Rabu, 8 Mac 2017

සයිටම් අර්බුධය: යහපත් විසඳුමක් නැද්ද​?



සයිටම් ආයතනයට පක්‍ෂව කතා කරහොත් සයිටම් විරෝධීන් ගේ ප්‍රහාර වලට ලක් වීමට සිදුවේ. සයිටම් ආයතනයට විරුද්ධව කතා කල හොත් සයිටම්වාදීන් ඇඟට එති. 2013 වසරේ කථිකාචාර්‍ය නවරත්න බණ්ඩා මහතා ගේ මූලිකත්වයෙන් ලියන ලද මෙම ලිපිය කියවූ පසු මට සිතුනේ සයිටම් විරෝධීන් සහ සයිටම්වාදීන් එකිනෙකා ගහ මරා ගන්නේ නැතිව එකිනෙකාට උපකාර කරගෙන තම තමන් ගේ ප්‍රමිතිය ඉහල නග්වා ගත්තේ නම් රටට කොතරම් හොඳද කියාය​. සයිටම් ආයතනයේ සම්පත් රාජ්‍ය විවි වලටද රාජ්‍ය විවි වල සම්පත් සයිටම් ආයතනයටද ලැබෙන පරිදි බෙදා හදා ගැනීමෙන් මෙය කලොත් නරකද ?

මෙන්න ඒ ලිපිය :
 http://www.srilankaguardian.org/2013/12/sri-lankan-universities-falling-apart.html

12 ulasan:

  1. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට විරුද්ධ අයගේ විශේෂ ලක්ෂණය තමයි ඔවුන් තනිකරම සිංහල වීම.
    යම් හේතුවක් නිසා ඔවුන්ගේ බලපෑම මත සයිටම් වැහුවොත් එය මහ ජාතියේ මතය බලහත්කාරයෙන් සුළු ජාතිය මත පැටවීමක් වෙනවා.
    ඒක හොඳනෑනේ, ඒ හින්ද මම සයිටම් වලට පක්ෂයි.
    ඒ නිසා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට විරුද්ධ අයට පුළුවන්නම් ඔය පෙළපාලි වලට දෙමළ කොල්ලෝ සෙට් එකකුත් හවුල් කරගෙන පෙන්වන්න.

    BalasPadam
    Balasan
    1. මුස්ලිම් දෙමල තරුණයෝ අන්තරේ පස්සේ , බටහිර විද්‍යාව බොරුවක් කියන නලීන් සිල්වලාගේ පස්සේ යන්නේ නෑ. සිංහල තරුනයෝ අන්තරේ පස්සේ නලීන් සිල්වලාගේ පස්සේ ගිහින් අනාත වෙනවා . ඒ අතර තුර මුස්ලිම් දෙමල තරුණයෝ ස්කිල් ඩිවලොප් කරගෙන ඉංග්‍රීසි ඉගන ගෙන පෙරට එනවා. ඉන් පස්සේ මේ සිංහල තරුනයෝ කරන්නේ සිංහලේ ස්ටිකර් ගහගෙන උඩ බලාගෙන ඉන්න එක

      Padam
    2. නලීන් ද සිල්වා ඕකට පක්ෂයි. එයා පස්සේ ගියා කියලා සිංහලයන්ට පාඩුවක් වෙන්නේ නෑ හරිද?

      Padam
  2. මමත් සයිටම් වලට පක්ෂයි...

    අනුන්ගේ ප්‍රමිතිය ගැන කතා කරන්න උන්ට තියන ප්‍රමිතිය මොකක් ද ? මම දන්න රෝගී කාන්තාවක්ව සැත්කමෙන් පැය හතරකට පස්සේ ඇයව ඇ‍ඳෙන් අයින් කරලා කොරිඩෝර් එකේ පු‍ටුවක වාඩි කරවලා තිබ්බා..උන්ගේ මොකක්ද වැඩසටහනකට ඇඳ අවශ්‍යයි කියලා.. ඔය අති සුපිරි ප්‍රමිතියේ අති විශේෂ ලක්ෂණ වෙන්ඩ ඇති...

    BalasPadam
  3. එහෙම කරගන්නවා නම් කොච්චර හොඳද....එතකොට ඡන්ද ගොඩ බෙදාගන්නේ කොහොමද?

    BalasPadam
  4. මමත් සයිටම් එකට පක්ෂයි ඩොක්ට. හැබැයි ඕකට යන්න ඕනි කළු සල්ලි හොයපු දේශපාලකයෝන්ගේ රාජ්‍ය සේවයේ සාමාන්‍ය පෙළ විතරක් සමත් මැටි හරක් දරුවො ටික නෙමෙයි.

    පසුව ගෙවන්න හෝ ඇත්තටම වයිද්‍ය විද්‍යාව ඉගෙනීමට කැමති දුප්පත් ඒත් සුදුසු කම් ඇති දරුවන්ය.

    වෙන්නේත් නැත්තේ ඕකය.

    කොහොමත් මේ සීන් එකත් 2020 විතර වෙනකං ඇදගෙන යයි වගේ. මොකද ඉතිං සන්වර්දනයක් කොරගන්න බැරි උන එකේ ඊළඟ චන්දයට කියන්නත් දෙයක් තියෙන්න එපැයි නේද ඩොක්ට..

    🤣🤣😂😂😂😜

    BalasPadam
    Balasan
    1. රනිල් සහ සිරිසේන තම බැරියාව වහගෙන ඉන්නේ සයිටම් එක පෙන්න ගෙන

      Padam
  5. ලංකාවෙ සල්ලිකාරයන්ට තමන්ගෙ දරුවො පිටරට ඇරල ඩොකාල කරන්න පුළුවන් එකේ, සයිටම් වහලා, ඒක නවත්වනවා කියන්නෙ නිකන් බොරු සටනක්. වෙන්න ඕනෙ ප්‍රමිතිය හැදීම, හැබැයි ලංකාවෙ රජරට වගේ මේඩිකල් ෆැකල්ටියක සයිටම් තරමවත් ප්‍රමිතියක් නැති බව තමයි දන්න අය කියන්නෙ. ඔය ආණ්ඩුවෙ මෙඩිකල් ෆැකල්ටිවලත්, පිටරට පාසැල් අධ්‍යාපනය ලැබූ ලාංකිකයන්ට සීමිත අවස්ථාවක් දෙනවා සල්ලි ගෙවලා ඉගෙන ගන්න. මේ අය ගොඩක් වෙලාවට බැච් එකටම දෙතුන් දෙනෙක් වගේ. හැබැයි ප්‍රශ්නෙ, මේ අය එක්ක අනිත් කිසිම ළමයෙක් කතා කරන්නෙ නෑ, ඔවුන්ව කොන්කරල තියෙන්නෙ. පාඩම් කරන කොටත් මේ අය වෙනම කරන්නෙ. කොටින්ම ඔවුන්ට සමහර වැඩවලට එලියට යන්න දෙන ෆැකල්ටි බස් එක ගන්නත් තහනම්. මට මේක කිව්වෙ ඥාති ඉගෙන ගන්න ළමයෙක්. ඒ ළමයා හැදිලා වැඩිලා තියෙන්නෙ මැද පෙරදිග රටක. අපි පිරට ඉගෙන ගන්න කාලෙ, අපිට කොච්චර උදව් කළාද මේ රටවල අය. ඒ අතින් ලංකාවෙ ඉන්නෙ අන්තිම කුහක ජරා යක්කු ටිකක්. ලංකාව වගේ රටක ඉපදිච්ච එකත් කාළකණ්නිකමක්.

    BalasPadam
    Balasan
    1. ලංකාවෙ ඉන්නෙ අන්තිම කුහක ජරා යක්කු ටිකක් ///// athha

      Padam
    2. 👊🏽👊🏽👊🏽👊🏽👊🏽....👍🏽👍🏽👍🏽

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook