Selasa, 21 Mac 2017

මා ඔහුව පණපිටින් මිහිදන් කලේද?


ස්නයිපර් වෙඩි පහරකින් තම සෙබල සගයා මරණයට පත්වනු දුටු D 26  සෙබලාට දැඩි අනුකම්පාවක් පහල විය. ඔහුගේ සිරුර ආපසු ගෙනඒමේ කිසිම ක‍්‍රමයක් භට කණ්ඩායමට නොවීය. සෙබලාගේ මරණය සහතික වු පසුව ඔහුව වළලා දමන ලෙසට D 26 ට අණ ලැබින. තම මිතුරාගේ සිරුර ස්පර්ශ කළ ඔහුට, මියගිය මිතුරාගේ සිරුර උණුසුම් බවක් දැනුනි. සමහරවිට උතුරේ පවත්නා දැඩි උෂ්ණත්වය නිසා වන්නට ඇත. දුක, ශෝකය මැද්දේම D 26 ක් වලක් කපා තම මිතුරාගේ දේහය මිහිදන් කළේය. පසුව ඔවුහු  ඕමන්තේ බලා ගමන් කළහ. දින කිහියකට පසුව තම මිතුරාව පණපිටින් මිහිදන් කළේය යන ආතර්තික හා වරදකාරී හැගීමක් D 26 ට ඇති විය. ඔහු මෙම වේදනාත්මක හැගීම බොහෝ කල් යනතෙක් යටපත් කොටගෙන සිටියේය. ක‍්‍රමයෙන් එය අසහනකාරී සිතුවිල්ලක් බවට පත්ව, තවදුරටත් ඔහුට දරාගත නොහැකි විය. 2003 වසරේදී දිවිරැුක ගැනීමෙ ්වරදකාරී හැඟිමකුත් සමගම දැඩි විෂාදී ප‍්‍රතික‍්‍රියා දැක්විය. මිත‍්‍රශිලි හා චිකිත්සක මැදිහත්වීමක් සහිතව තර්කානුකුල නොවූ හා සාධාරන නොවූ අදහස් එකට මුණගස්වන ලද තාර්කික සංවේදි චිකිත්සාව Rational Emotive Therapy ඔහුට ලබා දෙන ලදී. චිකිත්සාවට මුහුණ දීමෙන් පසුව D 26සෙබලා දිගු කාලයක් දරාගෙන සිටි කලකිරිම් සහිත මානසික බරෙන් නිදහස් වූයේය.
(ඊලාම් යුද්ධය හා සොල්දාදුවන්ගේ මානසික සෞඛ්‍යය)

5 ulasan:

  1. මටත් තියනවා පණපිටින් වැලෙලෙන්ඩ වුනොත් කියන භීතිකාව. එඩ්ගාර් ඇලන් පෝ කෙටි කතාවකුත් ලියලා තියනවා ඔය භීතිකාව සම්බන්ධයෙන්..

    තමන් කෙනෙක්ව පණපිටින් වැලලුවා කියන එක විස්තර කරන්න අමාරු තරම් මානසික ඝට්ටනයක් ඇති කරයි තමයි...

    BalasPadam
    Balasan
    1. මම කොලොන්ගොඩ රෝහලේ අඩි 29 ක ලිඳක් කැපුවා ; අන්තිම දවසේ අඩි 29 යට ඉන්නක් කොට හිතුනා පස් කණ්ඩියක් කඩාගෙන වැටුනොත් පණපිටින් වැලෙලෙන්ඩ වෙයි කියලා

      Padam
  2. එම්බාම් එන්න පෙර මළ සිරුරු වළලන විට උඩින් සීනුවක් සවි කර ලණුව පෙට්ටිය ඇතුලට දානවා නේද?

    BalasPadam
    Balasan
    1. ඕක The Great Train Robbery ෆිල්ම් එකේ තිබුනා නේද

      Padam
  3. එම යුද්ධයට මැදි වූ බොහෝ අයට පසු කළෙක මෙවැනි ප්‍රශ්න තිබුනා. නමුත් හරි මැදිහත් වීමක් ලැබුනා ද සැක සහිතයි. අපි සේවය කළ පශ්චාත් යුද සමයේ ඇතැම් සොල්දාදුවන් දිවි නසා ගැනීමට තැත් කර තිබුනා මොවුන් බොහෝමයක් තරුණ පිරිස්, හේතුව, පාරවල් හදන්නයි ගඩොල් කපන්නයි සිදු වීම.

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook