලින් මම සිතුවේ එය හදිසි අණතුරක් කියාය​. එහෙත් පසුව ඔහු ලිපියක් ලියා තබා දිවි තොර කරගත් බව පසුව ආරංචි විය​. ඔහු මැසි තෙල් බී දිවි නසා ගත්තේය​. ජනාධිපති බාලදක්‍ෂයෙකු මෙන්ම පරමාදර්ශී සිසුවෙකු වූ උදය ඉඳුනිල් දිවි නසා ගත්තේ මන්ද කියා මම වසර ගනනාවක් පුරා සිතුවෙමි. 

මැතකදී හිටපු බාලදක්‍ෂ නායකයෙකු වූ අයර්ලන්තයේ ජීවත් වන සමන් කුරේ සමග මම උදය ඉඳුනිල් ගැන කතා කලෙමි. එහිදී මට ඉඳුනිල් ගේ මරණයට පාදක වූ තොරතුරු බොහොමයක් මට අසන්නට ලැබුණි. 

ඉඳුනිල් නවක සිසුවෙකු ලෙස මොරටුව විශ්ව විද්‍යාලයට ගිය විට ඔහුව ඉතා ක්‍රෑර නවක වදයට ලක් කොට තිබේ. මේ නවක වද අතර නිරුවත් කොට පොළවේ වතුර බිඳුවක්  උඩ පිහිනීම​, පහර දීම් මෙන්ම ලිංගික අතවරද තිබී ඇත​. මේ කාලයේදී වරක් සමන් කුරේ හමුවූ ඉඳුනිල් " මට ජීවිතයේ කරන්න තියන ඔක්කොම ජරා වැඩ විශ්ව විද්‍යාලයේදී කෙරුවා කියා ඉතා කනස්සල්ලෙන් කියන ලදි. ඉඳුනිල් ගේ මනස සුවපත් කිරීම සඳහා සමන් කුරේ ඔහුව බාලදක්‍ෂ කඳවුරකට ගෙන ගොස් තිබේ. එහිදී සමන් කුරේ දුටුවේ පැරණි ඉඳුනිල් නොවේ බලාගත් අත බලා සිටින උකටලී වූ වෙනත් ඉඳුනිල් කෙනෙකි. 

ඒ කාලයේ නවක වද වින්දිතයන් ගැන කතිකා , උපදේශන සේවා , සුලභ මානසික සෞඛ්‍ය සේවා තිබුනේ නැත​. එසේම ඉඳුනිල්ට තමන්ට සිදුවූ අතවර කීමටද කෙනෙකු නොවීය​. ඔහු තනිවම තැවුනේය​. මේ අතර 1988-89 කළබල නිසා විශ්ව විද්‍යාල වසා දැමුනි. මෙයද ඔහුව වඩ වඩා කලකිරවන්නක් විය​. අවසානයේදී මේ සියළු ගැටළු වලට පිලිතුර ලෙස  ඔහු මරණය තෝර ගත්තේය​. 

ඉඳුනිල් ගේ මරණය ගැන මනෝ විද්‍යාත්මක පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී මට පෙනී යන්නේ විශ්ව විද්‍යාලයේදී සාහසික නවක වදයට ලක් වීම නිසා ඔහු තුල පශ්චාත් ක්ලමථ ලක්‍ෂණයන් සමග විශාදය වර්ධනය වී ඇති බවයි. මානසික ප්‍රතිකාරයකින් තොරව වර්ධනය වූ මෙම විශාදය විශ්ව විද්‍යාල වැසීම නිසා තවත් උග්‍ර විය​. එබැවින් හඳුනා නොගත් සහ ප්‍රතිකාර නොලැබුනු විශාද තත්වය උග්‍ර වීම නිසා ඔහු දිවි නසා ගත්තේය​. 

අයි. එම් උදය ඉඳුනිල් යනු පේරාදෙනියේ  රූපා රත්නසීලී වැනි සහාසික නවක වධය විසින් පැහැර ගන්නා ලද මිනිස් බිල්ලකි. ඉඳුනිල් ගේ මරණයට වගකිව යුත්තෝ කවුද ? ඔහුව තිරිසන් නවක වදයට ලක් කොට මරණයේ දොරටුව වෙත තල්ලු කල වධකයන් අද ඉංජීනේරුවන් වී ලංකාවේ , ඕස්ට්‍රේලියාවේ , එක්සත් රාජධානියේ , උතුරු ඇමරිකාවේ ජීවත් වෙමින් ජීවිතය විඳිති. ඔවුන් විසින් අනියම්ව මරා දමන ලද සිසුවා ගැන මතකය දැන් වියැකී ගොස් විය යුතුය​. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

48 ulasan:

  1. So sad to read this... and im glad that we didnt have to face such cheap rags. SL universities should change and evolve. They should focus on academics than this kind of failures.

    BalasPadam
    Balasan
    1. //SL universities should change and evolve.//

      In my opinion, this sentence need a major revision.

      I think, SL should change and evolve.

      Padam
    2. SL should change and evolve X 100

      Padam
    3. During 80s the society in SL was under tremendous pressure due to various reasons. When disorder prevails you cannot expect normalcy. What we should do is letting order to come to Sri Lanka

      Padam
  2. මම මොරටුව විශ්වවිද්‍යාලයේ සේවය කරන කාලයේ දී එහි තිබු ඉතා යහපත් අධ්‍යන වාතාවරණය SRC මගින් පර්යේෂණ අරමුදල් සැපයීම වැනි හොඳ දේ මෙන්ම සිදු වූ අප්‍රසන්න සිදුවීම් ද දුටුවෙමි.

    ඒ වනවිට ඉන්ජිනේරු පීඨයේ නවක වදය තිබුනේ නැත. ඉංජිනේරු පීඨයේ දකුණේ සහ කොළඹ සිසුන් අහේතුකව දෙකට බෙදී කළහ කරනු දුටුවෙමි. පාරම්පරිකව ආ එම බෙදීමට හේතුව කිසිවෙකු හරි හැටි දැන සිටියේ නැත. ඉංජිනේරු පීඨ සිසුවෙකු නේවාසිකාගාරයේ තුන් වෙනි මහලෙන් බිමට දැමීමට උත්සහ කලේ මම එහි සේවය කරන කාලයේදීයි. ආචාරය වරයෙකු තම ආරක්ෂාව ද නොතකා දිවයාමෙන් එය වලකා ගත හැකි විය. එහෙත් එම පරීක්ෂණයට සාක්ෂි දීමට එම ආචාර්යවරයා සිතා මතාම නොපැමිණීම නිසා ඊට නීතිය ක්‍රියත්මක නොවුනි.

    වසර 2009 දී NDT පාඨ මාලාවේ රසායනික අංශය සහ බහුඅවයවික අංශයේ 60% පමණ සිසුන් පළමු වසර අසමත් විය. පිරිමි සිසුන් සමහර දෙනෙකු පළමු වසර හා දෙවන වසර දෙකම අසමත් වී තිබිණ. ඊට හේතු වශයෙන් දැක්වුණේ මධ්‍යම රාත්‍රී දක්වා තිබු නවක වදය ඉක්මවා ගොස් සිදුවුන අමානුෂික ක්‍රියාවන්ය. ඒ අනුව වදකයන්ද වින්දිතයන් ය.

    BalasPadam
    Balasan
    1. මම තරමක කාලයක් රාජකාරිය නිසා මොරටුව විශ්වවිද්‍යාලය තුල සේවය කලෙමි. ඒකාල වකවානුව තුලදීනම් නවකවදයක සේයාවකදු මම නොදුටුවෙමි.(මා මේ කියන්නේ 2015-2016 අතර කාල සීමාවේදීය)

      Padam
    2. ඉංජිනේරු පීඨ සිසුවෙකු නේවාසිකාගාරයේ තුන් වෙනි මහලෙන් බිමට දැමීමට උත්සහ කලේ මම එහි සේවය කරන කාලයේදීයි.////// මුන්ට මෙපමණ තිරිසන් විය හැක්කේ කෙසේද ?

      Padam
    3. වසර 2009 වනවිටද ඉංජිනේරු පීඨය තුල නවක වදය යයි කිව හැකි දෙයක් තිබුනේ ම නැත. එය හොඳ දෙයකි. එහෙත් මොරටුව විශ්වවිද්‍යාලය තුල පිහිටි කටුබැද්ද තාක්ෂණ ආයතනයේ NDT පාඨමාලවේ අතිශය දරුණු නවක වදයක් තිබුණි. එකල ජේෂ්ඨයන් විසින් සකසා දුන් සමුහ බෝඩිම් වල සිටි නවකයන්ට එලි වෙනතුරු නිරුවතින් වද හිංසා කල බව රහසක් නොවේ. ඊට විරුද්ධ වූ රසායනික ඉංජිනේරු තාක්ෂණ අංශයේ (ඍතුවක නමක් ඇති) කතිකාචර්ය වරයෙකුගේ "යුනිවර්සිට් ලොජ්" එකට පැන සිසුන් එය කුඩු පට්ටම් කළහ.

      2009 වනවිට නම් චීත්ත ගවුමින් සැරසුනු කොන්ඩ කරල් දෙක ගෙතු සිසුවියන් සහ සුදු කමිස සහ කළු කලිසමින් සැරසුනු සිසුන් NDT නවක වදයේ ප්‍රසිද්ධ රහස් සංකේතයක් විය. එහෙත් එළිමහනේ ශාරීරික වද පෙනුනේ නැත. ඒවා සිසු වුනේ සමුහ බෝඩිම් තුලයි.

      එකල B.Sc ඉංජිනේරු සිසුන් අතර තිබුනේ නවක වදය නොව දකුණ-කොළඹ ලෙස මරා ගැනීමයි.

      Padam
    4. B.Sc ඉංජිනේරු සිසුන් සමහර අය සති අන්තයේ CIMA පන්ති ගියහ.

      සතියේ දවස් වල නිදහස් අධ්‍යාපනය සුරකින්නට රෑ එළිවෙනතුරු අන්තරේ පෝස්ටර් ගැසූ NDT සිසුන් සති අන්තයේදී එක්සත් රාජධානියේ ඉංජිනේරු ආයතනයේ සුදුසුකම් ගැනීමට City & Guilds විභාගයට පන්ති ගියහ. :D

      Padam
  3. ඩොක්ටර්, දැන් කොහොමද විචාරක මහතාට? ලගදි ඔහුට කෝල් කරේ නැද්ද? මොකක්ද ඔහුට තියෙන අසනීපෙ? ඇයි තාම ඔහු ලියන්නේ නැත්තේ? ඔබ කලින් සදහන් කර තිබුනා ඔහුගේ ඊමේල් ලිපිනය. එයට ඊමේල් කරාට රිප්ලයි නැහැ.

    BalasPadam
    Balasan
    1. ඔහු ගෙන් ප්‍රතිචාරයක් නෑ තවමත් ලෙඩ ගනනේ වගේ

      Padam
    2. ඇයි මේ එක්කෙනෙක්වත් හරියට හොයලා බැලුවේ නැද්ද විචාරක මහතාට මොකද වෙලා තියෙන්නේ කියලා. හරියට විස්තරයක් කියන්නෙත් නෑ. ඊමේල් ඇඩ්රස් එකක් දුන්නා ඩොක්ටර්, එකට ඊමේල් කරා රිප්ලයි නෑ. එතුමාගේ බ්ලොග් එක කියවන අය අපි. ටෙලිෆෝන් නොම්බර් එකක් වත් නැද්ද? ගෙදර තියෙන්නේ කොහෙද කියලාවත් දන්නේ නෑනි. බලන්න යන්න. මනුස්සයෙක් ලෙඩක්, අසනීපයක් වෙලා ඉන්නවා නං ඒ ගැන හොයන්නේ බලන්නේ නැතුව ඉන්න පුලුවන්ද? මොකක්ද එහෙනම් අපේ තියෙන මනුෂ්‍යත්වය.

      Padam
    3. පුලුවන් කෙනක් බලනවද ඔහු ඉන්නේ කෑගල්ලේ

      Padam
    4. මම ඔහුට කථා කලා. දැනට සිටින්නේ අසනීපයෙන්. සුවපත් වෙන්න කියා ප්‍රාර්ථනා කරමු.

      Padam
  4. සමාජයේ සිටින ප්‍රගතිශීලී කොටසක් පවා මෙවැනි රැග් කිරීම් සිදු වන්නේ නැති බව කියමින් රැග් එක සාධාරණීකරණය කරන්නට හදනවා. රැග් එක සාධාරණීකරණය කරන්නට පාවිච්චි කරන්නේ තනිකරම ඊනියා සමාජවාදී අදහසුයි.

    BalasPadam
    Balasan
    1. මොවුන් සමාජගත නොවූ සමජවාදීන්

      Padam
  5. // Trans SylvaniaFebruary 23, 2017 at 8:25 AM

    උපුල් තමාගේ අතීත වැරදි පිලිගත්තොත් ඔහු මහත්මයෙක් ලෙස සලකන්න පුලුවන්. මම ඔහුට මේ ලිපිය යවලා කිව්වා ඔහුගේ පිලිතුර අපේක්‍ෂා කරමි කියලා. බලමු //


    රුවන්, ඔබ පේරාදෙනි උපකුලපති තැන්පත් උපුල් බී දිසානායක මහාචාර්ය තුමා ට ඔහු සිසුවෙක් ව හිටි කාලේ නවක වධය දුන්නාද කියා අසා යැවුවා කියා ලියා තිබුනා....

    එයට උත්තර තවම ලැබුනේ නැද්ද?

    BalasPadam
    Balasan
    1. // AnonymousMarch 2, 2017 at 11:58 PM

      සාරස, වෛද්‍ය රුවන් ජයතුංග එකල විමුක්ති කොටි සංවිධානයේ සාමාජිකයන්ට ප්‍රතිකාර කරන මුවාවෙන් පිළිකා සැදෙන විෂ එන්නත් කල බවට නැගෙන චෝදනා ගැන ඔබගේ අදහස කුමක්ද? //


      මගේ දැනුම අනුව කවුරුවත් එහෙම චෝදනාවක් නගා නැහැ....
      ඔබ කියන්නේ සිතින් මවාගත් දෙයක්...

      Padam
    2. මේ සාරසය කියන්නෙ ඩොකෙක්ද ?

      Padam
    3. රුවන්, ඔබ පේරාදෙනි උපකුලපති තැන්පත් උපුල් බී දිසානායක මහාචාර්ය තුමා ට ඔහු සිසුවෙක් ව හිටි කාලේ නවක වධය දුන්නාද කියා අසා යැවුවා කියා ලියා තිබුනා....

      එයට උත්තර තවම ලැබුනේ නැද්ද? /////// නැත ඔහු නිහඞයි

      Padam
    4. @ රොබට් සාරසා කියන්නේ ඩොකෙක්ද ? ඔව් ඩෙන්ටල් ඩොකෙක් නම කුමාර කළුආරච්චි. පෙත්සම් පප්පා. බෝතල් අඩි කන්නාඩි දාපු, කැහැටු, කොට, බකල් ගගහ ඇවිදින පොරක්. රෝයල් ගියා කියල කියල නයි ඇරිය​ට
      A /L වලට විතරක් ගිය ගමේ ඉස්කෝලෙක එකෙක් .තමන්ට ජාතක වෙච්ච දුවගේ බඩ උඩ නගින්ඩ හදපු පොරක්. ඒ නිසා කුමාර කළුආරච්චි ගේ වයිෆ් මිනිහව ඩිවෝස් කරලා ඕස්ට්‍රේලියාවට ගියා දුවත් අරගෙන.දැන් කුමාර කළුආරච්චි ගේ වයිෆ්ව තියාගෙන ඉන්නේ කලාවට ලැදි පොරක්

      Padam
    5. කෝ මං ඩොක්ටර් සාරස ගෙන් අහපු ප්‍රශ්නේ? ඒක අයින් කලේ ඇයි රුවන්? ලැජ්ජා නැද්ද?

      Padam
    6. නෑ ලැජ්ජා නෑ

      Padam

    7. @ සාරස, වෛද්‍ය රුවන් ජයතුංග එකල විමුක්ති කොටි සංවිධානයේ සාමාජිකයන්ට ප්‍රතිකාර කරන මුවාවෙන් පිළිකා සැදෙන විෂ එන්නත් කල බවට නැගෙන චෝදනා ගැන ඔබගේ අදහස කුමක්ද? ///// ඒ චෝදනාව ඇත්ත ෆොනී ගේ ඕඩර් පිට මම විද්දා. ප්‍රභාකරන් මැරුනම පස්සේ භාර වූ කොටි 500 කට විදලා මැරුවා. ඒකට බැන්කී මූන් මට විරුද්දව යූඑන් එකේ විභාගයක් පවත්වනවා

      Padam
    8. ඔය දීලා තියෙන්නේ උත්තරය

      Padam
  6. නවක වදයේ බිහිසුණු අතීත සෙවණැලි නොදුටු මොරටුව විවි පරිසරය තුළ (තවමත්) වර්තමානයේත් නවක වදය ගැන නැවතත් පුවත් මතුවෙමින් තිබේ. කණගාටුවට කරුණ එයට පක්ෂව මෙන්ම විපක්ෂව ද පිරිස් පෙනී සිටීමයි. ස්තූතියි මේ ගැන දැනවත් කලාට. මෙය https://www.facebook.com/groups/ScoutingBloggers/ පිටුවට ශේයා කරන්නෙමු.

    BalasPadam
    Balasan
    1. 1983 අනුරාධපුරයේ පැවතියේ ලෝක බාලදක්‍ෂ ජම්බෝරිය නොවේ 3වැනි ජාතික ජම්බෝරියයි (රජරට ජම්බෝරිය) ලෙස ද හැදින් වේ. වැඩි තොරතුරු මෙහි ඇත. https://www.facebook.com/photo.php?fbid=837436766374580&set=a.837401619711428.1073741976.100003247947404&type=3&theater

      Padam
  7. රූපා රත්නසීලි වගේ ඉස්මතු නොවුණු කතාවක්..

    BalasPadam
  8. table 21 කියලා හින්දි පිල්ම් එකක් තියනවා නවක වාදය ගැන ලස්සනයි බලන්න ..අන්තර් ජාලයේ ඇති

    BalasPadam
    Balasan
    1. කවුද බන් මෙතන හින්දි පිචෑර් බලන්නෙ ? මෙතන ඉන්නෙ ක්ලාස් බුවාල, හොලිවුඩ් තියෙනවානම් කියපන්....

      Padam
    2. රොබට් මම කියනවට බලන්නකෝ ඉංග්‍රීසි පිල්ම් එකක් වගේ ලස්සනයි ...ඒ චරිතේ අපි උනානම් අපිට එහම මුදලක් ලබුනම් අපි මොනවා කරයිද කියලා හිතාගෙන බලන්න

      Padam
  9. ඔබ අප නොදන්නා තවත් මෙවැනි බොහෝ සිදුවීම් දැන් වැළලී ගොස් ඇති. උගත් තරුණයන් ලෙස ඔවුන් එම අවස්ථාවලදී ගන්නා ලද තීන්දු තීරණ වල නිරවද්‍යභාවය කුමක් වුවද, වධකයන්ට දඩුවම් දීමට හෝ අදාල කරුණු ලියා වත් තැබුවානම් සමාජයට එම කරුණු හා වගකිවයුත්තන් හෙළිදරවු කර ගත හැකිව තිබුණි. මෙයට ඔබ හා තවත් කතුවරුන් කතිකාවතක් ගොඩ නැගුවද, "සමයං " වැනි අපරාධකරුවන්ගේ ලේබල අලවා, පිළිල ලෙස සමාජ ගත කෙරු, තවත් බොහෝ සත්‍යවාදී නීතිගරුක මහත්වරුන් පොලිසි තුලද ජීවිතය විදිමින් සිටි. එය නවක වදයට වඩා අමානුෂික හා මාරාන්තික ද වන බව පසක් කොට ඇත. එනයින් ගත් කල උදය ඉදුනිල් වී පහුරක ඇති එක් වී ඇටයකට සමානය. තවත් බොහෝ වී ඇට කාලයත් සමග වියැකී ගොස් ඇති.

    BalasPadam
    Balasan
    1. උදය ඉදුනිල් වී පහුරක ඇති එක් වී ඇටයකට සමානය. තවත් බොහෝ වී ඇට කාලයත් සමග වියැකී ගොස් ඇති////// ++++++++++

      Padam
  10. @ රොබට් සාරසා කියන්නේ ඩොකෙක්ද ? ඔව් ඩෙන්ටල් ඩොකෙක් නම කුමාර කළුආරච්චි. පෙත්සම් පප්පා. බෝතල් අඩි කන්නාඩි දාපු, කැහැටු, කොට, බකල් ගගහ ඇවිදින පොරක්. රෝයල් ගියා කියල කියල නයි ඇරිය​ට
    A /L වලට විතරක් ගිය ගමේ ඉස්කෝලෙක එකෙක් .තමන්ට ජාතක වෙච්ච දුවගේ බඩ උඩ නගින්ඩ හදපු පොරක්. ඒ නිසා කුමාර කළුආරච්චි ගේ වයිෆ් මිනිහව ඩිවෝස් කරලා ඕස්ට්‍රේලියාවට ගියා දුවත් අරගෙන.දැන් කුමාර කළුආරච්චි ගේ වයිෆ්ව තියාගෙන ඉන්නේ කලාවට ලැදි පොරක්

    BalasPadam
    Balasan
    1. මහත්මයා කුමාර කළුආරච්චි සමග ඔබට තිබෙන ආරෝව වෙන තැනකදී විසඳ ගත්තොත් හොඳයි

      Padam
    2. මහත්මියක් වගේ මටනම් හිතෙන්නේ ...ලිද ලග සංගමයේ හොද සමජිකාවක්

      Padam
  11. මමත් කලකට් පෙර මොරටුව සරසවියේ හිටියා. වාසනාවකට වගේ ඒ කාලයේ නවක වදය පොඩ්ඩක් අඩු වෙලයි තිබුනේ, ඒත් විහිලුවකින් එහා ගිය මොකක්දෝ අප්‍රසන්න ගඳක් මට ඒ නවක වදයේ හැම තැනකින්ම දැනුනා. ඒකේ හීනමානය, පරපීඩාව, මහන්තත්වය, වගේ දේවල් ගොඩක් තියනවා. මම ඊලඟ වසර 3 ම පුලු පුලුවන් විදියට කවුරු හරි රැග් එකෙන් බේරගත්තා. බස් එකක තනියෙන් ෆ්‍රෙශෙක් හම්බ උනාම හොඳාට කතා කළා. මම හිතන්නේ ලංකාවේ සමාජය තුල ලොකුවටම තියන මුදුනා වීමේ මානසිකත්වය මෙතන ලොකුවටම තියනවා. කොච්චර අහිංසක වගේ පෙනුනත් රැග් එක හැමෝටම දැනෙන්නෙ එක විදියට නෙවෙයි. සමහරුන්ට් ඒක ලොකුවටම දැනෙනවා. අනිත් අයගේ ජීවිත වල වගකීම බාර ගන්න බැරි නම් ඒ ජීවිත එක්ක සෙල්ලම් කරන්නේ ඇයිද කියලා මටනම් තේරෙන්නෑ. මම ඉඳුනිල්ව දන්නෙ නැති වුනත් මෙතනින් වත් අඳුනගත්තා. ඒක ලොකු දෙයක්. මගෙ කඳුලු බින්දුවත් එක්ක මීට වඩා හොඳ මිනිස්සු එක්ක ජීවිතේ බෙදා ගන්න පුලුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

    මේ වගේ මතක මැරෙන්න දෙන්න එපා !

    BalasPadam
    Balasan
    1. මට ඉඳුනිල් ගේ බැචාලා කීප දෙනෙක් හඳුන්වලා දෙන්න පුලුවන් ද ?

      Padam
  12. නවක වදය සම්බන්ධ කතාවක් තියනවා. ඒක ලිව්වට පස්සේ රුවන්ගේ අදහසත් බලාපොරොත්තු වෙනවා. දැන් කාලෙක ඉඳන් හිතේ තියනව ඒක ලියන්න. මොකද මට දැන ගන්න එහම වෙන්න පුලුවන්ද කියල.

    BalasPadam
  13. අැත්තටම ඉදුනිතල් යනු අමුතුම චරිතයක් හිමි සාමාන්‍ය මිනිසෙකි.ඒක ඔහු ලියා තිබූ අවසන් ලිපියෙන් පැහැදිලි වුනා .ඒතනදි සංවාද ගතවුයේ ඔය තියන දේ නොව නවක වදයට ම්‍ුන දෙන්න බැරි බාල දක්ෂයා කවුද බන් යන්න ඔහු මටම පැවසුවා.ඒකල මමත් බාලදක්ෂයෙක්..නමුත් ඒයට ඒහා ගිය කරුනු තිබියෙදී නවක වදය මෙිකට ගෑවුනේ මොකටද?කියන ඒක ගැටළුවත් ඒක හේතුවක් පමනයි.තව හේතු බොහොමයි...

    BalasPadam
    Balasan
    1. ඒවා ඔබට සඳහන් කල හැකිද ?

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook