Isnin, 6 Mac 2017

පොත් හා විජේවීර ; පැරා ගේ ලිපියට එකතු කිරීමක්




(මෙය අජිත් පැරකුම් ජයසිංහ ගේ ලිපියට එකතු කිරීමක් ලෙස ලියන ලද්දකි. අජිත් පැරකුම් ජයසිංහ ගේ ලිපියට මෙතැනින්  http://www.w3lanka.com/2017/03/blog-post_6.html) 

විජේවීර ලෙනින් ගේ කෘති සියල්ලම රුසියන් බසින් කියවලා තිබෙනවා කියා සිතන්න අපහසුයි. ඔහු සමහර විට ලෙනින් ගේ යම් යම් ලියවිලි අරගෙන එතනට අමිර්තලිංග , ශන්මුගදාසන් වගේ නම් ඔබ්බලා ස්වතන්ත්‍ර කොට තම බැතිමතුන් පුදුම කිරීම සඳහා ඉදිරිපත් කලා කියා ඔහුගේ හිටපු ගෝලයෝ කියනවා. 

71 දී හිරේ ඉන්න විට විජේවීර සහ අනුගාමිකයන්ට සාකච්ඡා පවත්වන්න යම් ප්‍රමාණයකට ජෝඩ්න් පප්පා ඉඩ දුන්නා. විජේවීර මේ සාකච්ඡා වලට ඒමට පෙර ස්පිනෝසාගේ කෘතියක යම් ප්‍රකාශයක් කියවගෙන ඇවිල්ලා සාකච්ඡාව ආරම්භයේදීම පඞි වදනක් ලෙස කියනවා. මේ පොත විජේවීර කාටවත් පෙන්නන්නේ නෑ. එය ඔහුගේ සෙල් එකේ මෙට්ටය යට තියාගෙන හොරෙන් බලාගෙන තමයි මෙය කරන්නේ. 

මේක  බුලට් මහින්ද දැක්කා. බුලට් මහින්ද කලේ වරක් සාකච්ඡාවට කලින් ස්පිනෝසාගේ කෘතිය මෙට්ටය අස්සෙන් උස්සපු එක​. එදා විජේවීර පඞි වදනක් කියා ගන්න බැරුව තෙපලුවාළු. මේක මට කිව්වේ බුලට් මහින්ද. 

විජේවීර ඩාස් කැපිටාල් එක  සම්පූර්ණයෙන්ම කියවා නැති බවත් ඔහුට මාක්ස්වාදය ගැන ගැඹුරු දැණුමක් නොතිබුනු බවත් බාහු සහ විරාජ් ප්‍රනාන්දු මගේ 71 පොතට දුන් සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රකාශ කලා. 


18 ulasan:

  1. හොඳින් පොත් කියවා ඇති අයෙකු හඳුනා ගත හැකි ලක්‍ෂණයක් තමයි ඔහු හෝ ඇය ලිපි ලේඛන පොත් පත් ලියා තිබීම. නැතිනම් පොත් කියවීමයි, ටෙලිවිෂන් බැලීමයි අතර ලොකු වෙනසක් නෑ!

    BalasPadam
  2. හැමෝම පොදු මහජනයාට පොත පෙරලලා තමයි තියෙන්නේ.

    BalasPadam
  3. W.A. silva, She පොතට කළෙත් ඔය ටිකම තමා ලු...

    විජේවීර පොත් පෙරලලා තමා ආණ්ඩු පෙරලන්න හදලා තියෙන්නේ...

    බුලට් මහින්ද කියන්නේ, මහින්ද විජේසේකර ද ?

    BalasPadam
    Balasan
    1. බුලට් මහින්ද කියන්නේ, මහින්ද විජේසේකර නොවෙයි මහින්ද ජයවර්ධන

      Padam
  4. බොරවෙලා දියවෙලා ගලනවා ඔහෙ කානුවේ..
    හොදත් නෑ නරකකුත් නෑ මුකුත් නෑ මේ ජීවිතේ..[.ලිපියේ ]

    BalasPadam
  5. ඔයාගේ 1988 - 1989 කාලයේ අත්දැකීම් බෙදා ගන්ට කැමති නැද්ද???

    BalasPadam
  6. විජේවීරට මාක්ස්වාදය පිළිඹඳ දැනීමක් තිබුනාද නැද්ද කියන්න මම දන්නේ නැහැ. නමුත් වේදිකාවල පොතක් නොබලා කතා පවත්වපු කථිකයෙකුට හදිස්සියේ ඔය කියන විදියට ඔය කියන පොත නැති වුන ගමන් හැමදාම කියවන තාලෙ පඩි වදනක් මොහොතකට කියවාගන්න බැරිව හිර උනාය කියන එකනම් කොමන් සෙන්ස් එකක් තියෙන කෙනෙකුට විශ්වාස කරන්න අමාරුයි නේද​?
    ඔබතුමා විජේවීරට ඒ තරම් කැමැත්තක් නැති කෙනෙක් බවයි පෙනෙන්නෙ. වරදවා හිතන්න එපා, මම විජේවීරට කඩේ යන කෙනෙකුත් නෙමෙයි

    BalasPadam
    Balasan
    1. මේක මට කිව්වේ ඒ පොත විහිලුවට උස්සපු බුලට් මහින් ද 2009 දී / විජේවීර කරපු මරි වැඩ මම ලියල තියනවා නමුත් ඔහු සමග තරහක් නෑ ; මම පරාවර්තනය කරන්නේ ඇත්ත

      Padam
  7. මරි වැඩ ගැන කියන එක හොදයි, ඒ මගින් මිනිස්සු කවුද කියලා යම් අදහසක් ගන්න පුලුවන්, ඒක විජේවීරට පමණක් සීමා කරන්න එපා. ඔබතුමා පරිවර්තනය කරන හැම දේම ඇත්තය කියන නිගමනයට එන්න යම් කිසි ක්‍රමයක් තියෙනවද​? විජේවීර බොරුවක් කලා වෙන්නත් පුලුවන්, හෝ ඔබතුමාට ඒ ගැන කියන බුලට් මහින්ද 100% ඇත්ත නොකියනවා වෙන්නත් පුලුවන්.

    BalasPadam
    Balasan
    1. ඇත්ත යනු සාපේක්‍ෂයි නේද ?

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook